Author: LFN

තමන් ඕනෑම ආකාරයේ විවාදයකට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 140 වැනි අදියර යටතේ අද මුලතිව් පාසලක් වෙත රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය. මේ මොහොත වන විට රටේ ප්‍රශ්න ගැන විවාදයක් අවශ්‍ය බවට සමාජයේ කතාවක් යන බවත් එවැනි විවාදයක් සිදු විය යුතු බවට තමා පිළිගන්නා බවද එහිදී සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත. විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගයක් බැවින් තමා ඕනෑම විවාදයකට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. වාද විවාද කිරීම මෙන්ම ඒ හරහා රටටත් ජනතාවටත්…

Read More

ශ්‍රී ලංකාවට කච්චතිව් දූපත පවරාදීම මේවනවිට ඉන්දීය දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් ඉන්දීය කොංග්‍රස් පක්ෂයට එල්ල කරන්නේ දැඩි චෝදනාවකි. ඒ ලබන 19 වැනිදා සිට තමිල්නාඩු ප්‍රාන්තයෙන් ඉන්දිය මහමැතිවරණය ආරම්භ වීමට නියමිත පසුබිමකය. ඉතිහාසයේ සිට අයිතිය සම්බන්ධයෙන් විවිධ මතවාද පැවැති කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවන්නේ, 1974 වසරේදීය. ඒ එවක ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි සහ ශ්‍රී ලංකා හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරණායක අතර අත්සන් තැබුණු ගිවිසුමක ප්‍රතිඵලයක් වශයෙනි. ශ්‍රී ලංකාවට අයත් දූපත් සමූහය අතරින් වඩාත්ම දුරින් පිහිටි මෙම දූපත, රාමේෂ්වරම් නගරයට වඩාත් ආසන්නව පිහිටා තිබේ. කච්චතිව් දූපතේ අයිතිය ගිවිසුමකින් ලංකාවට…

Read More

බීමතින් නිවසට පැමිණි පුද්ගලයෙකු බිරිඳගේ පහරදීමකින් මියයෑමේ පුවතක් මාතර වැලිගම ප්‍රෙද්ශයෙන් වාර්තාවෙයි. මෙලෙස මියගියේ 42හැවිරිදි තිදරු පියෙකි. මාතර, වැලිගම, කොස්ගහහේන ප්‍රදේශයේ පදිංචි ඔහු ඊයේ රාත්‍රියේ සිය නිවසට පැමිණ තිබුණේ දැඩි ලෙස බීමත්වය. මත්පැන් භාවිතයට ඇබ්බැහි වී සිටි ඔහු නිතර බීමත්ව පැමිණ සිය බිරිඳට පහරදීම හේතුවෙන් නිවසේ නිරන්තරයෙන් ගැටුම්ද හටගෙන තිබේ. ඔහු ඊයේ රාත්‍රියේද බීමත්ව පැමිණ බිරිඳට පහරදීමට උත්සාහ කර ඇති අතර, එහිදී බිරිඳ අවට හිතවතුන් කිහිපදෙනෙකු හා එක්ව සිය සැමියා නිවස ඉදිරිපස කණුවක ගැටගසා තිබුණි. පසුව බිරිඳ ඇතුළු පිරිස ඔහුට පහරදී ඇති අතර, එලෙස පහරදීමේදී සිහිසුන්වීම හේතුවෙන් වැලිගම රෝහල වෙත ඇතුළත්කර තිබුණද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වෙයි.…

Read More

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. වසර 25කට පසුව එරටට බලපෑ ප්‍රබලතම භූකම්පනය මෙය වන අතර සුන්බුන් අතර සිරවී සිටින පිරිස මුදාගැනීමට තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය. තායිවාන භූ කම්පනයේ අපිකේන්ද්‍රය සටහන් වූයේ එරට නැගෙනහිර වෙරළබඩ හුවාලියෑන් නගරයට කිලෝමීටර් 18ක් පමණ දුරින් පැසිෆික් සාගරයේය. රික්ටර් මාපකයේ ඒකක 7.4ක් සටහන් වූ භූ කම්පනයෙන් තායිපේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ලවුණි. ගොඩනැගිලි 100කට පමණ හානි සිදුවී ඇති අතර, සුන්බුන් මැද සිරවූ 130ක පමණ පිරිසක් මුදාගැනීම සඳහා මෙහෙයුම් දියත් කර තිබේ. ඉන් 80ක් පමණ කඳුකර උමං මාර්ගවල සිරවී සිටින…

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන් පොලිස් නිලධාරියෙකු සමග දුරකථනය ඔස්සේ සිදුකළ සංවාදයක හඬපටයක් මාධ්‍යට ට ලැබී තිබුණි. යුක්තිය මෙහෙයුම යටතේ පාතාල කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙම සංවාදයේදී කතාබහ කර තිබුණි. එහිදී කංජිපානි ඉම්රාන් පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා තිබුණේ තම පියා සහ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුට ගැනීමෙන් වළකින ලෙසය.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

Read More

රත්නපුර පතුල්පාන ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටිමෙන් වෑන් රථයේ ගමන්කළ පුද්ගලයින් හත් දෙනෙකු තූවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි. වෑන් රථයේ පැමිණි කුඩා දරුවන් දෙදෙනෙකුද රෝහල් ගත කර තිබේ . ප්‍රදේශවාසීන් මැදිහත්ව තුවාලකරුවන් රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර .ලොරි රථයේ රියදුරු රත්නපුර පොලිසිය ව්සින් අත් අඩංගුවට ගෙන තිබේ

Read More

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වැනි දිනය අවසන් වනවිට බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 268ක් ලබා සිටියේය. ඊයේ දිනය ආරම්භ කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 102ක් ලබාගෙන සිටි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබා ගත්තේය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක් රැස් කළේය. පන්දු යැවීමෙන් හසන් මහමුද් ලකුණු 65කට කඩුලු 4ක් දවා ගත්තේය. ඒ අනුව තරගයෙන් ජයග්‍රහණය සඳහා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 511කි. එහෙත් සිව් වන දිනය සඳහා තරගය නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලබා…

Read More

සුරාබදු පනතේ විධිවිධානයන්ට පටහැනි ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (02) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රහිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් සලකාබැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැයි මස 10 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඇතුළු සෙසු නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වර්තමානයේ අවිධිමත් ආකාරයට නීතියට පටහැනි ලෙස මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම සිදුවන බවට චෝදනා කළේය. ඇතැම් බලපත්‍ර නිකුත් කිරීමේදී සුරා බදු රෙගුලාසිවල සඳහන් මූලික අවශ්‍යතා පවා උල්ලංඝනය කර තිබෙන බවත් ජනාධිපති…

Read More

සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සති 03කට අත්හිටුවීමට ඊයේ (02) තීරණය කර තිබේ. සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිපියක් ලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය. ඒ අනුව වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් හෙවත් ප්‍රවාහන හා නිර්බාධක දීමනාවට සමාන්තර දීමනාවක් තමන්ටද ලැබෙන බවත් මැයි මාසයේ වැටුපට ඉන් 50%ක් එකතු වීමට නියමිත බවත් ඔහු පවසයි.

Read More