Author: LFN
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ ප්‍රදේශයේ දී ලොරියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් තිදෙනෙකු සහ ලොරි රථයේ රියදුරු සහ තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. අනතුර අද (14) උදෑසන 7.45ට පමණ සිදුව තිබිණි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදී ඇති විශ්වාසභංග යෝජනාව මෙම මස 19 වැනිදා සහ 20 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.එහි ඡන්ද විමසීම 20 වැනිදා සවස 4.30ට පැවැත්වේ.
දිවයිනේ විවිධ ප්‍රදේශවල මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි පුද්ගලයෙකු යුද හමුදා බුද්ධි අංශයේ තොරතුරු මත අද (13) දින මාතර නගරයේදී කේරල ගංජා කිලෝ ග්රූම් 3 ක් සමග මාතර පොලිස් විශේෂ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ෆැන්සිස් සේවියර් නැමති යාපනය පදිංචිකරුවෙකු වන අතර, මොහු කිලිනොච්චිය ප්‍රදේශයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය මාතර නගරය වෙත ගෙනවිත් ඇති බවට විමර්ශණවලදී අනාවරණයවී ඇත. තවද මොහු දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත උතුරු ප්‍රදේශයේ සිට මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයේ ප්‍රධානියෙකු බවත් මීට පෙර LTTE සංවිධානය වෙත උදව් උපකාර කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිට නිදහස්ව ඇති බවත් විමර්ශණවලදී හෙළිවී ඇත.
නිවසටම ගොස් රෝගීන්ට ප්‍රතිකාර කරන අපූරු වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයක් පිළිබඳ තොරතුරු අපට බදුල්ල කැන්දගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණි. බදුල්ල නගරයේ සිට කිලෝමීටර් 15ක පමණ දුරකින් පිහිටා ඇති කැන්දගොල්ල ප්‍රාදේශීය රෝහල ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සී ශ්‍රේණියේ රෝහලකි. කැන්දගොල්ල ගම්මානයට මෙම රෝහලෙන් සැලසෙන්නේ විශාල සේවාවකි. නමුත් වර්තමානයේ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ මෙම රෝහල වෙත පැමිණීමට රෝගීන්ට විශාල වියදමක් දැරීමට සිදුව තිබේ. මේ හේතුවෙන් රෝගීන් පත්ව ඇත්තේ දැඩි අසරණ භාවයකට. මීට පිළියම් ලෙස මේ වන විට රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී සචිත් බණ්ඩාර මහතා විසින් කාලාන්තරක් තිස්සේ ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ නිවෙස්වලට ගොස් ප්‍රතිකාර කිරිම ආරම්භ කර තිබේ. ඒ එම රෝගීන්ට මහඟු සේවාවක්…
අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධවල වර්ධනයක් මේ වන විට නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුකොල මහතා සඳහන් කළේ වසරේ ගත වූ කාලසීමාව තුළ පරිගණක වංචා 423 වාර්තා වී ඇති බවය. “අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් රැකියා ලබාදෙන මුවාවෙන් සිදුවන වංචා, ඒ එක්කම ක්‍රිප්ටො-කරන්සි හරහා සිදුවුණ වංචා, පිරමීඩ වංචා ගොඩක් වෙලාවට පසුගිය වර්ෂයේ සිට මේ වර්ෂයේ ගෙවී ගිය මාස දෙක තුළ වැඩිවීමක් තියෙනවා. 2023 අන්තර්ජාල වංචා 1,609ක් අපිට වාර්තා වෙලා තියෙනවා. මේ වර්ෂය තුළ ජනවාරි මාසයේ එවැනි වංචා 110ක් වාර්තා වෙලා තියෙනවා. පෙබරවාරි මාසයේ අන්තර්ජාල වංචා 213ක් සහ මාර්තු මාසයේ මේ දක්වා…
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කළේ, මෙරට ජාතික පාසල් සහ පළාත් සභා පාසල් භේදයකින් තොරව එකම පාසල් වර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය. “අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රතිපත්ති රාමුවේ තියෙනවා යෝජනා කරලා ජාතික පාසල් සහ පළාත් සභා පාසල් කියලා වෙන් නොකර එකම වර්ගයක් තියන්න. ඒ පිළිබඳව අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා වෙමින් පවතිනවා. එකවර බැරිවෙයි. නමුත් ක්‍රමානුකූලව අදියරයෙන් අදියර ඒක කරන්න පුළුවන් වෙයි. උගන්නන්නේ නැහැ කියන්න බෑ. එහෙම වුණා නම් ප්‍රතිඵල ගන්න බෑනේ. නමුත් අපි ඒවා සකස් කරගන්න ඕනේ. ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කරන වැඩසටහන්, තාක්ෂණය යොදා ගැනීම ආදිය කරලා ඒ සියල්ල…
වසර එක හමාරක් තිස්සේ සිය 15 හැවිරිදි දියණියව දූෂණය කළ දෙමව්පියන් යුවලක් පසුගියදා අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇමරිකාවේ Utah හිදි. ඇගේ මව සහ සුලු පියා විසින් ඇයව මෙලෙස දූෂණය කොට ඇති අතර ඔවුන් කියා ඇත්තේ,ඇය නොදන්නා අයෙකු සමඟ එකතුවීමට වඩා මෙය ආරක්ශිත බවයි . කෙසේ වෙතත් බලධාරීන් වෙත එම දියණියගෙන් ලද දුරකථන ඇමතුමක් අනුව දෙමව්පියන් දෙදෙනා මෙලෙස අත් අඩංගුවට පත්ව තිබෙනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
කොරෝනා වසංගතය සමයේ බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවිය නිපදවූ ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙන්ම ප්‍රෝටීන මත පදනම් වූ නොවැක්ස් කොවිඩ් එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ පූනේ නුවර පිහිටි සීරම් ආයතනය අද ලෝකයේ විශාලතම එන්නත් නිෂ්පාදකයා බවට පත්වී තිබේ. දැන් ඔවුන් කොවිඩ් එන්නත්වලින් ඔබ්බට ගොස් තවත් රෝගවලට එන්නත් ගවේෂණය කිරීමේ නිරත වෙයි. සීරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අදාර් පූනවල්ලා ප්‍රකාශ කළේ ඉදිරි වසර කිහිපය තුළ මැලේරියාව සහ ඩෙංගු රෝගය සඳහා ද එන්නත් නිපදවීමට සීරම් ආයතනය පර්යේෂණ ආරම්භ කර ඇති බවය. සීරම් ආයතනය මෙලෙස නව එන්නත් නිෂ්පාදනය පිළිබඳව අවධානය යොමුකිරීමට තවත් හේතුවක් වන්නේ ඉල්ලුම අඩුවීම නිසා කොවිඩ් එන්නත් නිෂ්පාදනය කපාහැරීමට සිදුවීම ය. එලෙස තවත් රෝගවලට නව එන්නත්…
ග්‍රාම නිලධාරී ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය මාර්තු මස 13,14 සහ 15 යන දිනයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම සම්මුඛ පරීක්ෂණය නාරාහේන්පිට පිහිටි නිල මැදුර පරිශ්‍රයේ ස්වදේශ කටයුතු අංශයේදී සිදුකෙරෙන බවය. එසේම ඊට අදාළ සුදුසුකම් ලබා තිබුණද මේ දක්වා කැඳවීම් ලිපි ලැබී නොමැති අයදුම්කරුවන්ට www.moha.gov.lk වෙබ් අඩවියේ පළකර ඇති ලේඛනයෙන් එම තොරතුරු ලබාගත හැක. එසේම එම සම්මුඛ පරීක්ෂණය සඳහා රැගෙන ආ යුතු ලේඛන පිළිබඳව එම වෙබ් අඩවිය මගින් තොරතුරු ලබාගතහැකි බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.