Author: LFN

පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට වෙඩිතබා සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ඊ (14) සමත්විය. මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ. ඔඩ්ඩුසුඩාන් පොලීසිය පැවසුවේ ටිපර් රථයේ රෝදයන්ට වෙඩිතබා රථය නතරකර ගැනීමට පොලීසිය සමත්වූ බවය. මෙම මෙහෙයුමට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්වී තිබේ. පොලීසිය සඳහන් කළේ අදාළ ටිපර් රථය පොලිස් නිලධාරීන් අනතුරට පත්කරගෙන යෑමට උත්සාහ කළ බවය. අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ජපානයේ ෆුකුෂිමා හිදී රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුවී තිබේ. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන පරිදි භූ කම්පනය සිදුවී ඇත්තේ ෆුකුෂිමා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් ය. සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද එම ඒජන්සිය පවසයි. හානිය පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

Read More

(15) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල මෙලෙස වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

Read More

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාවට අදාළ ප්‍රශ්නගත ඖෂධ සැපයුම්කරු විසින් සපයා ඇති පිළිකා නාශක ඖෂධයක් ද ප්‍රමිතියෙන් තොර බවට වාර්තාවකින් තහවුරු වූ බව ඊ (14) අධිකරණයේදී අනාවරණය විය. මේ අතර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය. විදෙස්ගතව සිට ඊයේ දිවයිනට පැමිණි වෛද්‍යවරයා ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමෙන් පසු…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී පැවැත්විණි. පැය එකහමාරක පමණ කාලයක් පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සහ වංචා දූෂණ වැළැක්වීමට අදාළ ක්‍රියාවලීන්හි ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර ජනතාවට මෙතෙක් ලබා දී නොමැති තාක්ෂණ සහායක වාර්තාව පිළිබඳවද ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් විමසීම් සිදු කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පීටර් බෲවර් මහතාට අමතරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය නේවාසික නියෝජිත සර්වත් ජහාන් සහ කැට්සියරිනා ස්විඩ්සෙන්කා Katsiaryna Svieydzenka සහ මානවී අබේවික්‍රම යන මහත්මීහුද සාකච්ඡාවට එක්ව සිටියහ.…

Read More

අද (14) දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද රාත්‍රී 7 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීම සිදුකළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ආසන වෙන් කිරීමේ දී මේ දක්වා 40%ක ප්‍රතිශතයක් පමණක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට අවස්ථාව සලසා දී තිබු අතර අද සිට එය සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුවනු ඇත. මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමෙන් පසු දුම්රිය ස්ථානයට පැමිණ ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීමට මගීන්ට පෙර සිදුවුවද අද සිට ආසන වෙන් කිරීමේ පත්‍රිකාවේ ඡායාරූපයක් සන්තකයේ තබාගැනීම පමණක් ප්‍රමාණවත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මීට අමතරව රාජ්‍ය…

Read More

මෙරට ක්ෂය රෝගීන් වාර්තා වීම සියයට 14කින් ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි. එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිසායා කාදර් මහත්මිය සඳහන් කළේ, මේ වන විට පෙනහළුගත ක්ෂය රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය නිසායා කාදර් මහත්මිය මේ බව සඳහන් කළාය. “අපි මේ රෝග තත්ත්වය සඳහා නොමිලේ හඳුනාගැනීමේ පරීක්ෂණ සහ ප්‍රතිකාර කිරීමේ කටයුතු සිද්ධ කරනවා. විශේෂයෙන් සෑම දිස්ත්‍රික්කයේම ළය රෝග සායන පවතිනවා. ඒ වගේම තමා ප්‍රතිකාර සඳහා රෝහල්වල අවශ්‍ය සියලු පහසුකම් සලසා තියෙනවා. ඒ වගේම 2035 වන විට මේ රෝගය තුරන් කිරීමට අවශ්‍ය…

Read More

ගාල්ල මෙරට ප්‍රධාන සංචාරක නගරය බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බවය. ගාල්ල කොටුව ආශ්‍රිතව පවතින රජයේ කාර්යාල රැසක් එම ස්ථානවලින් ඉවත් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ජනාධිපතිවරයා පවසයි. ගාල්ල හෝලුවාගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. “අපිට සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න තියෙනවා. ඒක දියුණු කිරීමේ විශාල තැනක් තියෙන්නේ දකුණට. දකුණේ ප්‍රධාන වෙන්නේ ගාලු නගරේ. ගාලු කොටුවේ තියෙන රජයේ කාර්යාල සියල්ල ඉවත් කරලා හෝටල්, ආපන ශාලා දාන්න දෙනවා.…

Read More

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් එච්.එම්.එස්.කේ.බී. කොටකදෙණිය (විශ්‍රාමික) මහතා පත්කර තිබේ. අමාත්‍ය මණ්ඩල නිර්දේශ මත වරාය, නාවික කටයුතු හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඊයේ (13) දින එම පත්කිරීම සිදුකර ඇත. එයාර් වයිස් මාර්ෂල් කොටකදෙණිය මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳව සහ ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂාව සහ උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳව ද පශ්චාත් උපාධිය හිමිකර ගත් අයෙකි. මීට අමතරව අමෙරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ද වැඩිදුර අධ්‍යාපනය ලබා තිබේ. මීට පෙර ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක…

Read More

හෝමාගම ඩිපෝවට අයත් ලංගම බස් රථයක් අද උදෑසන අනතුරට ලක්ව තිබේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ NSBM සරසවිය දක්වා සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ බස්රථයකි. බස් රථය NSBM සරසවිය ආසන්නයේදී රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව ජයවර්ධන පුර සරසවියේ තාප්ප කොටසක ගැටී ඉදිරියට ධාවනය වී නතරවී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සරසවි සිසුන් පිරිසක් සිට ඇතිමුත් අනතුරින් ඔවුට හානියක් සිදුව නොමැත. අනතුරින් ලංගම බස් රථයට හානි සිදුව තිබේ. හෝමාගම පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More