Author: LFN
රිය අනතුරක් නිසා බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රියේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණි. ඒ එම අනතුරින් පුද්ගලයෙකු මිය යාමත් සමගින්ය. ඊයේ රාත්‍රි 8.30ට පමණ බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ, ඉංගිරියේ සිට බුලත්සිංහල දෙසට ධාවනය වූ යතුරු පැදියක පුද්ගලයෙක් ගැටී තිබිණි. පාරමාරු වෙමින් සිටියදී මෙම පුද්ගලයා යතුරු පැදියේ ගැටී ඇති අතර ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වු බව අප වාර්තාකරු සඳහන් කළේ. අනතුරුව ප්‍රකෝප වූ ප්‍රදේශවාසින් යතුරුපැදියට ගිනි තබා තිබිණි. පොලීසිය මැදිහත් වී ගින්න පාලනයට උත්සාහ දැරුව ද ඒවන විටත් යතුරු පැදිය මුළුමනින්ම විනාශ වී තිබූ වාර්තා වී තිබිණි. අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර යතුරුපැදිකරු බුලත්සිංහල පොලීසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබීය. අනතුරින් මියගියේ…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. ඒ අනුව අද දින (06) දහවල් 12:12 ට…
අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇයගේ සැමියා ආගාමික හා විගාමික පනත යටතේ වරදක් සිදුකර ඇතැයි ඊයේ (05) අධිකරණයේ දී අනාවරණය වුණි. දමිතා අබේරත්න හා ඇයගේ සැමියාවන ලෙනිල් ජොන්සන් නමැත්තා, කොරියාවේ රැකියාවක් සඳහා යවන බව පවසා තමන්ගෙන් රුපියල් තිස් දෙලක්ෂ පනස් දහසක මුදලක් ලබාගෙන වංචාවක් කළ බව පවසමින් පී.කේ. ප්‍රසන්න නම් පුද්ගලයෙකු පසුගියදා පොලීසියට පැමිණිල්ලක් කර තිබිණි. ඒ අනුව සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගැනුණු අතර ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු සැකකාර යුවළ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ පස්වරු දෙකට පමණ රැගෙන එනු ලැබීය. එහිදී විමර්ශන නිලධාරීන් වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් අධිකරණයට දැනුම් දුන්නේ, සැකකරුවන් මෙම වංචාවෙන්…
නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු අද (05) සමගි ජන සන්ධානයට එක්වෙමින් අදාළ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීය. ඒ අනුව නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු වෙන් වෙන් වශයෙන් සමගි ජන සන්ධානය එක් වෙමින් අදාළ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබා තිබේ. මහාචාර්ය ජී.එල් පිරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, කේ.පී කුමාරසිරි, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන් මෙලෙස සමගි ජන සන්ධානයට එක්වී ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ. ඒ, අරගල සිද්ධීන්වලින් පසුව ස්ථාන මාරුවීම් ලද පොලිස් ස්ථානාධිපතිවරුන් 05 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ය.
පක්ෂයේ දේශපාලන තීන්දු ගැනීම පක්ෂ මධ්‍යම කාරක සභාව ඇතුළු පක්ෂයේ සෙසු කාරක සභා මගින් පමණක් තීරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (04) වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබීය. නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරුවරයා ලබන 18 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම වාරණ නියෝගය නිකුත් කර තිබුණි. කෙසේවෙතත් අධිකරණය ක්‍රියාවලිය තුළ නීතිමය පැහැදිලි කිරීමක් මගින් අතුරු…
අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී ලබාදීමට උපරිම උත්සාහයක් දරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස මැද දී පැවැත්වීමේ විභාග කාලසටහන් මේ වන විටත් සකසා අවසන් ව ඇති බවය. ඔහු මේ බව සඳහන් කළේ ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරන ලද ‘පර්යේෂණ උපාධි අධීක්ෂණය කිරීම’ සඳහා දායක වූ ශ්‍රී ලාංකීය පරියේෂණ උපාධි අධීක්ෂකයන් සම්මානයට පාත්‍ර කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේ පැවති සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. එසේම උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා වැඩි කිරීමට අදාළව පත් කරන ලද ඒකාබද්ධ කමිටුවේ වාර්තා ලැබී ඇති අතර…
මාර්තු මාසයේ ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ නාමයෝජනා අතරට ශ්‍රී ලංකා නවක පිතිකරු කමිඳු මෙන්ඩිස් ඇතුළත් කර ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවියේ මේ පිළිබඳව නිල වශයෙන් සඳහන් කර ඇත. ඔහුට අමතරව අයර්ලන්ත ක්‍රීඩක Mark Adair සහ නවසීලන්ත ක්‍රීඩක Matt Henry ද ඇතුළත් කර තිබේ. බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් කැපීපෙනෙන දක්ෂතාවයන් රැසක් දැක්වීය. එහිදී ඔහු පළමු ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදීම ශතක රැස්කළ අතර දෙවන තරගයේ පළමු ඉනිමේදී නොදැවී ලකුණු 92ක් රැස්කරගත්තේය. එසේම තරගයේ ජයග්‍රහණය කරා යන ගමනේදී පන්දුවෙන් ද දස්කම් දැක්වූ ඔහු ලකුණු 32කට බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු 3ක් දවාගත්තේය. මෙම සුවිශේෂී දක්ෂතා…
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් තිදෙනෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හා කඩු 04ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් රජමල් වත්තේ චාමර නමැත්තාගේ ගෝලයෙක් වන අතර ඔහු ඉකුත් මස 12 වනදා මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි යතුරුපැදියේ පැදිකරු බව පොලීසිය පැවසීය. එම සැකකරු දින 07ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමේදී සේදවත්ත ඩෝබි වත්ත උමගිරි වලව්ව ආසන්නයේ පරවි කූඩුවක් අසල වළදමා තිබූ ජීව අත්බෝම්බය සොයාගැනීමට හැකිවී ඇත. අනෙක් සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන මෝදර නිපුන සහ රජමල් වත්තේ චාමර යන පුද්ගලයන් සමග සබඳතා පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට…
පාසල් භුමියේ ගොඩගසා තිබූ කොන්ක්‍රීට් බොක්කුවක් ඇඟ මතට පෙරළීමෙන් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවෙකු රෝහලගත කිරීමෙන් පසු මියගොස් ඇත. ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මස්කෙලිය ගාඩ්මොර් වතුයායේ පදිංචිව සිටි එම පාසලේ 6 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි එස්.අනිෂන් නමැති 11 හැවිරිදි සිසුවෙකි. ජීවිතක්ෂයට පත් පාසල් සිසුවා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග ඊයේ (04) දින පස්වරු 1.30 ට පමණ වැසිකිළිය වෙත යාම සඳහා පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණපා තිබේ. පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක් සිසුවාගේ ඇඟ මතට පෙරළීමෙන් සිසුවා වැසිකිළියේ බිත්තියට සිරවී බරපතළ ලෙස තුවාල ලබා තිබුණි. පසුව පාසලේ ගුරුවරුන් සහ අසල්වාසින් එක්වී තුවාල ලබා සිටි සිසුවා සුවසැරිය ගිලන් රථය මගින් මස්කෙලිය ප්‍රාදේශීය රෝහලට…