Author: LFN

තමන් වැඩිකරගත් වැටුප් යම් ප්‍රතිශතයකින් යළි අඩු කිරීම පිළිබඳව මහ බැංකු පාලනාධිකාරිය සේවකයන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි මහ බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් ඊයේ (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසුවේ මහ බැංකු වෘත්තිය සමිති ඊට විරෝධය පළකර ඇති බවයි. ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ වැටුප් 70%කින් පමණ වැඩිකර ගැනීම හා ඒ වෙනුවෙන් මාසිකව අමතර රුපියල් මිලියන 232ක් වැය කිරීමට සිදුවීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය, දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව රැසකින් දැඩි විරෝධයක් එල්ල වුණි. එවන් පසුබිමක ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට මහ බැංකු ප්‍රධානින් කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු…

Read More

අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දී තිබේ. ඒ පසුගිය සෙනසුරාදා අරාබි මුහුදේදී සෝමාලියානු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් ඉරාන ධීවර යාත්‍රාවක් පැහැරගැනීමේ සිද්ධියත් සමගය. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ප්‍රකාශ කළේ මේ වනවිට කොල්ලකරුවන් පිරිසක් ඉරාන යාත්‍රාවක් රැගෙන අදාළ මුහුදු ප්‍රදේශයට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

Read More

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කර තිබේ. 17 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකයා ලෙස ධනංජය ද සිල්වා කටයුතු කරන අතර උපනායකත්වය දරන්නේ කුසල් මෙන්ඩිස්. ඉකුත් වසරේදී අගෝස්තු මාසයේදී ටෙස්ට් පිටියෙන් සමුගත් වනිඳු හසරංගද මෙම ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි. තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු මස 22 වැනිදාත් දෙවන තරගය මාර්තු මස 30 වැනිදාත් ආරම්භවීමට නියමිතය.

Read More

ප්‍රදේශ ගණනාවකට අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි ජාවාරම් කරුවෙකු වන කරාටේ ධම්මික නැමැත්තා සහ ඔහුගේ ගෝලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 19යි මිලිග්‍රෑම් 200ක් ද පොලීසිය සොයාගෙන ඇත. එසේම එහිදී ත්‍රිරෝද රථයක්, යතුරුපැදියක්, දුරකථන කිහිපයක් සහ සිම් කාඩ්පත් කිහිපයක් ද සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනාම යුද හමුදාවෙන් ඉවත්ව සිටි කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත. දඹුල්ල මූලසථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇල්ලේපොළ මහතාට ලද තොරතුරකට අනුව මහනුවර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකගේ සහාය ඇතිව මෙම වැටලීම සිදුකර තිබේ. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම සිදුකළ අවස්ථාවේ සැකකරුවන් විසින්…

Read More

තබ්බෝව ජලාශයේ දියේ ගිලී තරුණ භික්ෂූන් වහන්සේ නමක් අපවත්වී තිබේ. මෙලෙස අපවත්වී ඇත්තේ රජරට භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි හීල්ඔය සංඝානන්ද හිමි බවට අනාවරණය වී ඇත. හබරාදුව කොග්ගල තලාතුඩුව විවේක සේනාසනයේ භික්ෂූන් වහන්සේ නමක් වන හිමිනම වනාතවිල්ලුව ශ්‍රී ධර්මරාජ විහාරය වෙත පැමිණ සිටියදී විහාරස්ථ භික්ෂූන් වහන්සේ පිරිසක් සමග තබ්බෝව ජලාශයේ දිය නෑමට ගොස් සිටියදී මෙම ඉරණමට මුහුණ දී ඇති බවට වාර්තා වෙයි. හිමිනමගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (19) සිදුකිරීමට නියමිත අතර කරුවලගස්වැව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවය. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Read More

මෝදර රන්දිය උයන නිවාස සංකීර්ණයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති මිහිජය සෙවණ පොලිස් ස්ථානාධිපතිවරයාට ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් 2024.02.05 දින අලුයම මරණ තර්ජන කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ කොට්ටාශය විමර්ශන ආරම්භ කර ඇති බවට වාර්තා වෙනවා. අදාල සිද්ධිය මුල් කරගනිම්න් කංජිපානි ඉම්රාන් විසින් පොලිස්පති වරයාට හා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත.

Read More

මහා පරිමාණයෙන් පවත්වාගෙන යනු ලබන ගංජා වගාවක් සම්බන්ධයෙන් යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව ඊයේ (17) දින යුද්ධ හමුදා බුද්ධි අංශය හා කාවන්තිස්සපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකින් අනතුරුව වගාකරන ලද අක්කර 03 ක පමණ වපසරියකින් යුත් මහා පරිමාණ ගංජා හේනක් අත්අඩංගුවට ගෙන ඇත. එහි අඩි 6ක පමණ උසින් යුත් ගංජා පැල 87000 අධික ප්‍රමාණයක් තිබී ඇති අතර, කුබුක්කන්වල, උඩපෙත්ත, යාල ජලාශ අසල විකිණීමට සුදානම්කර තිබූ වියළි ගංජා ග්රෑම් 7340 ප්‍රමාණයක් සමග සැකකරුවන් 3 දෙනෙකු කාවස්තිස්ස පොලීසීය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවේ.

Read More

ප්‍රදේශ තුනක දී පුද්ගලයින් තිදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසයි. ඊයේ (17) පස්වරුවේ ගිරිඋල්ල නගර මධ්‍යයේ ගලා බසින මාඔයේ ගිලී තරුණයෙකු අතුරුදන් ව තිබේ. පසුව තරුණයාගේ සිරුර මීගමුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සොයාගෙන ඇත. මෙම තරුණයා ඔහුගේ මිතුරන් කිහිපදදෙනෙකු සමග මාඔයේ දියනාමින් සිටින අතරවාරයේ මෙලෙස දියේ ගිලි ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි. මේ අතර, ඊයේ උදෑසන පොතුවිල්, කඳහිදගම වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි හුලංනුගේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එමෙන්ම යාපනය, නාවලර් පාර ප්‍ර දේශයේ ළිඳකට වැටීමෙන්…

Read More

ආසියානු සංවර්ධන බැංකුව මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් අනුමත කර තිබේ. එම මුදලින් මිලියන 50ක් අපනයන, සංචාරක, තාක්ෂණ, කෘෂිකර්ම සහ නිෂ්පාදන අංශවල ඌන සේවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වෙන්කිරීමට නියමිතය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත ණය සඳහා අර්ධ ණය ඇපකර සපයන සීමා සහිත ජාතික ණය ඇපකර ආයතනය හරහා රජයේ කොටස් දායකත්වය සඳහා මෙම ණය ආධාරය ලබා දීමට සැලසුම් කර තිබේ. ආසියානු සංවර්ධන බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, මෙරට ආර්ථිකයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර දළ දේශීය නිෂ්පාදිතයට ඔවුන් සියයට 52ක දායකත්වයක් සපයන…

Read More