Author: LFN

නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරතවූ නිකවැරටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සතු දේපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (21) දින පවරාගෙන තිබේ. එහිදී වසර 30කට ආසන්න කාලයක් තිස්සේ නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරතවෙමින් සැකකරු උපයා තිබූ රුපියල් කෝටි 10කට වැඩි වටිනාකමකින් යුත් නිශ්චල හා චංචල දේපොළ පොලීසියට පවරාගෙන ඇත. අදාළ සැකකරු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සතුව තිබී මෙහිදී පවරාගෙන ඇති දේපොළ අතර රුපියල් ලක්ෂ අසූවකට අධික වටිනා ටිපර් රථයක්, නිකවැරටිය ප්‍රදේශයේ කුඹුරු අක්කර 30 ක්, නවීන නිවසක් සහිත ගොඩ ඉඩම් අක්කර තුනක්, තවත් ඉදිකරමින් පවතින නිවසක් ඇති බව පොලීසිය පවසයි. එසේම සැකකාර ජාවාරම්කරුට වසර 15ක පමණ කාලයක් තිස්සේ මත්පැන්…

Read More

අද (22) දිනයේ නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වෙයි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Read More

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඊයේ (21) වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය. විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 75ක් සහ විරුද්ධව ඡන්ද 117ක් හිමිවිය. මන්ත්‍රීවරුන් කිසිවෙක් ඡන්දය දීමෙන් වැළැකී සිටියේ නැත. ඒ අනුව වැඩි ඡන්ද 42කින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වුණි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින තුනක් පුරා සිදුකෙරුණි.

Read More

දකුණු පළාත තුළ නීතිය සාමය රජ කරවන යුගයක් නිර්මාණය කරන බව පළාත භාර නව ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා පවසයි. එම ධුරයේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා මේ බව පැවසීය. එහිදී අදහස් දැක්වූ ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා, “මගේ ප්‍රධාන අරමුණ තමයි අපේ ගරු පොලිස්පතිතුමා දේශබන්දු තෙන්නකෝන් මහත්මයාගේ මේ රට හැදීමේ කටයුත්තේ ප්‍රමුඛස්ථානයක් ගැනීම. මේ දකුණු පළාත තුළ නීතිය සාමය රජ කරවන යුගයක් හදන්න ඕන. මිනිස්සුන්ට බියෙන් සැකෙන් තොරව ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් සකස්කරන්න ඕන. ඒ නිසා ඒ පරිසරය සකස්කරනවා, සකස්කරන්න බැරිනම් එන්නෙත් නෑ. සකස්කරනවා ඒ නිසා ඒකට අවශ්‍ය සහයෝගය ඔයගොල්ලෝ ලබාදෙන්න.”

Read More

රාජ්‍ය නැකැත් කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙවර සිංහල දෙමළ නැකැත් අසුබ බවට පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා එල්ල කළ ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය අද (21) විකල්ප නැකැත් රටට ඉදිරිපත් කළේය. ඔවුන් මෙම නැකැත් ඉදිරිපත් කළේ ජාතික නැකැත් කමිටුව ලෙස සංවිධානයක් පිහිටුවා ගනිමිනි. 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නැකැත් කමිටුව රාත්‍රී කාලයේ ඉදිරිපත් කළ නැකැත් රටට අසුබ බවට ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය අවස්ථා කිහිපයකම ප්‍රකාශ කළේය. ඒ අනුව රාත්‍රී නැකැත් වෙනුවට උදෑසන නැකැත් ඇතුළත් කරමින් විකල්ප නැකැත් සීට්ටුවක් ඔවුන් රටට අද ඉදිරිපත් කළේය. එම සංගමය නියෝජනය කරමින් ප්‍රවීණ ජ්‍යෙතීර්වේදී, ජනක මාධව නවරත්න මහතා පවසා සිටියේ, මෙවර අලුත් අවුරුදු උදාව 13…

Read More

සිය භාරයටගත් නීතිවිරෝධී ලන්ච් ෂීට් කිලෝග්‍රෑම් 5,377ක් මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණයෙන් විනාශ කර තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව සිදුකළ වැටලීම්වලින් මෙම ලන්ච් ෂීට් සොයාගෙන තිබූ අතර, පුත්තලමේ පෞද්ගලික සමාගමක දී එම ලන්ච් ෂීට් තොගය විනාශ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය ඊයේ (19) කටයුතු කළේය. නීතිවිරෝධී පොලිතීන් ලන්ච් ෂීට් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය පැවරූ නඩු දොළහකට අයත්, නඩුභාණ්ඩ ලෙස ගබඩාකර තිබූ නීතිවිරෝධී පොලිතීන් ලන්ච් ෂීට් මෙලෙස විනශ කිරීමට කටයුතු කෙරිණ. බස්නාහිර පළාත සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට අදාළව සිදුකළ මෙම නඩු පැවරීම් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය, කොළොන්නාව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය, කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය, ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය සහ කුරුණෑග, මහෙස්ත්‍රාත් අධිකරණය…

Read More

ලෝක බැංකුව විසින් සංවිධානය කළ සමුළුවකට සහභාගී වීම සඳහා අමෙරිකාවේ වොෂිංටන් වෙත ගොස් සිටි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (20) රාත්‍රි යළි දිවයිනට පැමිණ තිබේ. ඒ ජනාධිපතිවරයා කළ කැඳවීමකට අනූව ය. අමාත්‍යවරයා දිවයිනට පැමිණි පසු මාධ්‍ය හමුවේ පැවසුවේ කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙලෙස තමා කැඳවු බවයි.

Read More

රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ දී, මහවැලි ව්‍යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙරට වාරි ඉතිහාසය තුළ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් එදා ගාමිණී දිසානායක මහතා මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක නොකළා නම් අද රට සහලින් ස්වයංපෝෂිත කිරීමට නොහැකි වන බවත්, රටට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට නොහැකි වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. කීර්තිමත් දේශපාලනඥයකු වූ ගාමිණී දිසානායක මහතාගේ අසූ දෙවැනි ජන්ම දින සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වූ අතර, එයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. “ජේ. ආර්. ජයවර්ධන මහත්තයා විපක්ෂයේ සිටියදීත්…

Read More

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය කුමාරදාස හන්දියේ දී මීට සුළු වේලාවකට පෙර පෞද්ගලික බස්රථයක් මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව තිබේ.‍ අනතුරින් පාසල් ළමුන් 7 දෙනෙකු සහ බස් රථ රියදුරු ඇතුළු 15 දෙනෙක් වැල්ලවාය මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි අප වාර්තාකරු පැවසීය. බස් රථයේ රියදුරුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අනතුර සිදුව ඇතැයි පොලීසිය සැක පළ කරයි. වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

පසුගිය සති අන්තයේ පැවති ජනාධිපතිවරණයෙන් පස්වැනි වතාවටත් රුසියාවේ ජනපති ධුරයට පත්වූ ව්ලැදිමීර් පුටින් සිය නව ධුර කාලයේ පළමු විදෙස් සංචාරයට චීනය තෝරාගෙන ඇති බව වාර්තා වෙයි. ලබන මැයි මාසයේ මැද භාගයේ ජනපති පුටින් චීනයේ සංචාරය කිරීමට සැලසුම් කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය ඊයේ වාර්තා කළේය. චීන ජනපති ෂි ජින්පින්ගේ යුරෝපා සංචාරයට පෙර ජනපති පුටින් මෙලෙස චීනයේ සංචාරය කරනු ඇති බව එහිදී අනාවරණය විය. රුසියාව 2022 වසරේ පෙබරවාරි මාසයේ යුක්‍රේනය ආක්‍රමණය නැත්නම් විශේෂ හමුදා මෙහෙයුම දියත් කිරීමට දින කිහිපයකට පෙර ද ජනපති පුටින් චීනයේ සංචාරයක නිරතවුණි. එහිදී රුසියානු සහ චීන නායකයන් ප්‍රකාශ කළේ දෙරට අතර සීමාවකින් තොරව සබඳතා වර්ධනය කිරීමට…

Read More