Author: LFN
මාස 05ක් තිස්සේ ඊශ්‍රායල සම්බාධකවලට සහ නොනවතින ප්‍රහාරයන්ට ලක් වූ උතුරු ගාසා තීරයේ පලස්තීන දරුවන් සාගින්නෙන් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසු ප්‍රථම වරට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් උතුරු ගාසා තීරයේ අල්-අවුදා සහ කමාල්-අද්වාන් රෝහල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබුණි. එහිදී හෙළිදරව් වූ දෑ අතිශය ඛේදජනක බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් සඳහන් කළේය. ආහාර නොමැතිවීම නිසා කමාල් අද්වාන් රෝහලේ ළමුන් දස දෙනෙකුවත් මියගොස් ඇති බවත්, විදුලිය නොමැතිවීම නිසා එම රෝහල් ක්‍රියාකාරීත්වය මෙන්ම රෝගීන් ද අනතුරට ලක්වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා “x” අවකාශයේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. එමෙන්ම විශේෂයෙන් ළමුන් ඇතුළු ගාසා…
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්මේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, වයඹ, දකුණු සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන සඳහා උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතින බවය. ඊයේ (11) පස්වරු 4.00 නිකුත් කරන ලද එම නිවේදනය අද (12) දිනය දක්වා වලංගු වන බව එම දෙපාර්මේන්තුව සඳහන් කරයි. මේ අතර වැඩබිම් තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ, නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර එම අරමුදලේ යෝජනා පිළිබඳව සංවේදී නොවන අන්තර්ගතයන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදීමට රජය එකඟතාව පළකර තිබේ. IMF නියෝජිතයින් සහ රජය සමග පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මේ බව පැවසීය. සාකච්ඡාවට සහභාගී වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට ආරාධනා කර තිබුණත් ඔවුන් ඊට සහභාගී වූයේ නැත. දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්දිරන් මහතා පමණක් ඊට සහභාගී වීම විශේෂත්වයකි. මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල…
ගර්භණී බිරිඳට පහරදී දරු ගැබ විනාශ කිරීමේ චෝදනා එල්ලවූ සැමියෙකුව අද දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත්තේ කොළඹ 14 නවගම්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත. මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සැකකරන බැවින් අධිකරණ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවට ග්‍රෑන්ඩ්පාස් පොලීසිය කළ දැනුම්දීමක් සලකා බලමින් ඒ මහතා මෙම නියෝගය ලබාදුන්නේය. පොලීසිය අධිකරණය වෙත පවසා ඇත්තේ නිරන්තරයෙන් අදාළ සැකකාර සැමියා සිය බිරිඳ සමග ගැටුම් ඇතිකරගන්නා බවට අනාවරණය වී ඇති බවය. මෙහිදී පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කුසෙහි සිටින දරුවාගේ පීතෘත්වය සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් සැකකාර…
සිය රාමසාන් උපවාස සමය අද සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි. වෙඩිතැබීම හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා තිබේ. තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇත.
ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. සැකකරු අත්තනගල්ල යටවක ප්‍රදේශයේ සැඟවූ ආයුද සොයාගැනීම සඳහා ගොස් සිටියදී පළායාමට උත්සාහ දරා ඇති අතර එහිදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකාර වෙඩික්කරු මියගොස් ඇත. ගම්පහ මල්වතුහිරිපිටිය, කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් පසුගිය ජනවාරි 23 වනදා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස සැකකෙරෙන මෙම පුද්ගලයාව මොණරාගල හම්බේගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේය. සැකකටයුතු පුද්ගලයෙකු ප්‍රදේශයේ සිටින බවට හම්බෙගමුව පොලිස් ස්ථානයේ බුද්ධි අංශ නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. 32 හැවිරිදි සැකකරු අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (12) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙලේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් ලෝකයේම අවධානය යොමුවිය. ඒ ලෝකයක් බලාසිටි මේ සම්මාන උළෙලේදී වේදිකාව මතදී ලෝක ප්‍රසිද්ධ රෙස්ලිං තරුවක් මෙන්ම රංගන ශිල්පියෙක් වන ජෝන් සීනා නිරුවතින් වේදිකාවේ වෙතට පැමිණීමයි. ඔස්කා සම්මාන උළෙලේ මෙවර හොඳම ඇඳුම් නිර්මාණයට අදාළ සම්මානය පිරිනැමීම වෙනුවෙන් ඔහු මෙලෙස නිරුවතින් වේදිකාවේ වෙත පැමිණියේය.
කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානය අසල මහල් නිවාස සංකීර්ණයක තාප්පයක් ඉවත් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් යම් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ ඒ හේතුවෙන්, දුම්රිය ගමනට බාධා එල්ල වී ඇති බවය.