Author: LFN
අද දිනයේ දිවයිනේ රෝහල් 10ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය. එම වැඩ වර්ජනය උදෑසන 6.30ට ආරම්භ කර පැය 4ක කාලයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව අද වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙන රෝහල් පහතින්, ශ්‍රී ලංකා ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, ත්‍රිකුණාමලය ශික්ෂණ රෝහල, කෑගල්ල මහ රෝහල, පොළොන්නරුව මහ රෝහල, මන්නාරම මූලික රෝහල, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල,
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 106ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට වඩා ලකුණු 455ක් ඉදිරියෙන් සිටී.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් පත් කර තිබේ. දිනේෂ් ස්ටීවන් වීරක්කොඩි, අර්ජුන හේරත්, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, සුධර්මා කරුණාරත්න, ඇන්තනී නිහාල් ෆොන්සේකා, අනුෂ්ක එස්. විජේසිංහ, දුමින්ද හුලංගමුව යන මහත්ම මහත්මීන් මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කර ඇත. රජයේ මුදල් කාරක සභාව හා ශ්‍රී ලංකා මහ බැංකුව අතර සිදු වූ සියලු ලිපි ගණුදෙනු මත පදනම්ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට හානියක් නොවන පරිදි ගැටළුවට සාධාරණ විසඳුමක් සහිතව සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024-2026 වැටුප්…
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පනවා තිබූ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට එරට ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කර තිබේ. ඔහු විසින් ගොනුකර තිබූ අභියාචනයක් සලකාබැලීමට තීරණය කිරීමත් සමග අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත. කෙසේ වෙතත් මීට පෙර ඔහුට එරෙහිව පවරා ඇති නඩු කටයුතු හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තවදුරටත් බන්ධනාගාරගතව සිටී.
රාගම පේරලන්ද පල්ලිය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ සහායක ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබේ. එසේම දුම්රිය එන්ජින් රියදුරුද මෙම අනතුර හේතුවෙන් සුළු තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය. ඒ ආසන්නයේ තිබූ එළවළු වෙළෙඳසැලකට අනතුරින් බරපතළ හානි සිදුව ඇති අතර එම අවස්ථාවේ එහි හිමිකරු එය වසාදමා පිටව ගොස් තිබීමෙන් විශාල අනතුරක් වැළකී තිබුණි. කොළොන්නාව සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් මෙලෙස අනතුරට ලක්ව ඇත. අනතුරින් දුම්රිය එන්ජිමට හානි සිදුව ඇති අතර ලොරි රථයට බරපතළ හානි සිදුව ඇති බව පොලීසිය පවසයි. රාගම පොලීසිය අනතුර සම්බන්ධයෙන් මේ…
අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ගජමුතු 4ක් සමග විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු බේරුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 50 හැවිරිදි වියේ පසුවන දර්ගා නගරයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකි. පොලීසිය පවසන්නේ සැකකරු විසින් ගජමුතු 4 රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලකට අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවය. ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර විශ්‍රාමික යුද හමුදා නිලධාරියා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
දෙහිවල ගුවන් පාලම මතදී මෝටර් රථයක් එක්වරම ගිනිගැනීමට ලක්වීමෙන් ඊයේ රාත්‍රියේ අනතුරක් සිදුවිය. එම අවස්ථාවේ මෝටර් රථයේ ගමන්කරමින් සිටි පුද්ගලයා ඉන් පිටතට පැන දිවි බේරාගැනීමට සමත්ව ඇත. දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් පැමිණ ගින්න නිවාදැමීමට කටයුතු කර තිබුණි. මෝටර් රථයේ ඇතිවූ විදුලි කාර්මික දෝෂයක් මෙම ගින්නට හේතුවන්නට ඇති බවට සැක පළකරයි. දෙහිවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
කේරළ ගංජා සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එම නිවේදනයන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා අදාළ බලධාරීන්ට නියෝග කළ බවය. එසේම පරීක්ෂණවලින් අනතුරුව මෙම ක්‍රියාවට සම්බන්ධ සියලු නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ. කේරළ ගංජා තොගයක් සමග සුරාබදු නිලධාරීන් සිව්දෙනෙකු ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මීගමුව සහ හලාවත ප්‍රදේශ ආශ්‍රිතව සිදුකළ වැටලීමකදීය. මෙහිදී සොයාගෙන…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, උතුරු-මැද සහ ඌව පළාත්වල අද (02) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් අනුරාධපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා…
මෙම වසරේදී ජනාධිපතිවරණය පැවැත්වීම සදහා මුලික කටයුතු මේ වනවිටත් සුදානම් කර අවසන් බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. ඒ අතර රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ජූලි මාසයේ අග වන තෙක් ක්‍රියාත්මක වන බැවින් ඊට පෙර කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට සහ මැතිවරණ කොමිසමට දැනුම්දුන් බවයි. මෙම වසරේදී ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන අතර එළැඹෙන සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුලදී එය පැවැත්වෙනු ඇතැයි වාර්තා විය. මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය සදහා රුපියල් කෝටි දහසක මුදලක් පසුගිය අයවැයෙන් වෙන්කර ඇති අතර මැතිවරණය පැවැත්වීම සඳහා සිදුකෙරෙන කටයුතු පිළිබඳ සියලු සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්…