Author: LFN

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව කිලෝ 1ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150 කින් පහළ දැමීමට තීරණය කර ඇත. එසේම ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින් පහළ දැමීමට ද තීරණය කර තිබේ.

Read More

ආර්ථිකමය වශයෙන් රට අවදානම් තත්ත්වයෙන් තවමත් මිදී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ ඊයේ (23) අනුරාධපුරයේදී මාධ්‍ය අමතමිනි. “රටේ ආර්ථිකය තමයි ඊළඟ මැතිවරණය තුළ ප්‍රධානතම කාරණය විය යුත්තේ සහ ආර්ථිකය හැසිරවීමට හැකියාව තියෙන පුද්ගලයා, දර්ශනයක් තියෙන පුද්ගලයා කියන කාරණය තමයි ප්‍රධාන විය යුත්තේ. මොකද අවදානම් සහගත තත්ත්වයෙන් ආර්ථිකය තවම මිදිලා නැහැ.”

Read More

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “යුනයිටඩ් යුත් තරුණ එකමුතුව” විසින් “තරුණ අපේ අනාගතය” මැයෙන් ඊයේ (23) පොළොන්නරුවේ දී සංවිධානය කර තිබූ සුහද කථා බහට එක් වෙමිනි. එමෙන්ම මෙරට ආර්ථික ප්‍රකෘතිය උදාකරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළක් තුළින් පමණක් බවත්, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප අත්විඳි පීඩාවන් මතු පරපුරට උරුමවීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපතිවරයා පැවසීය. එසේම තමා භාරගත්තේ අනෙකුත් දේශපාලනඥයන් භාර ගැනීමට අකමැති වූ රටක් බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඔවුන් තම දේශපාලන අනාගතය පිළිබඳ සිතද්දී…

Read More

වයස අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවෙකු සිය කැමැත්ත සහිතව වයස අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමග ලිංගික සබඳතාවක් පැවැත්වුහොත් ඊට ලබාදෙන දඬුවම ලිහිල් කිරීම සඳහා රජය ගෙනඒමට නියමිතව තිබූ පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ (23) ප්‍රකාශ කළේය. ඒ, කොළඹ පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. “බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලුවා පනත් කෙටුම්පත සම්මත කිරීම අත්හිටුවන්නැයි කියලා. තවදුරටත් සාකච්ඡා කළ යුතු බව දැනුම් දුන්නා. කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කරද්දී මම නීතිපතිට දැනුම් දුන්නා… මෙම කෙටුම්පත අප ඉදිරියට ගෙන නොයන බව. ඒ වෙනුවට සාකච්ඡාවක් දෙනවා අදාළ පාර්ශ්වයන්ට. සාකච්ඡාවෙන් පසුව තීන්දුවක් ගන්නවා. එය පාර්ලිමේන්තුවේදී ඉල්ලා…

Read More

මෙරට පුහුණු වෛද්‍යවරුන් හෝ හෙදියන් 100 දෙනෙකු අතුරින් 30ත් 40ත් අතර ප්‍රමාණයක් රට හැර යාම සිදුවන බවත් එය අඛණ්ඩව සිදුවීම රටට යහපත් තත්ත්වයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ලොව ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ඉහළ නංවමින් එය රටේ ආර්ථිකයට ප්‍රශස්ත අයුරින් දායක කර ගැනීම සියලු දෙනාගේ වගකීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නෙදර්ලන්ත රජයේ DRIVE සහන ණය ක්‍රමය යටතේ ඉදිකරන ලද පේදුරු තුඩුව මූලික රෝහලේ “හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය” ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට පසුගිය (22) පස්වරුවේ එක් වෙමිනි. මෙරට වෛද්‍ය සහ හෙද අවශ්‍යතාවය සපුරාලීම සඳහා…

Read More

රුපියල් කෝටි 02කට ආසන්න වටිනාකමක් සහිත අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ය. දෙමටගොඩ බේස්ලයින් පාර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසලදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැටලීම සිදුකර තිබුණි. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඔරුගොඩවත්ත ‘චප්පා’ නමැත්තෙකි. අනෙක් සැකකරු ත්‍රීරෝද රථයේ රියදුරා වන බොරැල්ල සහස්පුර පදිංචිකරුවෙකි. ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1580 ක් පොලිස් භාරයට ගෙන ඇත.

Read More

ඇතැම් ප්‍රදේශවල සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවීමේදී පොලිස් නිලධාරීන් විසින් වැරදි තොරුතුර ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතා පවසයි. එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ, එවැනි වැරදි තොරතුර ලබාදුන් නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය. ඊයේ (23) රත්නපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ටිරන් අලස් මහතා, “යුක්තිය මෙහෙයුම පටන් ගන්න ඉස්සරවෙලා අපි අධ්‍යයනය කරන කාලයේ අපි ප්‍රජා කමිටු පිහිටුවන වැඩේ අලුතින් කෙරුවේ. අපි අලුත් විදිහකට හිතලා… මට මතකයි සැප්තැම්බර් 30 වෙනෙකොට ඒක ඉවර කරන්න කියලා තිබුණේ. ඊට පස්සේ ඔක්තෝම්බර් 10 වෙනතුර කල් ඉල්ලුවා. මම ඔක්තෝම්බර් 10 වෙනකොට ඉවර කරන්න කිව්වා. පොලිස්පතිතුමා…

Read More

පාස්කු ප්‍රහාරය ගැන සති තුනකට පෙර ලැබුණූ තොරතුරක් අනුව පෙරේදා (22) තමා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් සිදුකළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිචාර දක්වමින් ඊයේ (23) එම ප්‍රකාශය සිදුකළේය. “පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට සති තුනකට පෙර මට ලැබුණු තොරතුරක් අනුව තමයි මම ඊයේ ඒ ප්‍රකාශය සිදුකළේ. අධිකරණයකින් මට නියෝගයක් ලැබුණොත් ඇවිල්ලා පෙනී සිටින්න කියලා. මම රහසිගත සාක්ෂියක් දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. රහසිගතව ප්‍රකාශයක් දෙන්න වෙන හේතුවක් නිසා නෙමෙයි. විවෘත සාක්ෂියක් දුන්නොත් අධිකරණයේ… මම දන්නවා පැහැදිලිවම මගේ ජීවිතය සහ මගේ දරු පවුල් පවා විනාශ කරන්න පුළුවන්. එක නිසා මේක…

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල සංචාරයක් සඳහා එළඹෙන සඳුදා (25) චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ. චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා එම සංචාරයේ නිරත වේ. අග්‍රාමාත්‍යවරයා මාර්තු 25 සිට 30 දක්වා චීන සංචාරයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිතය.

Read More

ලෝකය සමග තරග කරන සුවිශේෂී ශ්‍රී ලාංකික ව්‍යාපාරයක් පිළිබඳ අද දෙරණ ට මෙලෙස තොරතුරු වාර්තා වුණි. ඒ “ටිකිරි TOYS” නමැති ආයතනය පිළිබඳවය. එම අයාතනය විසින් රෙදි භාවිතයෙන් සුරතල් බෝනිකන් සහ රබර් භාවිතයෙන් සුරතල් සතුන් නිර්මාණය කර ලොව පුරා අපනයනය කරයි. ටිකිරි TOYS ප්‍රධාන විධායක නිලධාරී මනෝහරී ෂෙරීෆ් පැවසුවේ සිය ව්‍යාපාරය හරහා වාර්ෂිකව ඩොලර් මිලියන 12ක් උපයන බවය. ටිකිරි TOYS ප්‍රධාන විධායක නිලධාරී මනෝහරී ෂෙරීෆ්, “ජර්මනියේදී මෙයාගේ නම මොකක්ද ඇහුවා. නමක් තිබුණේ නැහැ . එකපාරටම මම කිව්වා මීයා කියලා. මීයාට දැන් යාළුවෝ ඉන්නවාද ඇහුවා ? මීයා සහ ඇල්වින් කියලා මම පොතක් ලිව්වා එය භාෂා 12කට පරිවර්තනය වුණා.”

Read More