Author: LFN

වියළි කාලගුණයත් සමග කැළෑ ගිනි තැබීම් ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ පසුගිය මාස කිහිපය තුළ දිවයින පුරා එවැනි සිදුවීම් 25ක් පමණ වාර්තා වී ඇති බවය. කැළෑ ගිනි තබන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග රක්ෂිතවලට ගිනි තැබීම හේතුවෙන් ජල මූලාශ්‍ර සිදී යාමේ අවදානමක් පවතින බව වාර්තා වෙයි. කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවලට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන කෙසෙල්ගමු ඔයේ සහ මස්කෙළිය ඔයේ ජල මට්ටම අඩු වීම හේතුවෙන්…

Read More

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් දැක්වූ අදහස් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ. එහි දැක්වෙන්නේ ජයග්‍රහණයේ සතුට ශ්‍රී ලංකා කණ්ඩායම Time Out ක්‍රමයට සැමරීම පිළිබඳව බංග්ලාදේශ මාධ්‍ය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගෙන් ප්‍රශ්නකිරීම හමුවේ ඔහු ලබාදුන් පිළිතුරයි. එහිදී කුසල් මෙන්ඩිස් දැක්වූ අදහස් පහතින්. “මම හිතන්නේ කෙනෙක් ඒක කළා. මම දන්නේ නෑ ඒකට හේතුව, ඕන කෙනෙකුට තමන්ට ඕන විදියට සමරන්න පුළුවන්. ඒ වෙලාවේ හැමෝම සතුටු වුණා. ඒක නිසා ක්‍රීඩකයින් හැමෝම එය සමරුවා.”

Read More

පුරාවිද්‍යාභූමියකට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් පූජකයෙකු ඇතුළු 8ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නෙදුන්කර්නි පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24,29,30,34,37 සහ 54 හැවිරිදි වියේ පසුවන පිරිසකි. එම පිරිස නෙදුන්කර්නි, පුල්යන්කුලම, කනගරායන්කුලම සහ මාමඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී මෙම පිරිස විසින් වෙඩික්කුනාරිමලෙයි පුරාවිද්‍යා භූමියට ඇතුල්වී එහි ගිනි දල්වා පූජාවන් සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවී තිබේ. නෙදුන්කර්නි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ පළමු මැතිවරණ ප්‍රචාරක රැලිය ඊයේ පස්වරුවේ කුලියාපිටියේ දී පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ “සැබෑව” ජන රැලිය ආරම්භ විය. ජනාධිපතිවරයා සිය ධුරයට පත්වීමෙන් අනතුරුව දේශපාලන රැළියක් ඇමතු පළමු අවස්ථාව මෙයයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.

Read More

වියළි කාලගුණයත් සමග කැළෑ ගිනි තැබීම් ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ පසුගිය මාස කිහිපය තුළ දිවයින පුරා එවැනි සිදුවීම් 25ක් පමණ වාර්තා වී ඇති බවය. කැළෑ ගිනි තබන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග රක්ෂිතවලට ගිනි තැබීම හේතුවෙන් ජල මූලාශ්‍ර සිදී යාමේ අවදානමක් පවතින බව වාර්තා වෙයි. කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවලට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන කෙසෙල්ගමු ඔයේ සහ මස්කෙළිය ඔයේ ජල මට්ටම අඩු වීම හේතුවෙන්…

Read More

අපරාධ කල්ලි සාමාජිකයින් 43 දෙනෙකුට එරෙහිව මේ වනවිට ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන ඇති බව පොලිසිය පවසයි. කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ තවත් හදුනාගත් අපරාධ කල්ලි සාමාජිකයින් කිහිපදෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ලබාගැනීමට නියමිත බවය. ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “මන්නා රමේෂ්” සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඩුබායි රාජ්‍ය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූ මහතා සඳහන් කළේය.

Read More

අද (11) දිනයේ නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. මේ අතර , ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊයේ (10) නිකුත් කර තිබුණි. එහි සඳහන් වුයේ අද දිනයේ බස්නාහිර, වයඹ, දකුණු සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර සහ…

Read More

කැනඩාවේ, ඔටාවා හී සමූහ ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින්ගේ පවුලේ මීට දින කිහිපයකට පෙර පැවති උත්සවයක දර්ශන පෙළක් එරට මාධ්‍ය වාර්තා කර තිබුණි. එහි දැක්වුණේ මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ෆ්‍රෑන්ක් ද සොයිසාගේ 19 වැනි උපන්දිනය එහි සැමරූ ආකාරයයි. ඔහුගේ උපන්දිනය මෙම ඝාතනය වූ නිවසේදීම බැලුම් එල්ලා අලංකාරවත් ලෙස සමරා තිබුණි. එම දිනයේදී ඔහුට චීස් කේක් කෑමට කැමැත්තක් තිබී ඇති බවත්, ඒ අනුව ධනුෂ්ක ඇතුළු පවුලේ සමාජිකයින් ඔහු වෙත චීස් කේක් ලබාදී ඇති බවත් ධනුෂ්කගේ පවුලේ හිතවතුන් සඳහන් කළේය. මේ අතර කැනඩාවේ, ඔටාවා හී සමූහ ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින්ගේ පවුලේ ඥාතීන් ඉදිරි දින කිහිපයේදී එරටට පැමිණිමෙන් පසු අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම්…

Read More

මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවති සාදයකට එක්වූ පුද්ගලයින් 19ක් සහ තරුණියන් 08ක් සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කහතුඩුව පොලීසියට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මාගම්මන ප්‍රදේශයේ නිවසක පැවති එම සාදයට එක්ව සිටි මෙම පිරිස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකරුවන් තිදෙනෙකු සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍යද තවත් සැකකරුවන් තිදෙනෙකු සන්තකයේ තිබී මත් පෙති ද පොලීසිය සොයාගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සියලුම සැකකරුවන් සහ සැකකාරියන් වයස වුරුදු 20 ත් 22ත් යන වයස්වල පසුවන බව පොලීසිය පවසයි. වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම සැකකරුවන් සහ සැකකාරියන් පොළොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, ගාල්ල, මහනුවර සහ දියතලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටය. සැකකරුවන් පිරිස අධිකරණයට ඉදිරිපත් කර…

Read More

කෑගල්ල අලගල්ල කන්දේ කඳවුරු බැඳ ආපසු එමින් සිටිය දී ප්‍රපාතයකට ඇද වැටුණු වයඹ සරසවි සිසුවෙක් යුද හමුදාව විසින් කිලෝමීටර් දෙකහමාරක් පමණ කන්ද මුදුනට නැග නිරුපද්‍රිතව බේරාගත් බව වාර්තාවේ. මෙසේ බේරාගෙන ඇත්තේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි ඔරින්ටන් අංඩ්‍රාඩෝ නැමැති වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලබන සිසුවෙකි. එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙකු එක්ව කෑගල්ල අලගල්ල කන්දේ කදවුරු බැද තිබූ අතර ඔවුන් අද (10) උදෑසන නැවත කන්දෙන් පහළට පැමිනෙන අවස්ථාවේදී එක් සිසුවකු ගලක් දිගේ බැසීමට යාමේදී ප්‍රපාතයට වැටී ඇති බවට වාර්තාවේ.

Read More