Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලි ගාස්තු අඩුකිරීමේ තීරණය දෙවැනි දිනටත් කල්යයි
    Featured

    විදුලි ගාස්තු අඩුකිරීමේ තීරණය දෙවැනි දිනටත් කල්යයි

    By LFNMarch 2, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජිත විදුලි ගාස්තු අඩුකිරීමට අදාළව මහජන උපයෝගිතා කොමිසම සමඟ පැවති සාකච්ඡා ඊයේ (01) දෙවැනි දිනටත් විසඳුමකින් තොරව අවසන්වී තිබේ.

    මණ්ඩලය ඊට අදාළ දත්ත ප්‍රමාණවත් පරිදි ලබා නොදීම හේතුවෙන් මේ තත්ත්වය නිර්මාණය වූ බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

    මෙලෙස කල්යමින් තිබෙන්නේ මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ විදුලි ගාස්තු සංශෝධනයයි.

    මාස තුනකට වරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ රජයේ නව ප්‍රතිපත්තිය අනුව 2023 වසරේ අවස්ථා 3කදී විදුලි ගාස්තු සංශෝධනය කෙරුණි.

    ඒ අනුව පෙබරවාරි 15 ගාස්තු වැඩිකිරීමකට, ජුලි 01 ගාස්තු අඩුකිරීමකට සහ ඔක්තෝබර් 20 නැවතත් ගාස්තු වැඩිකිරීමකට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන්නේය.

    අවසන් සංශෝධනය කළ ඔක්තෝබර් මාසයේ ගෘහස්ථ කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව ඉහළ නැංවුණේ සියයට 18 ක ප්‍රතිශතයකිනි.

    කෙසේ වෙතත් යහපත් ජල විදුලි ධාරිතාව සහ ලාභදායි තත්ත්වය සැලකිල්ලට ගනිමින් විදුලි ගාස්තු අඩුකිරීමට මණ්ඩලය මෙවර යෝජනාවක් ඉදිරිපත් කළත්, ඔවුන්ගේ දත්තවල සඳහන් වියදම් තවදුරටත් කප්පාදු කර නැවත වාර්තාවක් ලබාදෙන ලෙස උපයෝගිතා කොමිසම දැනුම්දී තිබිණි.

    ලංකා විදුලි බල මණ්ඩලය නිකුත් කළ අතුරු මූල්‍ය වාර්තාවේ දැක්වුණේ 2023 අවසන් මාස 3 තුළ මණ්ඩලය රුපියල් බිලියන 156.2ක ආදායමක් උපයා රුපියල් බිලියන 77.9ක ‘බදු පසු ලාභයක්’ වාර්තා කර ඇති බවය.

    ඒ අනුව විදුලි ගාස්තු අඩුකිරීමට අදාළ සංශෝධිත යෝජනාව මණ්ඩලය පෙබරවාරි 22 වැනිදා මහජන උපයෝගිතා කොමිසමට භාරදුන් අතර ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊයේ දින එහි නිලධාරීන්ව කොමිසමට කැඳවා තිබිණි.

    පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා පැවති නමුත් විදුලි ගාස්තු අඩුකිරීමේ යෝජනාව පිළිබඳ අවසන් තීරණයකින් තොරව සාකච්ඡා අවසන් වී තිබේ.

    මණ්ඩලය ඊට අදාළ දත්ත ප්‍රමාණවත් පරිදි ලබා නොදීම හේතුවෙන් මේ තත්ත්වය නිර්මාණය වූ බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

    මෙලෙස දෙවැනි දිනටත් කල් ගියේ මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ විදුලි ගාස්තු සංශෝධනයයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.