Author: LFN

රුපියල් බිලියන 160 කට වැඩි හිඟ බදු මුදල් මාස හයක කාලයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් එසේ නොකොළහොත් බැංකු ගිණුම් සහ දේපළ අත්පත් කර ගැනීමට සිදුවන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමාගම් 1000 ආසන්න ප්‍රමාණයකට දැනුම් දී තිබෙන බව කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය. පසුගිය වසර අවසන් වනවිට එම සමාගම් ගෙවීමට තිබූ හිඟ බදු මුදල් සම්බන්ධයෙන් මෙම දැනුම් දීම සිදුකළ බවත් ඒ සඳහා කාලය දීර්ඝ කිරීමක් ලබා නොදෙන බවත් කොමසාරිස් ජනරාල්වරිය පැවැසුවාය. මෙම දැනුම් දීම සම්බන්ධයෙන් දැනටමත් ඇතැම් සමාගම් ප්‍රතිචාර දක්වා තිබෙන බවත් දේපළ අත්පත් කර ගනිමින් හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා එම සමාගම් කැමැත්ත ලබාදී තිබෙන බවත්…

Read More

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසකගේ අදහසවී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග ජනාධිපතිවරයා විසින් කැඳවු සාකච්ඡාව සඳහා සහභාගී නොවීමට බව වාර්තා වෙයි. ඒ බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මතය නිල වශයෙන් දැනුම් දෙනු ඇති බව ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා සඳහන් කළේය. මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පසුගිය වර දිවයිනට පැමිණි අවස්ථාවේදී මෙන්ම මෙවරදී ද ඔවුන් විපක්ෂ නායකවරයා හමුවී සාකච්ඡා කරනු ඇති බව සඳහන් කළ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා එසේ නොමැතිව ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහාය පළ කරමින් ඔවුන් කැඳවන සාකච්ඡාවට සහභාගී වීමේ අපේක්ෂාවක් සිය පක්ෂයට නොමැති බව පෙන්වා දෙයි. ලබන 11 වනදා ජාත්‍යන්තර මුල්‍ය…

Read More

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති 3 වන 20-20 තරගය ලකුණු 28කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 2ට 1ක් ලෙස ඊයේ (09) ජය හිමිකර ගත්තේය. කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 174ක් රැස් කිරීමට සමත්විය. සිය 20-20 ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 55කදී ලකුණු 86ක් රැස් කළේ හයේ පහර 6ක් සහ හතරේ පහර 6ක් සමගිනි. නායක වනිඳු හසරංග ලකුණු 15ක් සහ දසුන් ශානක නොදැවී ලකුණු 19ක් රැස් කළේය. ලකුණු 175ක ඉලක්යක් හඹාගිය බංග්ලාදේශ පිලේ මුල් කඩුලු 4 ලකුණු 15ක් තුළ දවා ගැනිමට ශ්‍රී ලංකා පන්දු…

Read More

ජාඇළ, දඬුගම, බස්වත්ත ප්‍රදේශයේ දී ඊයේ (09) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබේ. ඉන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. ඊයේ රාත්‍රී 6.30 – 7.30 අතර කාලයේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබේ. වෙඩි ප්‍රරහායට ලක්වූ පුද්ගලයින්ට නිවසින් පිටතට පැමිණ ලෙස දුරකථන ඇමතුමක්දී එම වෙඩිතැබීම සිදුකර ඇති බව අනාවරණය වී ඇත. එහිදී එක් අයෙකුට වෙඩි වැදී ඇති අතර අනෙක් පුද්ගලයා දිව ගොස් තිබේ. වෙඩිතැබීම සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනාද පළාගොස් ඇති බව වාර්තා වෙයි.

Read More

කැනඩාවේ ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික පවුලේ දිවි බේරා ගනු ලැබු ධනුෂ්ක වික්‍රමසිංහ ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලබා ඇති අතර ඔහු පෙරේදා (08) සැත්කමක් සඳහා ද යොමුකර තිබේ. එම ප්‍රහාරයෙන් ධනුෂ්කගේ අතේ ඇඟිල්ලක් ද අහිමිවී ඇති බව වාර්තා වෙයි. මේ අතර එම ප්‍රහාර සිදුකළ 19 හැවිරිදි ෆ්‍රෑන්ක් ද සොයිසාගේ නැන්දණිය පළමු වරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ පසුගිය වසර ඇතුළත ඔහුගේ හැසිරිමේ දැඩි වෙනස්වීමක් සිදුව ඇති අතරම ඔහු සිය ඥාතීන්ගෙන් සම්පූර්ණයෙන් දුරස්වී හුදෙකලා ජීවිතයකට හුරුව ඇති බවය. කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බාර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු සිය නිවස තුළදීම සාහසික ලෙස ඝාතනයට…

Read More

මැණික් ගලක් අලෙවි කිරීමේ සිදුවීමක් මුල්කරගනිමින් ඇතිවූ ආරවුලක් හේතුවෙන් හොරණ ප්‍රදේශයේ රෙදි පිළි ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් තිබේ. පැහැරගත් පිරිස විසින් ව්‍යාපාරිකයා මුදාහැරීමට ඔහුගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 35ක කප්පම් මුදලක් ඉල්ලා තිබූ අතර කප්පම්කරුවන් සූක්ෂම ලෙස කොටු කරගැනීමට මොරගහහේන පොලීසිය සමත්වී ඇත. හොරණ කෝරලඉම තේවත්තපාර ප්‍රදේශයේ පදිංචි රෙදිපිළි ව්‍යාපාරිකයාට හලාවත ප්‍රදේශයේ හිතවතෙකු මැණික් ගලක් ලබාදී තිබු‍ණේ එය අලෙවිකරදෙන ලෙස ඉල්ලමිනි. ව්‍යාපාරිකයා මැණික් ගල රුපියල් ලක්ෂ 10ක මුදලකට මහරගම ප්‍රදේශයේ ශාන්ත නම් හිතවතෙකු මාර්ගයෙන් ගැණුම්කරුවෙකුට අලෙවිකර තිබුණි. පිළියන්දල ප්‍රදේශයේ මාර්ගයක් අසල ගනුදෙනුව සිදුකර තිබූ අතර පසුව මැණික් ගල මිලදීගත් ගැණුම්කරුවා දින කිහිපයකට පසු ශාන්ත නමැති පුද්ගලයාට පවසා තිබුණේ මැණික් ගල ව්‍යාජ එකක්…

Read More

ගෙල කපා ඝාතනය කළ 17 හැවිරිදි තරුණියකගේ සිරුරක් ඇල්පිටිය තලාව ප්‍රදේශයේ තේ වත්තක තිබී ඊයේ (09) සොයා ගැණුනි. ඇගේ මස්සිනා විසින් ඇයව පැහැරගෙන ගොස් ඇති අතර ඔහු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය. එසේ ඝාතනය කර තිබුණේ කරන්දෙණිය, තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි හංසිකා නදීෂානි නමැති තරුණියකි. ඇගේ සහෝදරිය ඇල්පිටිය මන්නකන්ද ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඇගේ දරු දෙදෙනා බලාගැනීම සඳහා මාස එකහමාරකට පෙර හංසිකා ඒ නිවස වෙත ගොස් තිබුණි. ඒ අතරතුර සහෝදරියගේ සැමියා සමග ඇය සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබූ බව සඳහන් ය. හංසිකාගේ පියා පවසන්නේ, පසුගිය පෙබරවාරි 23 වැනිදා නිවසට පැමිණි සිය බෑනා සිය බාල දියණිය බලහත්කාරයෙන් රැගෙන ගිය බවය. “23 ඇවිත්…

Read More

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (10) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවය. බස්නාහිර, සබරගමුව සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුටත් පැවසීය.

Read More

මහා ශිවරාත්‍රී දිනයට සමගාමීව හින්දු ආගමික උත්සවයන් රට පුරා උත්සවශ්‍රීයෙන් පවත්වන ලදී. යාපනය, තෙන්මාරච්චි හා වඩමාරච්චි ප්‍රදේශයන් හි විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වූ ආගමික උත්සවය පේදුරුතුඩුව ප්‍රදේශයේ පසුපතීෂ්වරර් ශිවන් කෝවිලේ පවත්වන ලදී. පේදුරුතුඩුව පසුපතීෂ්වරර් ශිවන් කෝවිලේ පවත්වන ලද මෙවර උත්සවයට ප්‍රදේශයේ හින්දු ජනතාව සමග ප්‍රදේශයේ යුද්ධ හමුදාවද සම්බන්ධ වීම මෙවර විශේෂත්වයක් වී ඇති බවට වාර්තාවේ . ආගමික කටයුතු සඳහා රැස්ව සිටි දහස් සංඛ්‍යාවක් වු හින්දූ බැතිමතුන් සඳහා ආහාර පාන සහිත තේ පැන් සංග්‍රහයක් ප්‍රදේශයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සංවිධානය කර ඇති බවද වාර්තාවේ.

Read More

වසර 2035 වනවිට චන්ද්‍රයාගේ මතුපිට න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට බලාපොරොත්තු වන බව රුසියාවේ රොස්කොස්මොස් ප්‍රධානී යූරි බොරිසොව් ප්‍රකාශ කළේය. චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය සමඟ එකතු වී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව රොස්කොස්මොස් ප්‍රධානී යූරි බොරිසොව් පැවැසුවේය.මෙම ව්‍යාපෘතිය 2033 සිට 2035 වසර දක්වා කාලය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද රොස්කොස්මොස් ප්‍රධානියා ප්‍රකාශ කළේය. එසේම රුසියාව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මකවන භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයක් තැනීමටද බලාපොරොත්තු වන බව රොස්කොස්මොස් ප්‍රධානියා පැවැසුවේය. මෙම ව්‍යාපෘති දෙක සාර්ථකව අවසන් කිරිමට හැකි වුවහොත් සඳෙහි ජනාවාස පිහිටුවීමට එය මහත් පිටුවහලක් වනු ඇතැයි යූරි බොරිසොව් ප්‍රකාශ කළේය.

Read More