Author: LFN

අන්තර්ජාලය වෙත යොමුකර ඇති හා සමාජ මාධ්‍ය ජාලා මඟින් හුවමාරුවන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීම ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබේ. ළමා ලිංගික අපයෝජන සිදුවීම් අඩංගු හෝ අඩංගු විය හැකි වෙබ් අඩවි, ඡායාරූප සහ වීඩියෝ දර්ශන හේතුවන් ළමුන් සයිබර් අවකාශය තුළ හිංසනයට ලක්වීම වර්තමානයේ විශාල ගැටළුවක්ව පවතී. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ලෝකයේ ප්‍රමුඛතම අන්තර්ජාල ළමා ආරක්ෂාව තහවුරු කිරීමේ ආයතනයක් වන එක්සත් රාජධානියේ ඉන්ටර්නෙට් වොච් ෆවුන්ඩේෂන් ( Internet Watch Foundation – IWF) ආයතනය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර මෙහි මූල්‍ය අනුග්‍රාහකත්වය Save…

Read More

ඊයේ (29) සවස 2න් පමණ පසු බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ වයඹ පළාත්වලත් ස්ථාන ස්වල්පයක ප.ව. 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති වෙයි. මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන්…

Read More

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9දෙනා අප්‍රේල් මස 8 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝග කළේය. මෙහීදී කරුණු දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රකාශ කළේ ඖෂධ රට තුළ අවශ්‍ය ප්‍රමාණයට පැවතියද තුන්වන ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඖෂධ හිඟයක් ඇතැයි කැබිනට් මණ්ඩලය නොමඟ යවා ඇති බවයි. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ යළි මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනුණි. මෙම නඩුවට අදාළව මේ වනවිට රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9දෙනාද එම අවස්ථාවේදි අධිකරණයට ඉදිරිපත්…

Read More

චීනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. සයිනොපෙක් සමාගමේ නියෝජිතයින් පිරිසක් තමාට ඒ බව දැන්වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය. එම සාකච්ඡාව පසුගිය (27) කොළඹදී පවත්වා තිබේ. නව පිරිපහදුව හම්බන්තොට ස්ථාපනය කිරීමට නියමිත අතර ඊට අදාළ එකඟතා ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමට සයිනොපෙක් සමාගම එකඟ වී තිබුණි. එම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය වැඩි කිරීමටත් පිරිපහදුවේ ධාරිතාවය වැඩි කිරීමටත් එකඟ වී ඇති අතර ව්‍යාපෘතිය ජූනි මාසයේදී ආරම්භ කිරීමට නියමිතය. එම ව්‍යාපෘතිය සඳහා පසුගිය නොවැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවූ අතර එහි ආයෝජනය සඳහන් වූයේ…

Read More

2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සූජිව සේනසිංහ මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම නඩු පැවරීම සිදුකර ඇත. ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයට ලක්වී සිටියදී ඒ බව දැන දැනම එරට රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට රුපියල් 1,843 267,595ක පාඩුවක් සිදුකර ඇති බවට අදාළ පැමිණිල්ලේ සඳහන් ය. එම…

Read More

බලන්ගොඩ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයකදී 59 හැවිරිදි පුද්ගලයකුගේ පෙණහල්ලේ තිබී දතක් හමුවූ පුවතක් ඊයේ (27) වාර්තා විය. මෙම පුද්ගලයා කලක සිට නිව්මෝනියා සහ වකුගඩු රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙමින් සිට තිබුණි. බලන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ඩී. චේති සත්‍ය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අවස්ථාවේදී දතක් පෙණහල්ලේ තිබී හමුවූ බව බලන්ගොඩ හදිසි මරණ පරීක්ෂක පත්මේන්ද්‍ර විජේතිලක ප්‍රකාශ කළේය. මෙසේ මියගොස් ඇත්තේ බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයේ වලේබොඩ පදිංචි එස්. කරුණාරත්න නමැති අයෙකි. මෙම පුද්ගලයා මත්පැන් පානයට ඇබ්බැහි වූවෙකු බවත් නිව්මෝනියාව උත්සන්නවීම හේතුවෙන් මරණය සිදුවී ඇති බවත් වාර්තා වී තිබුණි. වැඩිදුරටත් වාර්තා වෙන්නේ මීට වසර කිහිපයකට පෙර ඔහුගේ…

Read More

ළමුන්ගේ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක් කිරීම සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ් අඩවිය හරහා අදාළ පැමිණිලි සිදුකිරීමට අද දිනයේ සිට අවස්ථාව හිමිවනු ඇති බවය. මෙම ක්‍රමවේදය හරහා ලැබෙන පැමිණිලි සෘජුවම එංගලන්තයේ “Internet Watch Foundation” නමැති ආයතනය වෙත වාර්තා කිරීම සිදු වෙයි. අනතුරුව එම ආයතනය මගින් අදාළ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය. එමෙන්ම පැමිණිලි පිළිබඳ විමර්ශනය සිදුකර ඊට සම්බන්ධ පාර්ශ්වයන් කවුරුන්ද යන්න…

Read More

ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය. ඒ ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමිනි. 2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පැවැත්වුණි.

Read More

වසර 13ක් තිස්සේ නිම කිරීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලා භවන පරිශ්‍රයේ ජනාධිපතිවරයා ඊයේ (27) නිරීක්ෂණ චාරිකාවකට එක්විය. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මේ වසර අවසානයට පෙර ජාතික කලා භවන විවෘත කිරීම සඳහා පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඊට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයා පැවසීය. 2011 වසරේ ඉදිකිරීම් ඇරඹුණ ද‍, තවමත් රඟහලෙහි කාර්යයන් අවසන් කරලීමට හැකි වී නොමැත. ජාතික කලා භවනෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ද ඇණහිට තිබේ. ලුම්බිණි රඟහල සහ නව රඟහල යළිත් නාට්‍ය කලාව වෙනුවෙන් පණ ගැන්වීමේ හැකියාව පිළබඳව සොයා බලන ලෙස දැන්වූ ජනාධිපතිවරයා කොළඹ සුදර්ශී පරිශ්‍රයේ…

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයට නාමල් රාජපක්ෂ පත්කර තිබේ. එම පක්ෂයේ විධායක කමිටු රැස්වීම ඊයේ පස්වරුවේ කොළඹ විජේරාම මාවතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්විණි. එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පැවසුවේ එහිදී මෙම තීරණය ගත් බවය. මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය හෙබවූයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසිනි.

Read More