Author: LFN
මීරිගම පොලිස් වසමේ විල්වත්ත හා අඹේපුස්ස දුම්රිය ස්ථාන අතරදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. මරණකරු ඊයේ (16) උදෑසන කොළඹ සිට රඹුක්න බලා ධාවනය වූ දුම්රියේ ගැටී ඇත. එලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 62ක් පමණ වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
පාකිස්තාන හිටපු වේගපන්දු යවන ක්‍රීඩක අකීබ් ජාවේඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව වේගපන්දු පුහුණුකරු ලෙස පත් කර තිබේ. ඒ අනුව, ඔහු 2024 විස්සයි විස්ස ලෝක කුසලානය අවසන් වන තෙක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග කටයුතු කිරීමට නියමිත බව ක්‍රිකට් ආයතනය පැවසීය. එක්දින තරග 163කට සහ ටෙස්ට් තරග 22කට ක්‍රීඩා කර ඇති අකීබ් ජාවේඩ් කඩුලු 236ක් ලබා ගෙන තිබේ. ඔහු මීට පෙර පාකිස්තානය, එක්සත් අරාබි එමීර් සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම්වල පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කර ඇත.
බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත වේල්ලවීදිය පොලීසිය ඊයේ (16) විශේෂ මෙහෙයුමක් සිදුකර තිබුණි. එහිදී හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග භාවිත කරන පෞද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ බැස්ටියන් මාවත සහ ගුණසිංහපුර බස් නැවතුම්පොළ ආශ්‍රිතව මෙම වැටලීම් සිදුකර ඇත. මෙහිදී මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ ජංගම දුරකථනයට ගැණුම්කරුවන් විශාල පිරිසකගෙන් ඇමතුම් ලැබුණු බව වේල්ලවීදිය පොලිසිය පවසයි. එම පුද්ගලයාගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් අනුව පොලීසිය විසින් අදාළ පුද්ගලයන්ව හඳුනාගෙන ඇත. පොලීසිය සඳහන් කළේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් අදාළ මත්ද්‍රව්‍ය අලෙවිකරු…
අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව යටතේ ඔවුන් දෙදෙනා වැඩ තහනමට ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය. සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘‘සමන් කොල්ලා‘‘ යන අයගේ නිවසට පසුගියදා වෙඩි ප්‍රහාරයක් එල්ලවු අතර ඒ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පණිවුඩය පිළිබඳව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් නොකිරීම මෙම වැඩතහනමට හේතුවී තිබේ. මෙලෙස වැඩ තහනමට ලක්වී ඇත්තේ එම අවස්ථාවේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ දුරකථන ක්‍රියාකරු සහ පරිගණක ක්‍රියාකරු ලෙස සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාය. අදාළ නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකය.
2027 වසරේදි 2018 වසරේ මෙරට තිබු ආර්ථික තත්ත්වය යළි උදා කරගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ කොළඹ පැවති වැඩසටහනකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේදී 2%ක ආර්ථික වර්ධනයක් ද බලාපොරොත්තු වන බවය. රජය ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කොළඹදී සාකච්ඡාවක නිරත වුණි. “සවිමත් අනාගතයට පෙරවදනක් – 2024” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම හමුවේදී රජය විසින් ක්‍රියාවට නංවා ඇති සංවර්ධන වැඩසටහන් සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණි. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, “අප…
නිරූපණ ක්ෂේත්‍රයේ අවස්ථා ලබාදෙන බව පවසා තරුණියන්ට ලිංගික අතරවර කළ සූපවේදියෙකු සීගිරිය ප්‍රදේශයේදී හෝටලයක් තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු විසින් වයස අවුරුදු 20ත් 25ත් අතර තරුණියන් 30 දෙනෙකුට පමණ අතවර කර ඇති බවට සැක කරන බව විමර්ශන නිලධාරීන් පවසයි. චීනයේ මෝස්තර නිරූපණය හදාරන ලාංකික තරුණියක් පසුගිය දෙසැම්බර් මාසයේදී කෙටි නිවාඩුවක් සඳහා දිවයිනට පැමිණ තිබුණි. එහිදී ඇය සිය මවට පවසා ඇත්තේ, තමන් හදාරන පාඨමාලාවෙන් ඉහළට යෑම සඳහා මෙරටදී නිරූපණ ක්ෂේත්‍රයේ නිරතවිය යුතු බවය. අනතුරුව ඇයගේ මව විසින් ෆේස්බුක් හරහා සිදුකළ සොයාබැලීමේදී නදීෂා බණ්ඩාර නම් ගිණුමක් මගින් නිරූපන ක්ෂේත්‍රයේ අවස්ථා ඇති බවට දැන්වීම් පළ…
සීදූව ප්‍රදේශයේ බෝඩිං කාමරයක් තුළදී 27 හැවිරිදි දෙදරු මව ඝාතනයේ සැකකරු වේදනානාශකයක් අධි මාත්‍රාවන් ලබා ගැනීමෙන් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (16) රෝහල්ගත කෙරුණි. රද්දොළුව, මුතුවාඩිය පාරේ පිහිටි එම බෝඩිං කාමරයකදී 27 හැවිරිදි දෙදරු මව ව ඝාතනය කර තිබුණේ, පෙරේදා රාත්‍රියේදීය. ඇය අනුරාධපුර, පමුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක් වන දිලිනි සසිකලා ප්‍රියභාෂිනී නම් කාන්තාවකි. පොලීසිය සැක කරන්නේ, මෙම ඝාතනය සිදුකර ඇත්තේ, ඇය කලක සිට අනියම් ඇසුරක් පැවැත්වූ බවට සැකකෙරෙන 22 හැවිරිදි තරුණයෙකු විසින් බවය. එම තරුණයා සීදුවේ පිහිටි මියගිය කාන්තාව ජීවත් වූ බෝඩිං කාමරයට අවස්ථා කිහිපයකදීම පැමිණ ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි. ඝාතන සිද්ධියෙන් පසු බෝඩිං…
ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කර තිබේ. අදියර 7ක් යටතේ එම මැතිවරණය පැවැත්වෙයි. එම මැතිවරණයේ පළමු අදියර අප්‍රේල් 19 වනදා ආරම්භ වන අතර දෙවන අදියර ආරම්භ වන්නේ අප්‍රේල් 26 වනදාය. ඉන් අනතුරුව 03 වන අදියර මැයි 07 වනදාත්, 04 වන අදියර මැයි 13 වනදාත්, 05 වන අදියර මැයි 20 වනදාත්, 06 වන අදියර මැයි 25 වනදාත්, 07 වන අදියර ජුනි 01 වනදාත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. පසුව ඡන්ද ගණන් කිරීමේ කටයුතු ජුනි මස 04 වනදා සිට සිදුකරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
අද (17) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි. එම දෙපර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවය. මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොණ දෙසින්ද මඩකළපුව සිට පොතුවිල් සහ හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින්ද හමා එන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමයි. සුළං වේගය පැ.කි.මී. (15-30) පමණ…
නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි බැතිමතුන් 38 දෙනෙකු රැගත් බස් රථයක් අනතුරට ලක්ව තිබේ. එම අනතුරින් රියදුරු ඇතුළු 37 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් අයෙක් මියගොස් ඇත. ඊයේ (16) සවස් කාලයේදී එම අනතුර සිදුව තිබුණේ, පේරාදෙණිය, කොබ්බෑකඩුව හන්දිය, යහලතැන්න ප්‍රදේශයේදීය. බැතිමතුන් රැගත් බස් රථය නෙල්ලිගල සිට පූඩළුඔය දෙසට ගමන් කරමින් තිබියදී බස් රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මීටර් 15ක් පමණ බෑවුමකට ලිස්සා ගොස් බස් රථය ගසක ගැටී එම අනතුර සිදුව තිබුණි. අනතුරින් රියදුරු ඇතුළු 38 දෙනෙකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙකු මියගොස් තිබුණි. මියගොස් ඇත්තේ, හාල්පොළ, පුඩළුඔය ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි…