Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සම්බාහන මධ්‍යස්ථාන 53ක් වසා දමයි
    Featured

    සම්බාහන මධ්‍යස්ථාන 53ක් වසා දමයි

    By LFNMarch 27, 2024No Comments2 Mins Read183 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසවල සේවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකුට HIV ඒඩ්ස් වැලඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

    අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තලදූව මහතා මේ බව පැවසීය.

    මෙම වැටලීමේදී සම්භාහන මධ්‍යස්ථාන 53ක් වසා දැමීමට කටයුතු කර ඇති අතර ඒවායේ සේවයේ නිරතව සිටි කාන්තාවන් 137ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

    “පසුගිය දින කිහිපය තුළ මීගමුව, කොච්චිකඩේ සහ සීදූව කියන පොලිස් වසම්වල විශේෂ වැටලීමක් සිදුකරා. ඒවා නීතිවිරෝධී ලෙස ගණිකා නිවාස ලෙස පවත්වාගෙන යන බවට බුද්ධි තොරතුරු වාර්තා වී තිබුණා. ගණිකා නිවාස පවත්වාගෙන යාම, ගණිකාවන් ලෙස පුද්ගලයින් සේවයේ යෙදවීම ඒවායේ රැඳී සිටීම, එම ස්ථානය කළමනාකරණය කිරීම යන චෝදනා යටතේ පිරිසක් අත්අඩංගුවට ගත්තා. එම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරනු ලැබුවා.”

    “මෙලෙස පවත්වාගෙන ගිය ස්පා 53කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් වසා දැමීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනව. මෙහිදී සැකකරුවන් අතර පිරිමි පුද්ගලයින් 08 දෙනෙක් කාන්තාවන් 137ක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුණා. වෛද්‍ය පරීක්ෂණයට යොමුකළ කාන්තාවන් අතරින් දෙදෙනෙකුට HIV ඒඩ්ස් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. අදාළ අංශවලට දැනුම්දීමක් කරලා තියෙනවා. අදාළ කාන්තාවන් ගණිකා සේවය ලබාදුන් පුද්ගලයින් හඳුනාගැනීමට කටයුතු කරමින් තිබෙනවා. පෞද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යන මුවාවෙන් ඒවා ලියාපදිංචි කරලා මෙවැනි ස්ථාන පවත්වාගෙන යනවා. ඉදිරියේදී ගණිකා නිවාස ලෙස පවත්වාගෙන යන සැකකටයුතු ස්ථාන විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට බලාපොරොත්තුවනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202603 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.