Author: LFN

මේ දිනවල ශ්‍රී ලංකාවට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපා තිබේ. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා මෙම තත්ත්වය බලපා ඇති අතර කුරුණෑගල, රත්නපුර, අනුරාධපුර දිස්ත්‍රික්කවල ඊයේ (15) දිනයේත් පැවතියේ ඉහළ උණුසුම් කාලගුණයකි. එම අධික උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග චර්ම රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙයි. හිරුඑළිය සම මතට සෘජුවම පතිතවීම හේතුවෙන් සමෙහි යම් යම් වෙනස්කම් ඇතිවිය හැකි අතර මෙහිදී සම පිළිස්සීමකට ලක්වීමේ ස්වභාවයක් දැකගත හැකිය. සම මත සුදු පැහැති ලප ඇතිවීම, සම කැසීමකට ලක්වීම, දහදිය දැමීම හේතුවෙන් සැරව බිබිලි තත්ත්වයක් ඇතිවීම, දහදිය වැඩිවශයෙන් එකතුවන ස්තානවල රවුම් හැඩැති දිලීර තත්ත්වයක් ඇතිවීම මෙම ආසාදිත තත්ත්වයන් ලෙස හඳුනාගෙන තිබේ. මීට අමතරව සමෙහි…

Read More

මදුරන්කුලිය විරුතොඩේ ප්‍රදේශයේදී ළිඳකට වැටී දියේ ගිලී‍මෙන් දැරියක් මියගොස් තිබේ. පුත්තලම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එම දැරිය මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 06 හැවිරිදි විරුතොඩේ මදුරන්කුලි ප්‍රදේශයේ පදිංචිව සිටි කුඩා දැරියකි. මෙම දැරිය ඊයේ (15) උදෑසන කාලයේ සිය නිවස අසල පිහිටි ළිඳෙන් පනිට්ටුවක් ආධාරයෙන් වතුර ගැනීමට යාමේදී ළිඳට වැටී ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ. කෙසෙවෙතත් වැඩිදුර විමර්ශන කටයුතු මදුරන්කුලිය පොලීසිය විසින් සිදුකරන බව සඳහන් ය.

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනෙකු අතුළු පොලිස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 08 දෙනෙක් සහ පොලිස් අධිකාරීවරයෙක් මෙලෙස ස්ථාන මාරු කර ඇති බවය. අපරාධ හා රථවාහන දිසාව භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උතුරුමැද පළාතටත්, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ එස්. සී . මැදවත්ත මහතා පුහුණු හා උසස් පුහුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මාරුක‍ර යවා තිබේ. උතුරු පළාත භාර ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ කේ. පී. එම් .ගුණරත්න මහතා බස්නාහිර පළාතටත්,…

Read More

පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිකළ උමං මාර්ගයක් වසර ගණනාවක් තිස්සේ විවෘත නොකිරීම හේතුවෙන් පාසල් සිසුන්ට ජීවිත අවදානමක්ද සහිතව මාර්ගයක් හරහා ගමන් කිරීමට සිදුවීමේ පුවතක් මහනුවරින් වාර්තා වුණි. මේ මහනුවර තැන්නේකුඹුර මාර්ගයේ මහනුවර ධර්මරාජ විදුහල සහ ඩි එස් සේනානායක විදුහල් ඉදිරිපිට ඉදිකර ඇති ඇති උමං මාර්ගයයි. සිසුන්ට ආරක්ෂිතව පාර මාරුවීම සඳහා මෙම උමං මාර්ගය ඉදිකර තිබේ. නමුත්, එහි ඉදිකිරීම් අවසන් වී වසර කිහිපයක් ගතවී ඇතත් මේ වන තෙත් එය භාවිතා කිරීමට ඉඩසලසා නොමැති බවට ජනතාව චෝදනවා කරයි. “මේක ඉවර කරලා අවුරුදු තුනක් විතර වෙනවා. මෙතෙන අනතුරකුත් වුණා. ඒ වුණෙත් හරියටම කහ ඉරේ. තාම කිසිම කෙනෙක් විකල්පයක් දීලා නෑ.” මීට පෙර අවස්ථා…

Read More

2021/2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්‍ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2376 දරන ඊයේ (15) ගැසට් පත්‍රයේ පළ කර තිබේ. මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර අයදුම්පත් අතරින් සුදුස්සන් තෝරා ගැනීම ද මාර්ගගත ක්‍රමය ඔස්සේ ම මෙවර සිදුකරනු ලබයි. අද දහවල් 12න් පසුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා අයදුම් කළ හැකි අතර අයදුම් කිරීමේ කාල සීමාව 2024.04.05 දිනයෙන් අවසන් වේ. අද දහවල් 12.00ට පෙර ඇතුළත් කර ඇති අයදුම්පත් සලකා නොබැලෙන බැවින්…

Read More

විද්‍යුත් වාහන නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා මෙන්ම ස්වංක්‍රීය තාක්ෂණය ඊට එකතු කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට හොන්ඩා සහ නිසාන් යන සමාගම් තීරණය කර තිබේ. ජපානයේ ටෝකියෝ නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එම සමාගම් දෙකෙහි ප්‍රධානීන් මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජපානයේ දෙවන සහ තෙවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයින් වන මෙම සමාගම් දෙක ඉදිරියේ දී තාක්ෂණයෙන් වැඩි දියුණු වූ විද්‍යුත් වාහන නිර්මාණය කිරීමට කටයුතු කරනු ඇති බව විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් දැක්වේ.

Read More

මේ වසරේ ගතවූ මාස තුන තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 5.6 %කින් ශක්තිමත් වී තිබෙන අතර ඊයේ (15) එහි ගැනුම් මිල රුපියල් 300ක් බවට පත්විය. නමුත් රුපියල දරුණු ලෙස අවප්‍රමාණය වූ අවස්ථාවේ දිනෙන් දින භාණ්ඩ හා සේවා මිල ඉහළ ගිය වේගයෙන් මේ වනවිට ඒවායේ මිල ගණන් පහළ නොයෑම සම්බන්ධයෙන් පාරිභෝගිකයින් ප්‍රශ්න කරමින් සිටී. මෙරට ආර්ථිකය දරුණු අවපාතයකට ඇදදමමින් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩිම ප්‍රමාණයකින්, එනම් 44.8%කින් අවප්‍රමාණය වූයේ පසුගිය 2022 වසරේදීය. 2022 වසරේ නොවැම්බර් මාසය තුළ අමෙරිකානු ඩොලරයේ නිරූපිත අනුපාතිකය රුපියල් 363 ශත 50ක් ලෙස පැවති අතර ඒ වනවිට ගැනුම් මිල රුපියල් 360 ශත 99ක් සහ විකුණුම් මිල රුපියල්…

Read More

අධිකරණ නියෝග කඩ කිරීම් තුනක් සම්බන්ධයෙන් ගොනුකළ නඩුවක වරද පිළිගත් ව්‍යාපාරිකාවක් වන තිළිණි ප්‍රියමාලි දැඩි අවවාද මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊ (15) නියෝග කළේය. ‍ සැකකාරියට රුපියල් 1,500ක දඩ මුදලක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා එය නොගාවන්නේ නම් සති දෙකක සිරදඩුවම් නියම කළේය. කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වන ව්‍යාපාරිකාවක් වන තිළිණි ප්‍රියමාලිට රන් මාලයක් ගෙන නැවත ලබා නොදුන් බවට වන නඩුකරයක දී තිබු ඇප කොන්දේසියක් කඩ කරමින් දින තුනක් පොලීසියට වාර්තා නොකිරීම මත කොටුව පොලීසිය විසින් අධිකරණයට කරුණූ දැක්වීමෙන් අනතුරුව ඇය ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබූ අතර එම…

Read More

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ලකුණු 287ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු ඕවර 47.1 කදී තරගය ජයග්‍රහණය කිරීමට සමත්වූහ. ඒ අනුව තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ලංකාව සමත් විය. පැතුම් නිස්සංක ලකුණු 114 යි. චරිත් අසලංක ලකුණු 91යි. ඔවුන් දෙදෙනා හතරවැනි කඩුල්ල සඳහා ලකුණු 185ක් එක්කළ අතර එය එම කඩුල්ල සඳහා ශ්‍රී ලංකා වාර්තාවකි. තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දු ඕවර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 286ක් රැස්කළේය.

Read More

දුර ගමන් සේවා දුම්රියවල ආසන වෙන්කිරීම සඳහා අලුතෙන් හඳුන්වා මාර්ගගත ක්‍රමවේදය ගැටලු සහගත බව දුම්රිය මගීන් චෝදනා කරති. කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටි මගීන් රැසක් මේ හේතුවෙන් අපහසුතාවට පත්ව සිටියේය. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සාමාන්‍ය මගීන් සහ රාජ්‍ය සේවකයින් සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමට පියවරක් ලෙස පසුගියදා පළමුවරට මාර්ගගත ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ සහ මාර්ගගතව දුම්රිය ආසන වෙන්කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නේය. ඒ අනුව එලෙස ඔන්ලයින් ආසන වෙන්කරගත් මගීන්ට ටිකට්පත් වෙන්වී තිබුණද දුම්රිය ස්ථානයට පැමිණ ආසන වෙන්කරවා ගැනීමට පැමිණි පසු ඇතැම් මගීන්ට දැන්ගන්නට ලැබී ඇත්තේ තමන්ට ආසනයක් වෙන්ව නොමැති බවය. මේ එලෙස අපහසුතාවට පත්වූ මගීන් පිරිසක්.

Read More