Author: LFN

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ඊයේ (27) බෙයිජිං හි ග්‍රේට් හෝල්හි දී පැවැත්විණි. ජාත්‍යන්තර කටයුතුවලදී රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසන මිත්‍රත්වය, සාමය, අන්‍යෝන්‍ය ගෞරවය සහ පස්විධ ප්‍රතිපත්ති යටතේ ඉදිරියටත් ක්‍රියාකිරීමට දෙරටම එකඟවිය. ද්විපාර්ශික සබඳතා, රටවල් අතර අන්‍යෝන්‍ය ගෞරවය සහ අන්‍යෝන්‍ය ඵලදායීත්වය මත පැවැත්විය යුතු බව අවධාරණය කරමින් එම ප්‍රතිපත්තිය අනුව ක්‍රියා කිරීම දෙරටටම හොඳ ආදර්ශයක් සපයන බව මෙහිදී අවධාරණය කෙරිණි. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය යෝජනා ක්‍රම ඉදිරිපත් කළ වහාම ඊට චීනයේ සහයෝගය ලබාදෙන බවද චීන ජනාධිපතිවරයා මෙහිදී සහතික කළේය. දේශපාලන සහ සමාජ ආර්ථික ප්‍රගතිය සඳහා ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නයන්ට චීනයේ අඛණ්ඩ…

Read More

අලව්ව ප්‍රදේශයේදී මා ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව්දෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ සිසුන් කණ්ඩායමක් ඔයේ දිය නෑමට ගොස් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි. දියේ ගිලුණු එක් සිසුවෙකු බේරාගෙන රෝහල්ගත කර ඇත. මෙම අනතුරට මුහුණ පා ඇත්තේ පොල්ගහවෙළ ප්‍රදේශයේ පාසලක 9 වැනි ශ්‍රේණියේ දරුවන් පිරිසකි. පොලිසිය පැවසුවේ, ඔවුන් අලව්ව සහ පොල්ගහවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි. එම ළමුන් ඊයේ පාසැල් නිමවා පළමුවෙන් ගොස් තිබුණේ, ඔය ආසන්නයේ පිහිටි මිතුරෙකුගේ නිවසකට ය. පසුව ඔවුන් මාඔයේ දියනෑමට පැමිණ තිබුණි. එම සිසුන් දියේ ගිලී තිබුණේ, අඩි 30ක පමණ ගැඹුරු වළවල් සහිත ස්ථානයක බවයි.…

Read More

සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (27) සිට අප්‍රේල් 03 වනදා දක්වා රුපියලක් දක්වා අඩු කර තිබේ. ලොකු ලූනු (රෝස ලූනු) ආනයනය සඳහා ද එම බද්ද 2024 අප්‍රේල් 30 දක්වා කිලෝවක් සඳහා රුපියල් 10ක් දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ඊයේ (27) දහවල් කාන්තා මළසිරුරක් සොයාගෙන තිබේ. කාන්තාව මියගොස් සිටි ස්ථානය අවට ලේ පැල්ලම් කිහිපයක්ම දක්නට ඇති බව පොලීසිය සඳහන් කළේය. ඇය සාමාන්‍යයෙන් පැළඳ සිටින රන් ආභරණ ඇයගේ ශරීරයේ නොමැති බව ඥාතීන් විසින් පවසා ඇති බැවින් මෙය ඝාතනයක් බවට සැකකරන බවද පොලීසිය පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි දෙදරු මවක් වන අතර ඇයගේ දියණිය හා පුත්‍රයා රැකියාවට ගොස් සිටි අතරවාරයේ මෙය සිදුවී ඇති බව පැවසෙයි. සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි.

Read More

අද (28) දිනයේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකිය. නැගෙනහිර පළාතේ වැසි වාර කිහිපයක් ඇති වෙයි. මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලීමක් ද කරයි.

Read More

කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇති බවට ඔහුගේ දියණිය විසින් අද (27) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය සඳහන් කළේ, තම පියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටින බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බවය.

Read More

සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසවල සේවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකුට HIV ඒඩ්ස් වැලඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තලදූව මහතා මේ බව පැවසීය. මෙම වැටලීමේදී සම්භාහන මධ්‍යස්ථාන 53ක් වසා දැමීමට කටයුතු කර ඇති අතර ඒවායේ සේවයේ නිරතව සිටි කාන්තාවන් 137ක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, “පසුගිය දින කිහිපය තුළ මීගමුව, කොච්චිකඩේ සහ සීදූව කියන පොලිස් වසම්වල විශේෂ වැටලීමක් සිදුකරා. ඒවා නීතිවිරෝධී ලෙස ගණිකා නිවාස ලෙස පවත්වාගෙන යන බවට බුද්ධි තොරතුරු වාර්තා වී තිබුණා. ගණිකා නිවාස…

Read More

දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල, කරාපිටියේ ඉදිකළ ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර විවෘත කර තිබේ. මහල් හයකින් යුක්ත මෙම රෝහල ඇඳන් 640කින්, ශල්‍යාගාර හයකින් සමන්විත වන අතර හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක ඇතුළු සියලුම නවීන වෛද්‍ය පහසුකම්වලින් යුක්තය.

Read More

උත්සව සමය වෙනුවෙන් වෙළෙඳ සැල් පරීක්ෂා කිරීම සඳහා දිවයිනපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, සිදුකළ වැටලීම්වලදී උත්සව සමය වෙනුවෙන් සකස් කළ ආහාර ද්‍රව්‍ය සාම්පල් රැසක් රස පරීක්ෂකවරුන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවය. “මහජනතාව උත්සව සමය වෙනුවෙන් ආහාර මිල දී ගන්න එන අවස්ථාවලදී ඔවුන්ට ආහාර සකස් කර ගැනීමට ලබාදෙන අමුද්‍රව්‍ය ඒ වගේම උත්සව සමය වෙනුවෙන් නිෂ්පාදනය කරන ආහාර හා පලතුරු වර්ග වගේ දේවල් අපි ඉදිරියේ දී පරීක්ෂා කරනවා. අපි මේ වෙද්දි උත්සව සමය වෙනුවෙන් නිෂ්පාදනය කළ ආහාර වර්ග විශාල සංඛ්‍යාවක් රස පරීක්ෂකවරුන්ට යොමු කරන්න කටයුතු කරලා…

Read More

නාරම්මල ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, මුදල් මංකොල්ලයක් සඳහා පැමිණි පුද්ගලයින් තිදෙනෙකුගෙන් අයෙකු මෙලෙස වෙඩි වැදීමෙන් මිය ගොස් ඇති බවය. මංකොල්ලකරුවන් පිරිස ඇපල් වර්ගයේ ජංගම දුරකථන අලෙවිකරණ බවට පුවත්පත් දැන්වීම් පළ කර එලෙස ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ මුදල් කොල්ලකෑමට උත්සාහ දරා ඇති බව පොලීසිය පැවසුවේය. අදාළ දැන්වීමට අනුව ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා රුවන්වැල්ල ප්‍රදේශයේ පිරිසක් පැමිණ ඇති අතර, ඔවුන්ට ඇති වූ සැකය මත ඒ පිළිබඳව පොලීසියට දන්වා පොලිස් නිලධාරීන් සමග ඔවුන් හමුවීමට ගොස් තිබේ. නාරම්මල ප්‍රදේශයේ ස්ථානයකට පැමිණෙන ලෙස කොල්ලකරුවන් පිරිස ඔවුන්ට දන්වා ඇති අතර එම ස්ථානයට පැමිණීමත් සමග කොල්ලකරුවන් ඔවුන්ගේ…

Read More