Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බොන්න වතුර නැත්නම් 117 අංකයට දැනුම් දෙන්න
    Featured

    බොන්න වතුර නැත්නම් 117 අංකයට දැනුම් දෙන්න

    By LFNMarch 16, 2024No Comments3 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවල ජනතාවට වහාම 117 දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙස එම මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කර සිටියේ, අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හා සම්බන්ධ වී මෙය සිදුකරන ලෙසය.

    පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පවුල් 3,000ක් පානීය ජල ගැටලුවකට මුහුණ දී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    එවැනි ස්ථානවල ජනතාව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන සමඟත් ජල ප්‍රවාහන ඒකක සමඟත් එක්ව මෙම තත්ත්වය විසඳීමට වැඩසටහන් ක්‍රියාත්මක වන බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

    “පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා 117 දුරකථනය හා සම්බන්ධ වීම ඉතාමත් වැදගත්. ඉදිරියේ දී ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්ත්වයක් සම්බන්ධීකරණය සඳහා. යම් පානීය ජල ගැටලුවක් ඇත්නම් තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී තුමන් එසේත් නොමැති නම් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක සමග සම්බන්ධ වෙන්න. ඒ සඳහා සියල්ල සුදානමින් පවතිනවා.”

    මේ අතර පසුගිය දින 10 ඇතුළත ස්ථාන 30ක පමණ කැළෑ ගිනි තැබීමේ සිදුවීම් වාර්තා වී ඇතැයි ද පැවසු ප්‍රදීප් කොඩිප්පිලි මහතා, එම ගිනි තැබීම් පාලනය සඳහා ත්‍රිවිධ හමුදාව සීරුවෙන් සිටින බව ද පැවසීය.

    එවැනි කැළෑ ගිනි තැබීමේ සිදුවීමක් දුටු වහාම 117 දුරකථන අංකය ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා සම්බන්ධ වෙන ලෙස ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා දැනුම් දෙයි.

    පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පවුල් 3,000ක් පානීය ජල ගැටලුවකට මුහුණ දී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ වියළි කාලගුණය මැද ජල සම්පාදන ක්‍රම 6ක ජලය මුර ක්‍රමයට සැපයීමට පියවර ගෙන ඇති බවය.

    සැමවිටම අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙසයි එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    අධික වියළි කාලගුණය දින ගණනක් පුරා තවමත් දිවයිනට බලපැවැත් වේ.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුර, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලින් වාර්තාවන උණුසුම අධික කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවය.

    ගතවූ පැය 24දී දිවයිනේ වැඩිම උෂ්ණත්වය වාර්තා වුණේ කුරුණෑගලින් වන අතර එම අගය සෙල්සියස් අංශක 36.6කි.

    එමෙන්ම රත්නපුරයෙන් සෙල්සියස් අංශක 36ක් , අනුරාධපුරයෙන් සෙල්සියස් අංශක 35ක් , මන්නාරම සහ යාපනය නගරවලින් සෙල්සියස් අංශක 34ක් සහ ත්‍රිකුණාමලය සහ මහනුවර නගරවලින් සෙල්සියස් අංශක 33ක් වශයෙන් උෂ්ණත්වය අද වාර්තා වුණි.

    මේ තත්ත්වය ප්‍රදේශ රැසක වගාවලට අහිතකර ලෙස බලපා ඇති අතර ඇතැම් ප්‍රදේශවලට පානීය ජල ගැටලුද ඇතිවී තිබේ.

    මේ අතර වියළි කාලගුණය නිසා ජල සම්පාදන ක්‍රම 15ක ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

    එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි මහත්මිය පැවසුවේ, එම තත්ත්වය කළමනාකරණය කරමින් ජලය නිකුත් කිරීමට ක්‍රියාකරමින් සිටින බවය.

    ඒ අතුරින් ගම්පලවත්ත, පුස්සැල්ලාව කොටගල පුස්සැල්ල හැටන් හා ඌරුබොක්ක යන ජල සම්පාදන ක්‍රම හයෙන් මුර ක්‍රමයට ජලය සැපයීම සිදුවන බවත් ඇය සඳහන් කළාය.

    මෙම තත්ත්වය හමුවේ අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම්දෙයි.

    පවතින තත්ත්වය හමුවේ ජලාශවල ජලමට්ටම 70%ක් පමණ දක්වා පහළ බැස ඇතත් එය අඛණ්ඩ විදුලි සැපයුමට බාධා එල්ල නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.