Author: LFN
පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විභාග කිරීම අවසන් කර නොමැතිව කාලයක් තිස්සේ ගොඩගැසී තිබෙන පරීක්‍ෂණ අවසන් කර සහනයක් දීම සඳහා පොලිස්පතිවරයා පත්කර ඇති කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත්කර තිබේ. මෙම පරීක්‍ෂණ ප්‍රමාද වීම නිසා විශ්‍රාම ලැබූ පොලිස් නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප ද, සක්‍රීය සේවයේ සිටින නිලධාරීන්ගේ උසස්වීම නතර වී ඇති බවත් එම ප්‍රමාදයන්වලට පිළියමක් ලෙස මෙම කමිටුව පත්කර ඇති බවත් පොලිස් දෙපාර්තමේන්තුව කීය.
තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (26) මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය. “මම පැහැදිලිව කියන්න ඕනේ, මගේ යටතේ වැඩකරන සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හා නැවත සලකා බැලීම නිසා මම ඉවත්වෙලා යන්නේ නෑ. ඒක ඉතාම පැහැදිලියි. මම යනවා නම් යන්නේ, මේ රස්සාවෙන් රටට කරන දේ කරන්න බැරි නම් පමණයි. ආයතනයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම ආයතනයේ ප්‍රධානියා විදියට මට වගකීමක් තියෙනවා. ඒ දේ මම කළා. ඒ නිසා මම දකින්නේ නෑ මේක මට ඉවත් වෙන්න හේතුවක්…
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා, “මත්පැන් අඩුකරන්න ඕන බඩුමිල අඩුවෙන්න ඕන. හැමදෙයක්ම අඩුවෙන්න ඕන. විශේෂයෙන්ම මත්පැන් මිලත් අවුරුද්දට ඉස්සරවෙලා අඩුකරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ජනප්‍රිය තීන්දු මෙච්චර කල් ගත්තෙත් නෑ ගන්නෙත් නෑ. ජනප්‍රිය තීන්දු ගන්න ගිහිල්ලා තමයි අපි පහුගිය කාලේ ඩොලර් 200ට වැටිලා මේ රට අන්ධපකීර් වෙලා කෙළවගත්ත වෙලාව මතකයි නේ ඔයගොල්ලන්ට. ඒ හින්දා ජනප්‍රිය තීන්දු ගන්නේ නෑ.”
සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂිත දුම්රියක් ධාවනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, අප්‍රේල් මස 05 වනදා සිට නානුඔය සිට බදුල්ල දක්වා සංචාරක විශේෂ නැරඹුම් මැදිරියක් සහිත දුම්රියක් ද ධාවනයේ යෙදවීමට නියමිත බවය. වැඩිදුරටත් අදහස් දැක්වු බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා, “අප්‍රේල් 5 වෙනිදාට ඇල්ල, නයින් ආච්, මේ සංචාරක ආකර්ෂණය ප්‍රදේශ හරහා නව දුම්රිය දෙකක් ධාවනය කරනවා. එකක් සෑම දිනකම උදෑසන 6.30ට දවසක් ඇර දවසක් සිකුරාදා, ඉරිදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා ලෙස දවසක් හැර දවසක් දුම්රියක් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ගමන් කරනවා. ඒ අතර කෙටි දුර ප්‍රමාණය සංචාරක නැරඹුම්…
අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබාදීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, අප්‍රේල් මාසයේ දී කිලෝග්‍රෑම් 10ක් ද මැයි මාසයේ කිලෝග්‍රෑම් 10ක් ද ලෙස එම සහල් ලබාදීමට සැලසුම් කර ඇති බවය. “රජය බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ අඩු ආදයම්ලාභී පවුල් ඉන්නවා. පසුගිය අවුරුද්දේ අඩු ආදයම්ලාභී පවුල් හැටියට ලක්ෂ 28කට අපි සහල් බෙදුවා. ඒ විදිහටම දිසාපතිවරුන් හරහා ගණනය කිරීමෙන්, විනිවිඳභාවයකින් යුතුව පවුල් 28 ලක්ෂයකට සහල් කිලෝ 20ක් දෙවතාවකට දෙන්න. අප්‍රේල් මසයේ කිලෝ 10කුත් මැයි මාසේ කිලෝ 10කුත්. අප්‍රේල් මාසේ කිලෝ 10 සිංහල හින්දු අලුත් අවුරද්දට ඉස්සරවෙලා ලබාදෙන්න. මැයි…
මාතලේ, විල්ගමුව පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂිත ස්ථානයේ භාවිත කළ ටී 56 ගිනිඅවිය අතුරුදන්ව ඇති බව වාර්තා වේ. ගිනිඅවිය අස්ථාන ගතවීම සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
අධිකරණ කාර්යාලයේ තිබූ නඩු ගොනුවක ලේඛනයක් බලහත්කාරයෙන් උදුරාගෙන එය සපා කා එය විනාශ කළේ යැයි චෝදනා ලබා සිටින කැකිරාව ප්‍රදේශයේ නීතිඥවරියකට නඩු විභාගය අවසන් වන තෙක් නීතිඥ වෘත්තීයේ නිරත වීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නීතිඥවරියට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා පත්‍රයක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ගාමිණී අමරසේකර සහ ඒ.එච්.එම්.ඩී.නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම චෝදනා පත්‍රය කැඳවනු ලැබීය. කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට අදාළව උසාවි කාර්ය මණ්ඩලය භාරයේ තිබූ නඩු ගොනුවක ලේඛනයක් බලහත්කාරයෙන් උදුරාගෙන එය සපා කා ඊට හානි කළේ යැයි චෝදනා…
මොස්කව්හි ක්‍රෝකස් නගර ශාලාවට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් සිව්දෙනා මොස්කව්හි අධිකරණයක් හමුවට ඉදිරිපත් කර චෝදනා ගොනුකිරීමට රුසියානු ආරක්ෂක බලධාරීන් තීරණය කර තිබේ. එහිදී ඔවුන්ගේ අනන්‍යතාවද අනාවරණ කර ඇති අතර ඔවුන් සිව්දෙනාම ටජිකිස්තාන ජාතිකයින් බව සඳහන් ය. රුසියාවේ මොස්කව් නුවර ක්‍රෝකස් නගර ශාලාවේ පැවැති සංගීත ප්‍රසංගයකට පැමිණි පිරිසක් ඉලක්කකර ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූයේ පසුගිය සිකුරාදා රාත්‍රියේදී ය. ප්‍රහාරයෙන් සිදුවූ මරණ ගණන 137දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර, ප්‍රහාරයෙන් තුවාල ලැබූ 150කට වැඩි පිරිසක් තවමත් රෝහල්ගතව පසුවෙති. එදිනම පස්වරුවේ අත්අඩංගුවට ගත් ප්‍රහාරයේ සැකකරුවන් සිව්දෙනා ඊයේ දිනයේදී මොස්කව් හි අධිකරණයක් හමුවට ඉදිරිපත් කෙරුණි. සැකකරුවන්ගෙන් තිදෙනෙක් මේ වනවිටත් ප්‍රහාරයේ වගකීම…
රජයේ සේවකයින්ගේ වැඩිකළ වැටුප එළඹෙන අප්‍රේල් මස 10 වනදාට පෙර ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, “රජයේ සේවකයින්ට වැටුප් රුපියල් 10,000 කින් වැඩිකළා. අපි 5,000 ගෙවාගෙන ආවා. දැන් 10,000ම අප්‍රේල් වැටුපට එකතුකරලා දෙනවා. මේක අපි අප්‍රේල් මාසයේ 10 වනදාට පෙර වැටුප සහ විශ්‍රාම වැටුප ලබාදීමට සූදානම්.”
උත්සව සමයේ ක්‍රියාත්මක “සේල්” නමින් හඳුන්වා භාණ්ඩ අලෙවි කරනු ලබන ස්ථානවලින් භාණ්ඩ මිලදී ගැනීමේ දී පාරිභෝගිකයින් රැවටීම්වලට ලක්වීමට ඉඩ ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. එහි තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ කල් ඉකුත් වීමට ආසන්න භාණ්ඩවල තොරතුරු වෙනස් කර උත්සව සමයේ අලෙවි කිරීම් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි.