Author: LFN
ඉකුත් වසරේ මාර්තු 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ ව මැතිවරණ කොමිසම අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීම ආරම්භ කළේය. අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළේය. පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වෙයි. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පැෆ්රල් සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින්…
දකුණු කොරියාවේ කෘෂි කාර්මික අංශයේ රැකියා සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරයි. කොරියානු කෘෂි කාර්මික අංශයේ රැකියා සදහා වන වීසා බලපත්‍ර ලබාදෙන බව පවසමින් විවිධ ජාවාරම්කරුවන් ගෙන යන අසත්‍ය ප්‍රචාරයන්ට හසුවී ඔවුන්ට මුදල් ලබා නොදෙන ලෙසටත් අමාත්‍යාංශය අවධාරණය කරයි. කෘෂි කාර්මික රැකියා සම්බන්ධයෙන් දකුණු කොරියාවේ පාර්ශවයන් රැසක් සමඟ සාකච්ඡා කළද තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් ගිවිසුමකට එළැඹ නොමැති බවත් මෙම තත්ත්වය හමුවේ කෘෂි කාර්මික ක්ෂේත්‍රය සඳහා ශ්‍රමිකයින් යොමු කිරීම ප්‍රමාද වී ඇති බවද අමාත්‍යාංශය පවසයි. දකුණු කොරියාවේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා කඩිනමින් උදාකරදීමට හැකි සෑම උත්සහයක්ම දරණ බවද විදේශ සේවා…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවය. මේ අතර උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) නිකුත් කර තිබුණි. එම නිවේදනය බස්නාහිර සහ දකුණු පළාත්වල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ මට්ටමකට එනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර වැඩබිම්ව තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ, නිවෙස් තුළ…
දිනකට බොර බැරල් මිලියන 2.2ක ස්වෙච්ඡා, නිෂ්පාදන කප්පාදුවක් සඳහා ඔපෙක් ප්ලස් සාමාජික රටවල් එකඟවීමත් සමග ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වසරේ දෙවැනි කාර්තුව දක්වා එම නිෂ්පාදන කප්පාදුව ක්‍රියාත්මක කරන්න ඔපෙක් ප්ලස් සාමාජිකයන් එකඟ වී තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83යි ශත 83 දක්වා ඉහළ ගොස් තිබූ අතර අමෙරිකානුු WTI බොර තෙල් බැරලයක මිල සටහන් වී ඇත්තේ ඩොලර් 80යි ශත 17ක් ලෙසිනි. ගෝලීය වෙළෙඳපොළේ තෙල් සැපයුම ඉහළයාම සහ ලෝක ආර්ථිකයේ මන්දගාමී බව හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ යාමේ ප්‍රවණතාවක් පසුගිය කාලයේදී දක්නට ලැබුණි. එහෙත් මේ නව…
හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ අද (04) දහවල් සිදුවු වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණි. සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයා සහ ඔහුගේ ගෝලයෙකු ගමන් කරමින් සිටි කැබ් රථයකට එලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. වෙඩිවැදීමෙන් කැබ් රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා රෝහල්ගත කර ඇති අතර, එහිදී එක් අයෙක් මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, 31 හැවිරිදි නිරිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මන්නා රොෂාන්ගේ සහෝදරයාය. පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
කොළඹ , නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි රැකියා නියෝජිත ආයතනයක් , රුසියාවේ සහ එහි හමුදාවේ සිවිල් රැකියා සදහා ලබා දෙන බව පවසා , රුසියාවට යොමු කළ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු , එරට හමුදා සේවයට බදවා ගැනීමට තැත් කිරීමේ ප්‍රයත්නයක් වළකා ගෙන , ඉන් මිදී අද(03) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ . ඔවුන් අතර ගම්පහ , මහනුවර , ගම්පොළ , රුවන්වැල්ල , ගාල්ල , මාතර , අකුරැස්ස යන ප්‍රදේශ වල පදිංචි හාඩ්වෙයාර් වල සේවයේ නිරත පුද්ගලයන් රබර් කිරි කපන පුද්ගලයන් මෙන්ම ශ්‍රී ලංකාවේ හමුදා සේවයේ නිරත වී සිටි පුද්ගලයන් ද සිටියහ . මොවුන් මෙම සිදුවීම නිසා බියට පත් වී සිටි අතර…
කෝටි 10 කට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක කිරිබත්ගොඩ සහ කටුනායක යන පොලිස් වසම් තුළදී අද (3) අත්අඩංගුවට ගත් බව පොලිසි විශේෂ කාර්ය බළකාය පවසයි. මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ඩුබායි නිපුන නැමැත්තා විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය ජාවාරම් කිරීම සදහා මෙරට පුද්ගලයකුට ලබාදී ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි. මෙම මත්ද්‍රව්‍ය චොකලට් අසුරනවල සගවා ඇලෙවිකිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල බන්ධනාගාරයෙන් යළි මොළේ උණ වැළඳුණු රෝගියෙකු හඳුනාගෙන තිබේ. බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පැවසුවේ, අදාළ රෝගියා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව ය. පසුගිය 19 වැනිදා බන්ධනාගාරගත වූ රැඳවියෙකු මෙලෙස රෝගී වී ඇති බව සඳහන්ය. ඔහුගේ තත්ත්වය බරපතළ නොවන අතර බන්ධනාගාරය තුළින් වෙනත් මොළේ උණ රෝගීන් මෙතෙක් හඳුනාගෙන නොමැති බව ද වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පැවසීය. පසුගිය කාලයේ ගාල්ල බන්ධනාගාරයෙන් මොළේ උණ රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වූ අතර එහිදී රෝගීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. කෙසේ වෙතත් රෝගය පාලනය කිරීම සඳහා බන්ධනාගාර සෞඛ්‍ය අංශ විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය…
මෝටර් රථ කුලී පදනම මත ලබාගෙන ඒවා කැබලි කරන ජාවාරම්කරුවන් පිළිබඳව තොරතුරු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව, එම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු එම කොඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඉකුත් අගෝස්තු මස 05 වනදා පුද්ගලයන් දෙදෙනෙකු විසින් කුලී මෝටර් රථයක රියදුරුට මත්වන්නට යමක් දී ගිනිඅවියක් පෙන්වා බියගන්වා මෝටර් රථයක් හඳපාන්ගොඩ ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් තිබුණි. ඒ පිළිබඳව විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට පැවරුණේ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදිය. එහිදී අනාවරණය වුණේ කඩවත ප්‍රදේශයේදී කුලී රථ සපයන ස්ථානයකින් අදාළ මෝටර් රථය සැකකරුවන් දෙදෙනා ලබාගෙන ඇති බවය. අනතුරුව එහි රියදුරුට එම ප්‍රදේශයේ වූ සුපිරි වෙළෙඳසැලකින් මිලදීගත් කිරි බෝතලයක් ලබාදී ඇත්තේ මත්වීමට යමක් එක්…
බස්නාහිර පළාතේ රජයේ පාසල් වාර විභාගය අත්හිටුවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ ඉදිරියේදී පැවැත්වීමට නියමිත විෂයන් වන ගණිතය සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර දෙක ද පිටවී තිබීම හේතුවෙනි. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවය.