Author: LFN

ආසියාවේ වැඩිම කොටි ඝනත්වයක් ඇති වනාන්තරය මෙරට විල්පත්තු ජාතික වනෝද්‍යානය බවට හෙළිවී තිබේ. ඒ සත්ත්වවේදියෙකු ඇතුළු කණ්ඩායමක් 2011 වසරේ සිට සිදුකළ පර්යේෂණයකට අනුවය. මේ වනවිට වනෝද්‍යානයේ කොටියන් 313කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් පැටවුන් සමග කොටි ධේනුවන් 8ක් පමණ දිවිගෙවන බවත් අනාවරණ වී තිබේ. හෙක්ටයාර 131,690ක භූමියක් පුරා පැතිරෙන විල්පත්තුව, මෙරට විශාලතම ජාතික වනෝද්‍යානය ලෙස සැළකෙයි. මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවලට මායිම් වන විල්පත්තුව පුත්තලම සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්ක පුරා විහිදෙන වනෝද්‍යානයකි. විල්පත්තුව ලොව සුපතළ වනෝද්‍යානයක් බවට පත්ව ඇත්තේ එහි සිටින කොටියන් හේතුවෙනි.

Read More

ශ්‍රී ලංකා -බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ තරගය අවසන් කරන විට බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුනු 55 ක් රැස්කර සිටියේය. ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 531 ක් රැස් කළ අතර එහිදී ටෙස්ට් වාර්තා කිහිපයක්ම අලුත්වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස අසිත ප්‍රනාන්දු දුවද්දී දැවීයාමත් සමඟ පිට පිට තුන්වැනි ශතකය පෙනෙන මානයේ සිටි කමිඳු මෙන්ඩිස්ට සිය ශතකය අහිමිව ගියේය. කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් රැස්කරගත්තේය. කමිඳු ඔහු ක්‍රිඩාකළ ටෙස්ට් ඉනිම් හතර තුළදී ලකුණු 419ක් රැස්කරගෙන ඇති අතර ඔහු එය ලෝක වාර්තාවක් සම කිරීමක් වෙයි. ඔහු මෙලෙස සමකළේ 1976 වසරේදී පාකිස්තානයේ ජාවේඩ් මියැන්ඩාඩ් පළමු ටෙස්ට් ඉනිම්…

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීමට තීරණය කර තිබේ. එහි නව මිල රුපියල් 440කි. එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 386කි. භූමිතෙල් මිල ලීටරයක රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 245කි. කෙසේ වෙතත් 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් වල සහ ඔටෝ ඩීසල් වල මිලෙහි වෙනස් සිදු වී නොමැත. එම මිල ගණන් සංශෝධනය අනුව ලංකා IOC ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කරනු ඇත.…

Read More

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබේ. මෙවර මිල සංශෝධනයේ දී ඉන්ධන මිල අඩුවීමක් සිදුවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය. මෙම මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය පසුගිය 4 වනදා සිදුවූ අතර එහිදී ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කරනු ලැබීය. කෙසේවෙතත් එහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිලෙහි සංශෝධනයක් සිදු නොවුණි. මේ වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම සහ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩුවීම යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙවර මිල සංශෝධනයේ දී ඉන්ධන මිල අඩුවනු ඇති…

Read More

මීගලෑව පොලිස් වසමේ කලංකුට්ටිව ඇලේ දිය නාමින් සිටි කාන්තාවක්ව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබේ. ඊයේ (29) සවස් කාලයේදී එම කාන්තාව ඇලේ දියනෑමට ගිය අවස්ථාවේ එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි. ප්‍රදේශවාසීන් එක් ව අදාළ කාන්තාව කිඹුලා ගෙන් මුදාගෙන තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ, ලීකොළවැව, උස්ගලසියඹලංගමුව ප්‍රදේශයේ පදිංචි ව සිටි 66 හැවිරිදි කාන්තාවකි.

Read More

චීන නිල සංචාරය අවසන් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දිවයිනට පැමිණ තිබේ. අග්‍රාමාත්‍යවරයා සහ දුත පිරිස චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ (30) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව “අද දෙරණ ගුවන් තොටුපොළ” වාර්තාකරු පැවසීය. චීනයේ පස් දින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරයා සිය සංචාරයේ දී චීන ජනාධිපතිවරයා සමග මෙන්ම එරට අග්‍රාමාත්‍යවරයා සහ චීන රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීය. සංචාරය අතරතුර චීනය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබුණු අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ද චීන බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට කටයුතු කර තිබුණි.

Read More

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට යෙදී තිබේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගසේ සිය ජීවිතය පූජාකර දින 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලබයි. ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවන් විවිධ වත්පිළිවෙත් සිදුකරන අතර ගතකළ දින 40ක චතාරික සමය ද පාස්කු ඉරිදා දිනයෙන් අවසන් වෙයි. ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වාරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ උන්වහන්සේ අද වැනි දිනක උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බව බයිබලයේ සඳහන්ය. පාස්කු මංගල්‍යය ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන් ද ඉතා…

Read More

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් රාගම ප්‍රදේශයේ ස්ථාන දෙකකදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. රාගම දුම්රිය හරස් මාර්ගයේදී සහ රාගම තුඩුවෙගෙදර ප්‍රදේශයේදී මෙම අනතුරු දෙක සිදුවී ඇති බව වාර්තා වෙයි. ඊයේ (30) උදෑසන 8:45ට පමණ රාගම දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ගේට්ටුව වසා තිබියදී ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කළ 24 හැවිරිදි තරුණයෙකු දුම්රියේ ගැටී මියගොස් තිබුණි. මියගොස් ඇත්තේ රාගම විහාර මාවතේ පදිංචි තරුණයෙකු බව සඳහන් ය. අනතුරින් පසු යළි කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ එම දුම්රියට පැන රාගම තුඩුවෙගෙදර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන තිබේ. මියගොස් ඇත්තේ අවුරුදු 50ක පමණ වයසැති පුද්ගලයෙකු වන අතර…

Read More

රාගම ශික්ෂණ රෝහලේ දී එන්නතක් ලබාදීමෙන් පසු රෝගියෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් මට්ටමෙන්ද විමර්ශනයක් ක්‍රියාත්මක බව රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පැවසීය. කො – ඇමොක්සික්ලේව් නම් එන්නත ලබාදීමෙන් පසු එම රෝගියා මියගොස් තිබේ. කෙසේවෙතත් එන්නත හේතුවෙන් ඇතිවූ ආසාත්මිකතාවයක් එම මරණයට හේතුවී ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැත. මියගොස් ඇත්තේ 50 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු කන ආශ්‍රිතව හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 22 වනදා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබු බව සඳහන් වෙයි.

Read More