Author: LFN

ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට හානි නොවන පරිදි ගැටලුවට සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් වැටුප් වැඩිකිරීම කල්දමන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහ බැංකුවට අද නිර්දේශ ලබාදුන්නේය. පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳ අදහස් දක්වමින් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර සිටියේ, වැටුප් වැඩිකිරීම සලකා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් මහ බැංකු අධිපතිවරයාගේ එකඟත්වය ඇතිව ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් කඩිනමින් පත්කරන ලෙසට ද නිර්දේශ කරන බවය. ඒ පිළිබඳ වාර්තාව සති 4ක් ඇතුළත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසත් නිර්දේශ කර සිටි හර්ෂ ද සිල්වා මහතා, ලැබී ඇති කරුණු මත අනෝන්‍යව…

Read More

ආසාදිත සෛල වලින් එච් අයි වී ඉවත් කිරීමට විද්‍යාඥයින් කණ්ඩායමක් සමත් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. නොබෙල් ත්‍යාගයෙන් සම්මාන ලැබූ Crispr නම් ජාන තාක්ෂණය ඒ සඳහා යොදාගෙන තිබේ. එම තාක්ෂණය මගින් ආසාදිත සෛල වල DNA ඉතා කුඩා කොටස්වලට විච්ජේදනය කර ඉවත් කිරීම හෝ අක්‍රිය කිරීම සිදු කරයි. ඒ ඔස්සේ යමෙකුගේ සිරුරේ ඇති වෛරස සම්පූර්ණයෙන් ඉවත් කළ හැකි බව විද්‍යාඥයෝ පවසති. නමුත් එහි ආරක්ෂාකාරී බව සහ ඵලදායී බව සම්බන්ධයෙන් තවත් පරීක්ෂණ කළ යුතු බව ඔවුන්ගේ අදහසයි. දැනට භාවිතයේ ඇති එච් අයි වී ඖෂධ මගින් වෛරසය පැතිරීම නැවැත්විය හැකි වුවත් එය සිරුරෙන් ඉවත් කිරීමට අසමත් ය.

Read More

කොරියාවට යවන බව පවසා මුදල් වංචා කළ බවට චෝදනා එල්ලවී ඇති ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියාට එරෙහිව පරිගණක අපරාධ කොට්ඨාශය විසින් අද අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ. එහිදී පරිගණක අපරාධ කොට්ඨාශය දැනුම්දී ඇත්තේ ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියාට එරෙහිව ආගාමික සහ විගාමික පනත යටතේ වැරදි අනාවරණය වන බවය. මේ අතර ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියා විසින් සිදුකළ අපේක්ෂිත ඇපය සම්බන්ධයෙන් විරුද්ධ වන බවද පොලීසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙසට අධිකරණයේ කළ ඉල්ලීමට අදාළ නියෝගය ලබාදීම එළඹෙන 27 වනදා දක්වා කල්තබන…

Read More

1990 හදිසි ඇමතුම් අංකය ඔස්සේ මෙරට ක්‍රියාත්මක සුවසැරිය ගිලන්රථ සේවාව ඩිජිටල් තාක්ෂණය නොමිලේ උපයෝගි කරගනිමින්, නොමිලයේ සේවා සපයන ලොව වඩාත් උසස් ගිලන්රථ සේවාවක් ලෙස ලෝක බැංකුව මගින් හඳුන්වාදී තිබේ. ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ ලොව ගිලන්රථ සේවා අතර වේගවත්ම ප්‍රතිචාර දක්වන සේවාවක් බවට සුවසැරිය ගිලන්රථ සේවාව පත්වී ඇති බවය. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය නියෝජ්‍ය සභාපති මාර්ටින් රේසර් ලෝක බැංකුවේ නිල වෙබ් අඩවිය වෙත සුවසැරිය පිළිබඳ වාර්තාවක් ගොනු කර ඇත්තේ දකුණු ආසියාවේ දුප්පත්කම තුරන්කිරීමේ තේමාව යටතේය. එම වාර්තාවේ දැක්වෙන පරිදි 2016 වසරේදී සුවසැරිය ගිලන් රථ සේවාව මෙරට හඳුන්වාදීමෙන් පසු මේ දක්වා මිලියන 1.8ක ශ්‍රී ලාංකිකයින් 1990 සුවසැරිය ගිලන්රථ සේවාව සමග සම්බන්ධවී…

Read More

අරුනාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ අයිතිය සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යංශය කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉන්දියාව සිය විරෝධය දක්වා තිබේ. ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍යංශය පවසන්නේ චීනය කර ඇත්තේ “විකාර ප්‍රකාශයක්” බවයි. අරුනාචාල් ප්‍රදේශ් ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තයකි. එය චීන පාලනයේ පවතින දකුණු ටිබේට ය ආසන්නයේ පිහිටා තිබේ. චීනය පවසන්නේ අරුනාචාල් ප්‍රදේශ් ප්‍රාන්තය දකුණු ටිබේටයට අයත් බවයි.

Read More

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය තුළ දරන තනතුරුවලින් ඒ මහතා ඉවත් කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය විසුරුවා හරින ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් කළ ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව අදාළ වාරණ නියෝගය අප්‍රේල් මස 02 වනදා දක්වා දීර්ඝ කිරීමටත් අධිකරණය නියම කර තිබේ. සරත් ෆොන්සේකා මහතා විසින් ගොනුකළ පැමිණිල්ලක් සලකාබැලූ කොළඹ දිසා අධිකරණය ඉකුත්දා මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණි. එම වාරණ නියෝගය නිකුත් කර තිබෙන ආකාරය දෝෂ සහිත බවත් එබැවින් එය ඉවත් කරන ලෙසත් ඉල්ලා අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස,…

Read More

ඊයේ (19) උදෑසන ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු සතුව තිබී ස්වර්ණාභරණ කිලෝ 5ක් පමණ හමුවී තිබේ. ශ්‍රී ලංකා රේගුව පැවසුවේ එම පුද්ගලයින් දෙදෙනාව ග්‍රීන් චැනල් පර්යන්තයේදී හඳුනාගෙන පසුව ඔවුන්ව පරීක්ෂා කර එම රන් භාණ්ඩ සොයාගත් බවය. එහි වටිනාකම රුපියල් කෝටි 10ක් පමණ වූ බව සඳහන් ය. එම මගීන් දෙදෙනා අම්බලන්ගොඩ සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

Read More

ලංගම බස් රථයක් පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබේ. අනතුර සිදුව ඇත්තේ මහවෙල කොහොලන්වල ප්‍රදේශයේදීය. මහනුවර සිට හොරොව්පතාන දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් පෙරළී මෙම අනතුර සිදුව ඇත.

Read More

පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට කාන්තාවන් සියයට හතලිහක් පමණ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ. ලංකා ගුරු සංගමය පවසන්නේ සනීපාරක්ෂක තුවා මිල අධික ලෙස ඉහළයෑම හමුවේ සිසුවියන්ගේ පාසල් පැමිණීමද අඩුව ඇති බවය. එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් සියයට 40ක් කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවටය. පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය සිදුකළ එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ සනීපාරක්ෂක තුවා සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවය. වර්තමානයේ ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන බදු ප්‍රමාණය සියයට 51 ක් පමණ වෙයි. දේශීය සනීපාරක්ෂක…

Read More

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට යළිත් ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (19) පියවර ගත්තේය. ඒ, බංග්ලාදේශය කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරගයේදී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති උල්ලංඝණය කිරීම හේතුවෙනි. බංග්ලාදේශය සමග ඊයේ පැවති තරගයේදී වනිඳු හසරංග විනිසුරු තීරණයකට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම හේතුවෙන් වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙලෙස තීරණය කර තිබේ. බංග්ලාදේශ ඉනිමේ 37 වැනි පන්දුවාරයේදී වනිඳු හසරංග විසින් විනිසුරුවරයෙකුගෙන් ඔහුගේ හිස්වැසුම උදුරා ගැනීමක් සිදු කළ බවත්, ඉන් විනිසුරුවරයා සමච්චලයට ලක් කිරීමක් සිදුවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙයි. මෙම වරද හේතුවෙන් වනිඳුගේ විනය වාර්තාවට දඬුවම්…

Read More