Author: LFN
මාර්තු මසයේ 31 වනදා වන විට මෙම වසර සඳහා සංචාරකයින් 635,784 මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව 2024 මුල් මාස 3දී සෑම මසකම සංචාරකයින් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් මෙරටට පැමණ තිබේ. මාර්තු මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 209,181 කි.
වසර 04 කට පසු තායි එයාර්වේස් ගුවන්යානයක් දිවයිනට පැමිණ තිබේ. තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත එම ගුවන්යානය පැමිණ ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පැවසුවේය. ගුවන් යානයෙන් තායි ජාතිකයින් ඇතුළු විදේශීය සංචාරකයින් 150 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව සඳහන්ය. ඒ අනුව සෑම දිනකම තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් මෙහෙයුම් සිදුකිරීමට නියමිත බවද එම අමාත්‍යංශය සඳහන් කළේය.
අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ. මේ අතර පසුගිය ජූනි 13 වනදායින් පසුව ඩොලරයක නිරූපිත අනුපාතය රු 300ක් ලෙස අද දින වාර්තා වී තිබේ. එසේම ඩොලරයක ගැණුම් මිල රු 295.57ක් ලෙසත් විකුණුම් මිල රු 305.10ක් ලෙස සඳහන් වේ.
අප්‍රේල් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති, මුදිත පීරිස් මහතා මේ බව පැවසීය. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල 4,115කි. කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,652කි. කිලෝග්‍රෑම් 2.5ක සිලින්ඩරයක් මිල රුපියල් 23කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 772කි.
අද (01) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. එහි දැක්වෙන්නේ බස්නාහිර, දකුණ, වයඹ උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල මෙම තත්ත්වය ඇතිවිය හැකි බවය. ඊට අමතරව රත්නපුර, මොණරාගල, මනාරම, වව්නියාව, සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනෙම් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ. මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් ද එම දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති අතර ඒවා පහතින්,
තම සැමියා ඝාතනය කරන ඕනෑම පුද්ගලයෙකුට මුදල් ත්‍යාගයක් ලබා දෙන බවට සිය WhatsApp ගිණුමේ පළකළ කාන්තාවකට ඉන්දීය පොලීසිය නඩු පවරා ඇත. මෙලෙස ඉන්දීය පොලීසිය නීතිමය පියවර ගෙන ඇත්තේ ඉන්දියාවේ අග්‍රා හි බාහ් දිස්ත්‍රික්කයේ ජීවත් වන කාන්තාවකට එරෙහිවය. මෙම කාන්තාව සිය WhatsApp ගිණුමේ පළකර ඇත්තේ ඉන්දීය රුපියල් 50,000ක ත්‍යාගයක් ලබා දෙන බවය. තමන් ඝාතනය කරන කෙනෙකුට මුදල් ත්‍යාගයක් ලබාදෙන බවට සිය බිරිඳ WhatsApp ගිණුමේ පළ කර තිබූ පණිවිඩ දුටු එම කාන්තාවගේ සැමියා මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇත. ඒ අනුව පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. මීට පෙරද අවස්තා කිහිපයකදී සිය බිරිඳගේ මිතුරන් සහ පවුලේ පිරිස් තමන්ට මරණ තර්ජනය කර ඇති…
වැලිමඩ ප්‍රදේශයේ අත්හැරදමන ලද පාළු ගොඩනැගිල්ලක මත්පැන් සාදයක් පැවැත්වූ පාසල් සිසු සිසුවියන් පිරිසක් පොලීසිය සිය භාරයට ගෙන ඇත. වැලිමඩ පොලීසිය වෙත ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. එහිදී අදාළ පාළු ගොඩනැගිල්ලේ සාදයක් පවත්වමින් සිටි පාසල් සිසුන් පස්දෙනෙකු සහ පාසල් සිසුවියන් දෙදෙනෙකු මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත. පොලීසිය පවසන්නේ මෙම පාසල් සිසු සිසුවියන් එම අවස්ථාව වනවිටත් අධික මිල ගණන් යටතේ අලෙවි වන මත්පැන් පානය කරමින් සිට ඇති බවය. ඔවුන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තමන් උපකාරක පන්ති වෙත පැමිණෙන බව සඳහන් කරමින් මෙම පාලු ගොඩනැගිල්ල වෙත පැමිණ මත්පැන් සාදයක් සංවිධානය කළ බවය. එම ගොඩනැගිල්ලේ ඉබි යතුරු කඩා මෙම පිරිස…
සිය නිවසේ වහලයේ උළු සකස් කිරීම සඳහා එහි නැග සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ පානදුර පින්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි. මියගොස් ඇති පුද්ගලයා දිගු වේලාවක් වහලයෙන් නොබැසීම හේතුවෙන් නිවැසියන් කළ සෝදිසි කිරීමකදී ඔහු වහලය මත මියගොස් සිටියදී සොයාගෙන තිබේ. ඔහුගේ පුත්‍රයා වහලයට නැග සෝදිසි කර සිය පියා මියගොස් ඇති බව දැනගැනීමෙන් අනතුරුව මේ පිළිබඳව පොලීසිය දැනුවත් කර තිබේ. නිවැසියන් පවසන්නේ පෙරදින රාත්‍රියේ ඇතිවූ වර්ෂාවත් සමග නිවසේ ස්ථාන කිහිපයක් තෙමීම හේතුවෙන් ඒවා සකස් කිරීමට ඔහු මෙලෙස වහලයට නැග ඇත බවය. සිද්ධිය සම්බන්ධයෙන් පින්වත්ත පොලීසිය මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියාව ඈඳාගනිමින් මතභේදාත්මක ප්‍රකාශයක් ලබාදී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් ඊයේ අනාවරණ කළේය. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ හිටපු ජනපතිවරයාගේ මේ ප්‍රකාශයෙන් රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් පවා නිර්මාණය වීමට ඉඩ ඇති බවය. පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශයෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ මහතාගෙන් පැය පහක ප්‍රකාශයක් සටහන් ගත්තේය. ඒ පිළිබඳව අද ඉංග්‍රීසි ‘ජාතික පුවත්පතක’ පළවූ වාර්තාවක් උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මෙලෙස සිය ස්ථාවරය ප්‍රකාශ කළේය.
1974 වසරේ කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීමේ දී එවකට පැවති කොංග්‍රස් රජය ඉතා නොසැලකිලිමත් ආකාරයෙන් කටයුතු කර ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චෝදනා කරයි. අදාළ ක්‍රියාවලියෙන් කොංග්‍රස් පක්ෂය ඉන්දියාවේ ඒකීයභාවය දුර්වල කර ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී ඇත. ඉන්දිරා ගාන්ධි රජය විසින් 1974 වසරේ දී කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් ලබාගත් කරුණු සැලකිල්ලට ගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ බව ප්‍රකාශ කර තිබුණි. නව තොරතුරු මගින් කොංග්‍රස් රජය ඉතා නොසැලකිලිමත් ලෙස කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදී ඇති බවට කරුණු අනාවරණය වන බවයි සිය ‘එක්ස්‘ ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා…