Author: LFN

2024 වර්ෂයේ අවුරුදු නැකත් සීට්ටුව සම්බන්ධයෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් කර ඇත්තේ විවිධ මතිමතාන්තරවලට නොරැවටී රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස්කර ඇති 2024 වර්ෂයේ නැකත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටුකරන ලෙසටය. ඊට අදාළ නිවේදනය පහතින්.

Read More

පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න තමා දන්නා බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීම සඳහා කළ දැනුම්දීමකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපතිවරයාගෙන් පැය පහක කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා විය. පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න තමා දන්නා බවත්, ඒ පිළිබඳ අධිකරණයෙන් නියෝගයක් දෙන්නේ නම් ඒ ගැන කරුණු හෙළි කිරීමට තමන් සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාර්තු 22 වනදා මහනුවරදී ප්‍රකාශ කළේය. ඔහුගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළ අතර ඒ අනුව ඒ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය…

Read More

කෘත්‍රීම බුද්ධිය වැඩසටහන පාසල් දරුවන් වෙත රැගෙන යාම සඳහා රුපියල් මිලියන දාහක මුදලක් රජය විසින් වෙන්කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ ඊයේ (25) පෙරවරුවේ පැවැති “2024 වර්ෂයේ පාසල් ආහාර වැඩසටහනේ“ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි. රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම මෙන්ම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතු බවද පාසල් අධ්‍යාපනයේ සහ විභාග ක්‍රමයේ වෙනසක් පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. උත්සවය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස් පහතින්, අද පාසල් ආහාර වැඩසටහන ආරම්භ වනවා. මෙම…

Read More

පාස්කු දේව මෙහෙයන් පැවැත්වෙන අවස්ථාවන් සඳහා කිතුණු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සියලුම කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව එළඹෙන 29 වනදාට යෙදෙන මහ සිකුරාදා දිනයට සහ 31 වනදාට යෙදෙන පාස්කු ඉරිදා දේව මෙහෙයන් වෙනුවෙන් මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනු ඇත. එසේම බැතිමතුන් වැඩි වශයෙන් පැමිණෙන දේවස්ථාන තෝරාගෙන ඒවා වෙත ගොස් පාස්කු උත්සවය වෙනුවෙන් සිදුකරන දේවමෙහෙයන්ට අදාළ ආරක්ෂක කටයුතු පිළිබඳව පෞද්ගලිකවම සොයාබලන ලෙසටද එමගින් උපදෙස් ලබාදී ඇත. මෙම ආරක්ෂක සැලැස්ම යටතේ දේව මෙහෙයන් ආරම්භ කිරිමට ප්‍රථමයෙන් එම පරිශ්‍රයන් බැතිමතුන්ට හිරිහැරයක් නොවන පරිදි යම් පරීක්ෂාවකට ලක් කිරීම, දේව…

Read More

අන්තර්ජාලය ඔස්සේ එල්ලවන විවිධ තර්ජනයන් සම්බන්ධයෙන් ඕනෑම අයෙකුට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කළහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළකළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ නිවසේ සිටම ඊමේල් මාර්ගයෙන් එම පැමිණිල්ල සිදුකළ හැකි බවය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව මහතා, “පරිගණක අපරාධමය වරදක් සිදුවුණ අවස්ථාවක පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙනවා නිවසේ සිටම. ඒකේ තියෙනවා ඊමේල් ලිපිනයක් dir.ccid@police.gov.lk මේ ඊමේල් ලිපිනයට ලබාදීමේ හැකියාව තියෙනවා. ඒ වගේම 109 දුරකථනය… ළමා හා කාන්තා අපයෝජන නිවාරණ…

Read More

බන්ධනාගාරගත කර සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වසන්ත කුමාර යන අයගේ මුදල් කටයුතු භාර ප්‍රධානියා ලෙස සැලකෙන ‘අයියා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා ඊයේ (25) වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු මීට පෙර නඩු 187කට වරදකරු වී වසර 60ක සිරදඬුවම් නියමව බන්ධනාගාරගතව සිට යහපත් කල්ක්‍රියාව හේතුවෙන් එම දඬුවම් කාලය වසර 10කින් අවසන් කර නිදහස්ව සිටි අයෙකි. 45 හැවිරිදි සැකකරු අද වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ යුක්තිය මෙහෙයුමට සමගාමීව ගම්පහ ඉඳිගොල්ල ප්‍රදේයේදීය. සැකකරු මීට මාස 7කට පෙර එම සුඛෝපභෝගි නිවස රු.100,000 ක කුලී පදනම මත ලබා ගෙන ඇත්තේ ව්‍යාපාරිකයෙකු බව හඟවමිනි.…

Read More

දකුණු පළාතේත්, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (26) මි. මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු සහමධ්‍යම පළාත්වලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ඉබ්බාගමුව – බක්මීගොල්ල ප්‍රදේශයේ පිහිටි පුද්ගලික අධ්‍යාපන ආයතනයක සිසුන් පිරිසක් අතර ඇති වු ගැටුමකින් 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. නේවාසික පුද්ගලික අධ්‍යාපන ආයතනයක් තුළ ඊයේ (24) රාත්‍රියේ කාලයේ එම ගැටුම ඇති වී ඇති බව වාර්තා වේ. ගැටුමෙන් තුවාල ලබා සිසුන් 03දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලටත් සිසුවියන් 04 දෙනෙකු සහ එක් සිසුවෙකු පොල්ගොල්ල ප්‍රාදේශීය රෝහලටත් ඇතුළත් කර තිබේ. ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගොකරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 328කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් විය. තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනයේ දී ලකුණු 182කට දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක ධනංජය ද සිල්වා (ලකුණු 102 & 108) සහ කමිඳු මෙන්ඩිස් (102 & 164) ඉනිම දෙකේදී ශතක දෙක බැගින් රැස් කිරීම විශේෂත්වයකි. බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 188ක් රැස් කළ අතර ඔවුන් දෙවැනි ඉනිම සඳහා රැස් කළේ ලකුණු 182ක් පමණි. මොමිනුල් හක් නොදැවී ලකුණු 87යි. පන්දුයැවීමේදී, කසුන් රාජිත ලකුණු 56කට කඩුලු 5ක් දවා ගත් අතර…

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට වී,බඩ ඉරිඟු ඇතුලු ධාන්‍ය බීජ වියලීමට සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන සූර්ය උමං වියලනය හෙවත් Solar Tunnel Dryer තාක්ෂණික ක්‍රමවේදය සාර්ථක වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බඩඉරිඟු, වී, මුං ඇට, කව්පි, තල, කුරක්කන් හා උඳු වැනි බීජ සදහා යොදාගන්නා ධාන්‍ය ආරක්ෂිතව වියලීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මෙම නව බීජ වියලීමේ පද්ධතියක් හදුන්වා දී තිබේ. මෙම බීජ වියලීමේ පද්ධතිය මුළුමනින්ම හිරු එළියෙන් ක්‍රියාත්මක බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රෙහාන් විජේකොන් මහතා පැවසීය. සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙම නව පද්ධතිය වව්නියාව නෙලුක්කුලමේ දී කෘෂිකර්ම හා…

Read More