Author: LFN

2024 පෙබරවාරි මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයනයේ සුළු වර්ධනයක් සිදුව ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි. වෙළෙඳ භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 983.7ක් වූ අතර, එය 2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව 0.17%ක සාමාන්‍ය වර්ධනයක් වාර්තා කර තිබේ. එමෙන්ම 2024 පෙබරවාරි මාසයේ අපනයන කාර්ය සාධනය, 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 1.3% කින් වැඩි වී ඇති බව ද අපනයන සංවර්ධන මණ්ඩලය නිවේදනය කරයි. 2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව, කෘෂිකාර්මික අපනයන 11.82%ක සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ අතර, අමෙරිකානු ඩොලර් මිලියන 255.76 දක්වා ළඟා විය.

Read More

වයස අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවෙකු සිය කැමැත්ත සහිතව වයස අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමග ලිංගික සබඳතාවක් පැවැත්වුහොත් ඊට ලබාදෙන දඬුවම ලිහිල් කිරීමට අදාළව රජය ගෙනඒමට යෝජිත සංශෝධන වහා හකුළා ගත යුතු බව පාර්ශ්ව රැසක් පෙන්වා දෙයි. දණ්ඩනීති සංග්‍රහයේ 19 වැනි පරිච්ඡේදය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් පසුගිය පෙබරවාරි 13 වැනිදා ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබිණි. අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නියමය පරිදි එය ප්‍රකාශයට පත්කර තිබුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 363 සහ 364 සංශෝධනය කරමිනි. යෝජිත සංශෝධනයට අනුව වයස අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවෙකු වයස අවුරුදු 22කට අඩු පුද්ගලයෙකු සමඟ…

Read More

කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති වෘත්තීය සමිති මාධ්‍ය සාකච්ඡාවකට බාධා කළ බාහිර පුද්ගලයින් සිව් දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය මගින් එම සමිති මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබුණි. මාධ්‍ය සාකච්ඡාව අතරතුර බාහිරින් පැමිණි පිරිසක් මාධ්‍ය සාකච්ඡාවට බාධා කළේය. අනතුරුව එම ස්ථානයට පොලීසිය පැමිණියේය. එවිත බාධා කළ පිරිස එම ස්ථානයෙන් දිවගිය අතර ඔවුන් ව හඹා ගොස් ඉන් සිව් දෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් සමත් විය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (21) රාත්‍රියේ සිදුවී තිබේ. එහිදී ජනාධිපතිවරණය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත සෙසු මැතිවරණ පිළිබඳ සහ දේශපාලන කටයුතු පිළිබඳව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරුවී ඇත. පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම හමුව සිදුවීම විශේෂත්වයකි. ඒ අනුව ඉදිරි මැතිවරණයන්ට අදාළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේවෙතත් මැතිවරණය පිළිබඳ මෙහිදී දෙපාර්ශ්වය අතර අවසන් එකඟතාවක් ඇතිවී නොමැති බැවින් ඉදිරියේදීත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා…

Read More

මෙරට ඉන්ධන වෙළෙඳපොළට අලුතින් එකතු වන ෂෙල්-ආර් එම් පාක්ස් සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව ඊයේ (21) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය. ඒ අනුව එම සමාගම අද (22) සිට පිරවුම් හල් 150ක් හරහා ඉන්ධන අලෙවිය ආරම්භ කරයි.

Read More

වැටුප් සංශෝධන පිළිබඳ COPF වාර්තාවේ සියලුම නිර්දේශ පිළිගත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඊයේ (21) රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම්දී ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. හැකි ඉක්මනින් වැටුප් සමාලෝචනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත් කරන බවත්, එතෙක් මහ බැංකුවේ වැටුප් වැඩිවීම ලබන මාසයේ සිට කල්දමන බවත් ඔහු සඳහන් කළේය.

Read More

පුත්තලම සාලියවැව සිරිසරවත්ත ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් නිවසේ නොමැති බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට මීට දින කිහිපයකට පෙර ඇමතුමක් ලැබී තිබුණි. ඊට අනුව විමර්ශන ඇරඹූ සාලියවැව පොලීසියට ඇය හමුවන්නේ, කැලෑබද ප්‍රදේශයක සිටියදීය. ඒ එම ප්‍රදේශයේම පදිංචි තවත් තරුණයෙකු සමගිනි. 15 හැවිරිදි දැරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පොලීසියට පවසා ඇත්තේ, තම මව්පියන්ගේ ද කැමැත්ත ඇතිව තරුණයා සමග ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බවය. එමෙන්ම අවස්ථා රැසකදී තමා 28 හැවිරිදි තරුණයාගෙන් ලිංගික අපයෝජනයට ලක්වූ බවත් ඇය පොලීසියට පවසා තිබුණි. එමෙන්ම 2021 සිට අවස්ථා ගණනාවකදී එම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයින් තිදෙනෙකු ඇයව අපයෝජනයට ලක්කර ඇති බවත් මෙහිදී අනාවරණවී ඇත. ඇය පොලීසියට පවසා ඇත්තේ, එම සිව්දෙනා…

Read More

පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් සමග ගණේමුල්ලේදී පෙරේදා (21) රාත්‍රියේ ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත් පාතාලයේ කුලී ඝාතකයා සම්බන්ධයෙන් තවත් තොරතුරු හෙළිවී තිබේ. එලෙස මියගොස් ඇත්තේ, යුද හමුදාවේ සේවය කර මීට ටික කලකට පෙර ඉන් පළාගොස් සිටි 28 හැවිරිදි ශෙහාන් අසංක නම් ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු පැට්ටා මංජු නම් අපරාධකරුගේ සහෝදරයා වන දිනේෂ් වසන්ත යන පුද්ගලයාගේ සමීපතමයෙක් වන අතර වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක්, පතුරම් ගැබක් හා ඊට යොදන ජීව උණ්ඩ කිහිපයක්ද සොයාගෙන තිබුණි. මේ අතර වෙඩික්කරු මියයෑමෙන් අනතුරුව දිනේෂ් වසන්ත නම් පුද්ගලයා තවත් අයෙකුට දුරකථන ඇමතුමක් ලබාදී අදාළ සිදුවීම පිළිබඳව විමසන හඬපටයක් ද විමර්ශන නිලධාරීන්ට හමුවී…

Read More

රත්නපුර කිරිඇල්ල ඇල්ලගාව ප්‍රදේශයේදී කළු ගඟේ දිය නැමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇල්ලගාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි වියේ පසුවූ පාසල් දරුවෙක් සහ 23 හැවිරිදි වියේ පසුවූ හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළෙකි. මළසිරුරු කිරිඇල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර කිරිඇල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read More

දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන තිබේ. මත්පැන් නඩුවකට අදාළව විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් මෙලෙස දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන ඇත.

Read More