Author: LFN
ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මේ වනවිට මූලික කටයුතු සුදානම් කර අවසන් බව මැතිවරණ කොමිසම පවසයි. මෙම වසරේ අඟ භාගයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව නියමිත අතර ඒ සඳහා කොමිසම සුදානමින් පසුවන බව මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය. ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි දහසක මුදලක් පසුගිය අයවැයෙන් වෙන්කර ඇති අතර අවශ්‍ය වුවහොත් තවත් මුදල් ලබා ගැනීම සඳහා හැකි බවද ඔහු පැවසීය. එමෙන්ම මැතිවරණය පැවැත්වීම සඳහා සිදුකෙරෙන කටයුතු පිළිබඳව සියලු සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ. අවශ්‍යකරන ලිපිද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ මිලදී ගැනීමට කොමිසම මේ වන විටත් කටයුතු කරමින් සිටන බව සඳහන් ය. මේ අතර…
අප්‍රේල් මස 8වන සඳුදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවීමට නියමිත බව අමෙරිකාවේ නාසා ආයතනය පවසයි. මෙය 2024 වසරේ පළමු පූර්ණ සූර්ය ග්‍රහණය වෙයි. මෙක්සිකෝව, කැනඩාව සහ අමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල වැසියන්ට එම සූර්ය ග්‍රහණය හොඳින් දැකබලා ගැනීමට අවස්ථාව හිමි වෙයි. නාසා වාර්තා අනුව මීළඟ පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවන්නේ 2044 වසරේදීය.
පාස්කු ඉරුදින දේව මෙහෙයන් පැවැත්වෙන අද (31) දිනයේ සියලු කිතුනු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. දේව මෙහෙය අවසන් වී සියලු බැතිමතුන් සිය නිවෙස් වෙත ගමන් කෙරෙන තෙක් අද පස්වරුව දක්වාම මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. මහා සිකුරාදා දින දේව මෙහෙයන් ආරම්භයේ සිටම එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වූ අතර එය අද දිනයේ දී තවත් තීව්‍ර කර තිබේ.
බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල අද (31) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ප.ව. 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් දුමින්ද දිසානායක මහතාව ඉවත් කර තිබේ. එසේම භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර යන මහත්වරුන්ව ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් අද (30) පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබූ අතර එහි විධායක සභාව විසින් මෙම තීරණ ගෙන ඇති බව වාර්තා වෙයි.
අග්බෝපුර 84 ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රියේ පොරොවකින් පහර දී කන්තාවක් ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි 44 හැවිරිදි විවාහක කාන්තාවකි. ඊයේ රාත්‍රියේ සිය නිවසට යාබද නිවසක සිටින තවත් පුද්ගයෙකු බීමතින් පැමිණ මෙම කාන්තාවට සහ ඇයගේ සැමියාට පරුෂ වචනයෙන් බැණවැදී ඇති අතර එය නවත්වන ලෙස පැවසීමට ඇය සිය සැමියා සහ තවත් ඥාති සහෝදරයෙකු සමග අදාළ පුද්ගලයාගේ නිවස අසලට ගොස් තිබේ. එහිදී ඇතිවු බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු බීමතින් සිටි පුද්ගලයා මෙම කාන්තාවට සහ ඇයගේ සැමියාට පොරොවකින් පහරදී ඇත. තුවාලකරුවන් කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කාන්තාව මියගොස් ඇති බව පොලීසිය පවසයි. ඇයගේ සැමියා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබමින්…
වර්ථමානය වනවිට බුදු දහමට විවිධාකාරයෙන් බලපෑම් එල්ල වෙමින් පවතින බව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ පවසති. උන්වහන්සේ පවසන්නේ මේ පිළිබඳ රජය දැනුවත් කිරීමත් සමඟ එවැනි පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවය. ඊයේ (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසුහ. ඇතැම් භික්ෂුන් වහන්සේ විසින් සිදුකරන ක්‍රියා හේතුවෙන් බුදුදහම ඉක්මණින් විනාශ වීමේ අවදානමක් මතුව ඇති බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
රුසියාවේ මොස්කව් නුවර ක්‍රෝකස් නගර ශාලාවට එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට තජිකිස්තානය කටයුතු කර තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ එරට ජාතික ආරක්ෂක කමිටුව විසින් එම ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන 9 දෙනෙක්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි. එම පුද්ගලයින් අයි එස් අයි එස් සංවිධානය ට සම්බන්ධ බවට ද සැක කෙරෙයි. තජිකිස්තානයේ වක්දාත් නම් නගරයේදී ඔවුන් ව අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන්ව එරට අගනුවර වන දුෂාන්බේ වෙත රැගෙනවිත් තිබේ. පසුගිය සිකුරාදා සවස එල්ලකළ ප්‍රහාරයෙන් මේ වනවිට 143 දෙනෙක් පමණ මියගොස් ඇති අතර තවත් පිරිසක් තවමත් අතුරුදන් ය. ක්‍රෝකස් නගර ශාලාවට එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිව් දෙනෙක් ඉරිදා අත්අඩංගුවට ගත්…
වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වී බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. ඥානසාර හිමිගේ සුවදුක් බැලීමට පැමිණි රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි මේ බව පැවසූහ. ඥානසාර හිමියන් මීට පෙර සිටම අසනීප තත්ත්වයෙන් පසුවු බවත්, එම තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇති බවත් සද්ධාතිස්ස හිමියන් සඳහන් කළේය. මේ අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව ද සද්ධාතිස්ස හිමියන් පැවසීය. “උන්වහන්සේ ඇත්තටම අපිට වැරදි නෑ. නමුත් අපි දන්නේ නෑ සමාජයට කොහොමද කියලා. අපි නීතියට ගරු…
අපේ රට රමණීය හා ආකර්ෂණීය වෙරළ තීරයකින් සමන්විත වුණත්, ඒ කිසිදු වෙරළක් ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරා නොමැති බව අනාවරණ වේ. කෙසේවෙතත් අසල්වැසි ඉන්දියාව ඇතුළු රටවල් 51ක් මේ වනවිටත් වෙරළ ප්‍රමිතියට අදාළ ජාත්‍යන්තර බ්ලූ ෆ්ලෑග් සහතිකය ලබාගෙන අවසන්ය. සංචාරකයින් නිරන්තරයෙන් ගැවසෙන වෙරළ තීර ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන යාම “පාරිසරික අධ්‍යාපනය සඳහා පදනමට” අනුව රීතියකි. රටවල් 77ක් සාමාජිකත්වය දරන එම පදනම ලොවපුරා වෙරළ තීරයන්හි ප්‍රමිතිය සම්බන්ධයෙන් බ්ලූ ෆ්ලෑග් සහතිකකරණය සඳහා අධීක්ෂණය කරයි. ඒ යටතේ ලොව රටවල් 51ක වෙරළ තීර සහ මරීනා 5,038ක් මේ වනවිට බ්ලූ ෆ්ලෑග් සහතිකය ලබාගෙන අවසන්ය. ඒ අතුරින් අසල්වැසි ඉන්දියාව සතු බ්ලූ ෆ්ලෑග් සහතික ලත් වෙරළ තීර ගණන 17කි. කෙසේවෙතත් ඉන්දියන්…