Author: LFN

සූරියවැව, මහආර ප්‍රදේශයේදී පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබේ. එසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් මරණය සම්බන්ධයෙන් පැමිණිලිකර ඇති අතර හදිසි මරණ පරීක්ෂණය හම්බන්තොට රෝහලේ දී සිදුකර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ, මරණකරුගේ හිසට හා ඉල ඇටවලට දැඩි තුවාල සිදුව ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

මෙවර රාමසාන් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව අප්‍රේල් මස 11 වන දිනට යෙදෙන රාමසාන් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන් සඳහා පමණක් එදින අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදුකිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළේය. ඉස්ලාම් ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට සරිලන ප්‍රමාණ‍යක් පමණක් ගෙන ඒමට උපදෙස් ලබාදී තිබේ. පවතින නීතිරීති හා නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම‍වේදයන් යටතේ ඒවා ලබාදීමට සියලු බන්ධනාගාර ආයතන කටයුතු කරනු ඇති බව ද බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළේය.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී.…

Read More

අලුත් අවුරුදු උත්සව සමයේදී සංවිධානය කෙරෙන ක්‍රීඩා තරගවලට අදාළව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ අදාළ කාලය තුළ සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා එම මාර්ගෝපදේශ මාලාව නිකුත් කරන බවය. මේ අතර ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පැවසුවේ ඇතැම් ක්‍රීඩා සඳහා වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම ඇතුළු මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කර ඇති බවය. එමෙන්ම ධාවන තරග, මැරතන් තරග ඇතුළු අවුරුදු ක්‍රීඩා සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත් වීම සඳහා සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික…

Read More

ඊයේ (07) සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ වනවිට එහි ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමන් කළ කණ්ඩායම විසින් බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි. 2020 දී එක්සත් ජාතික පක්ෂයේ අයිතිය ප්‍රකාශ කරමින්, සිරිකොත අල්ලා ගැනීමට සූදානම්ව සිටි සමගි ජන බලවේගය අද පොහොට්ටුවේ සභාපති ඇතුළු පිරිසට යටවී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ (07) පැවති දේශපාලන පක්ෂ නියෝජිත හමුව අමතමිනි. 2022 ජූලි මාසයේ සිදුවූ දේශපාලන පෙරළිය සමග මෙරට පක්ෂ ක්‍රමයද වෙනසකට ලක්වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළ…

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් අද (08) දින කැඳවා තිබේ. ඒ උද්ගතවී ඇති තත්ත්වය හමුවේ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ය. එම පක්ෂයේ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එහි මුලසුන දැරීමට නියමිත බව වාර්තා වෙයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටුයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අප්‍රෙල් 4 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගොනු කළ පෙත්සමක් විභාගයට ගනිමිනි. අනතුරුව පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථනගතවී ඇති බවට පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා සිදුකළ පැමිණිල්ලට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට කිසිවෙකුට ඇතුළුවීම…

Read More

හඟුරන්කෙත පොලිස්බල ප්‍රදේශයේ දෙල්තොට නූල්කඳුර ප්‍රදේශයේදී ඊයෙ (07) පස්වරුවේ බස් රථයක් පාලමකින් පෙරළී අනතුරක් සිදුවී තිබේ. ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් ප්‍රවාහන කරන පෞද්ගලික බස් රථයක් හඟුරන්කෙත සිට දෙල්තොට දක්වා ධාවනය වීමේදී මෙම අනතුර සිදුවී ඇත. සිද්ධියෙන් තුවාල ලැබූවන් දිල්තොට ප්‍රාදේශී රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

ඇමෙරිකාවේ ජනපද 15 කට, මෙක්සිකෝවට සහ කැනඩාවට අද (8) පූර්ණ සූර්යග්‍රහණයක් දකින්න ලැබේ. උතුරු ඇමෙරිකාවට, දකුණු ඇමෙරිකාවට සහ යුරෝපා රටවල් කීපයකට මෙම සූර්ය ග්‍රහණය දකින්න ලැබෙනු ඇත්තේ අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස යැයි නාසා ආයතනය පැහැදිලි කරයි. සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ, සූර්යයාගේ කොටසක් හෝ සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ වැසී යන පරිද්දෙන් සූර්යයා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කරද්දීය. පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. උතුරු ඇමෙරිකානුවන්ට මින් පසු මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙනු ඇත්තේ 2044 දී යැයි නාසා කියයි.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (08) දහවල්…

Read More

ග්‍රාම නිලධාරීන් සඳහා ගෙවනු ලබන දීමනා සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රාම නිලධාරීන් සඳහා ලබාදෙන කාර්යාල දීමනා හා ලිපිද්‍රව්‍ය දීමනා ඉහළ දමා ඇති බව වාර්තා වෙයි. ඊට අදාළ චක්‍ර ලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර තිබේ. ඒ අනුව මහනගර සභා, නගර සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 3,000 දක්වා ඉහළ දමා ඇති අතර ප්‍රාදේශීය සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 2,000 දක්වා ඉහළ දමා ඇත. වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව ද…

Read More