Author: LFN
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙන බව දැනුම් දී තිබේ. මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (16) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ, උතුරු-මැද, නැගෙනහිර, පළාත් සහ කොළඹ, ගම්පහථ මෙණරාගල, මන්නාරම, මුලතිව්, වවුනියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන…
පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවල ජනතාවට වහාම 117 දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙස එම මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කර සිටියේ, අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හා සම්බන්ධ වී මෙය සිදුකරන ලෙසය. පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පවුල් 3,000ක් පානීය ජල ගැටලුවකට මුහුණ දී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එවැනි ස්ථානවල ජනතාව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන සමඟත් ජල ප්‍රවාහන ඒකක සමඟත් එක්ව මෙම තත්ත්වය විසඳීමට වැඩසටහන් ක්‍රියාත්මක වන බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. “පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා…
කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගයක් භාරදීමේදී නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කළේ යැයි චෝදනා ලබා සිටි නීතිඥවරයෙකු එම චෝදනාවලින් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. 2022 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් රුසියනු ඒරොෆ්ලෝට් ගුවන් යානයක් ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් නිකුත්කළ නියෝගයක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ ගුවන් පාලක මැදිරියට ගොස් භාරදීමේදී නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කළේ යැයි එම නීතිඥවරයාට චෝදනා එල්ලකර තිබුණි. ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව ලබාදුන්නේය. අදාළ සිද්ධියේදී වගඋත්තරකාර නීතිඥවරයා නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කර ඇති බවට කරුණු අනාවරණ වී නොමැති හෙයින් ඔහු එම චෝදනාවෙන් නිදහස් කරන බවත් නඩු තීන්දුවේ…
සීදූව ප්‍රදේශයේ බෝඩිං කාමරයක් තුළදී 27 හැවිරිදි දෙදරු මවක් ව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිවී ඇති බව පොලීසිය පවසයි. පොලීසිය සැක කරන්නේ, මෙම ඝාතනය සිදුකර ඇත්තේ, ඇය කලක සිට අනියම් ඇසුරක් පැවැත්වූ බවට සැකකෙරෙන 22 හැවිරිදි තරුණයෙකු විසින් බවයි. එම ඝාතනයෙන් පසු සැකකරු සම්පූර්ණ සිද්ධිය සිය මිතුරෙකුට පාපොච්චාරණය කර ඇති බව පොලීසිය පැවසීය. රද්දොළුව, මුතුවාඩිය පාරේ පිහිටි එම බෝඩිං කාමරයකදී 27 හැවිරිදි දෙදරු මව ව ඝාතනය කර තිබුණේ, පෙරේදා රාත්‍රියේදී බව පොලීසිය කීය. ඝාතනය කර තිබුණේ අනුරාධපුර, පමුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක් වන දිලිනි සසිකලා ප්‍රියභාෂිනී නම් කාන්තාවකි. 22 හැවිරිදි තරුණයෙක් එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය…
එළඹෙන 19 වනදා සිට නැවත වෘත්තීය ක්‍රියාමර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි. සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය කඩිනමින් මැදිහත් නොවන්නේ නම් මෙම තීරණය ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය. අද (15) කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බලධාරීන්ගෙන් සිය ගැටලුවලට බලාපොරොත්තු වුණු ප්‍රතිචාරය නොලැබුණු බවය.
අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය මාර්තු 22 දක්වා දීර්ඝ කර තිබේ. මේ වනවිට නව අයදුම්පත් 130,000ක් දෙවැනි වටය සඳහා දත්ත පද්ධතිය වෙත ලැබී ඇත. තවත් අයදුම්පත් ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් දත්ත පද්ධතිය වෙත ඇතුළත් කළ යුතුව ඇති බව වාර්තා වෙයි.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳව මූලික සාකච්ඡාව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊ (14) පැවැත්විණි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති තුම්මුල්ලේ සීලක්කන්ද හිමි, ලේඛකාධිකාරී මුගුණුවෙල අනුරුද්ධ හිමි එක්ව සිටියේය. රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක උලෙළ මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේදී දී පැවැත්වෙන අතර එහි සමාප්ති උලෙළ මාතලේ අනුරුද්ධ අරණේදී පැවැත්වීමට මෙහිදී තීරණය කෙරිණි. ඒ අනුව මැයි මස 21 වනදා සිට මැයි මස 27 දින දක්වා විවිධ ආගමික සංස්කෘතික වැඩසටහන් පැවැත්වෙන අතර, මැයි 21 වන දින රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමී…
(15) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එහි සඳහන් වන්නේ,වයඹ, උතුරු-මැද, නැගෙනහිර පළාත් සහ කොළඹ, ගම්පහ, මොණරාගල, මන්නාරම, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන සඳහා උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතින බවය. මේ අතර වැඩබිම් තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. එමෙන්ම නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව ද සැලකිලිමත් වෙන ලෙසත් වාහන තුළ කුඩා ළමුන් තනිවම රඳවා නොයන ලෙසත් දැනුම් දී තිබේ.
2022 සහ 2023 යන වර්ෂවලදී සංශෝධිත නව පනත් 107ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවූ බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය. 2023 වර්ෂයේදී රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය මගින් රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය, “බන්ධනාගාරවල සිටින රැඳවියන් රටට වැඩ ඇති පිරිසක් බවට පත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික…
කිසිදා ගිල්විය නොහැකි යැයි පැවසූ සුඛෝපභෝගී ටයිටැනික් නෞකාව පුද්ගලයින් 1500කට මරු කැඳවමින් 1912 වසරේ අප්‍රේල් 15 වැනිදා අත්ලාන්තික් සාගරයේ ගිලී ගියේ දැවැන්ත අයිස් කුට්ටියක ගැටී අනතුරට ලක්වීමෙනි. ලොවම මවිත කරවමින් එම නෞකාවට සමාන පෙනුමැති නෞකාවක් නිපදවීමට පෙරමුණ ගෙන සිටින්නේ ඔස්ට්‍රේලියානු ජාතික ක්ලයිව් පාර්මර් නම් බිලියනපතියෙකි. මීට වසර 10කට පමණ පෙර සිට මෙම සුවිශේෂී නෞකාව යළි නිර්මාණය කිරීමේ මෙහෙයුම ඇරඹුණි. ටයිටැනික් ටූ නම් මෙම නෞකාව 2027 වසරේ දී ටයිටැනික් නෞකාව ගමන් කළ සදම්ප්ටන් වරායේ සිට නිව්යෝර්ක් බලා යාත්‍රා කරවීම ඔහුගේ සැලසුම වී තිබේ. තට්ටු නවයකින් යුත් නෞකාව ඉදිකිරීමට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 500 ත් බිලියනයත් අතර මුදලක් වැයකිරීමට නියමිතය. මගීන් 2,345කට ගමන්…