Author: LFN

පාතාල අපරාධකරුවන් යතුරුපැදිවලින් හඹාගොස් වෙඩිතැබීම සඳහා STF භටයින් 100 දෙනෙකු පුහුණු කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ සංචාරයකට ඊයේ (16) එක්වෙමින් ඔහු කියා සිටියේ පාතාලය සහ මත්කුඩු ජාවාරම් ඉදිරි මාස 03 තුළ ස්ථිර ලෙසම රටින් තුරන් කරන බවය.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 50ක පමණ තද වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි. ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි. මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

Read More

පසුගිය වසරට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 80කින් පමණ වර්ධනය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සුරියබණ්ඩාර මහතා අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මේ වසරේ අප්‍රේල් මස 10 වන දා සිට 15 වන දා දක්වා වු දින 06 තුළ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 235ක් ලෙසට වාර්තා වී ඇති බවය.

Read More

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී ඊයේ (15) පස්වරුවේ සිදුවු දුම්රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ ඉඳිපොලගේ මහතා මේ බව සඳහන් කළේය. හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ අදාළ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවට පැමිණිමේදී දුම්රිය නියමිත ස්ථානයේ නතර කරගැනීමට නොහැකිවී වේදිකාවේ ගැටීමෙන් අනතුරට ලක්වී තිබුණි. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විමර්ශන කටයුතු අවසන් වන තෙක් සිද්ධියට අදාළ දුම්රිය රියදුරුගේ සේවය අත්හිටුවා ඇති බව එන්.ජේ. ඉඳිපොලගේ මහතා වැඩිදුරටත් පැවසීය.

Read More

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ රථය හදිසි ගිනිගැනීමකට ලක්ව තිබේ. බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කළ රථය මෙලෙස එක්වරම ගිනි ගැනීමකට ලක්ව ඇත. අද අලුයම 12.45ට පමණ මෙම සිදුවීම වී ඇති බවට වාර්තාවෙයි. රාජ්‍ය අමාත්‍යවරයා මහියංගනය ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා පැමිණෙමින් සිටියදී මෙම ගිනිගැනීම සිදුව ඇත. කෙසේ වෙතත් ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නොමැත. බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ඇල්ල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කර තිබේ.

Read More

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි මහතා ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට ඉරාන ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය. එම උත්සවය ලබන 24 වනදා පැවැත්වීමට නියමිතය. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී ආරම්භ කෙරුණි. එමගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවත් එක්කිරීමට නියමිතය. මීට අමතරව පානීය ජල සැපයුම සහ කෘෂිකාර්මික අවශ්‍යතා සදහා ජලය සැපයීම ද මේ යටතේ සිදුකිරීමට නියමිතය.

Read More

අද උදෑසන කාර්යාල දුම්රිය ගමන්වාර 11ක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ රියදුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු වී ඇති බවය. ඒ අනුව කොළඹ කොටුව සිට මොරටුව, පානදුර, වාද්දුව, මීගමුව, අඹේපුස්ස, පාදුක්ක සහ රාගම දක්වා සහ එම දුම්රිය ස්‌ථානවල සිට නැවත කොටුව දුම්රිය ස්ථාන වෙත පැමිණීමට නියමිත දුම්රිය ගමන්වාර මෙලෙස අවලංගු වී තිබේ.

Read More

අවුරුදු උත්සවයකදී සිදුවූ අවාසනාවන්ත මරණයක් පිළිබඳව පැල්මඩුල්ල ප්‍රදේශයෙන් වාර්තාවෙයි. පැල්මඩුල්ල බටලන්ද ප්‍රදේශයේ පැවති මෙම අවුරුදු උත්සවයේ ගම හරහා දිවීමේ තරගය සඳහා සහභාගී වූ පුතු දිරිමත් කිරීමට එක්වූ පියෙකු මෙලෙස මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 60 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි. සිය 16 හැවිරිදි වියේ පසුවන පුතු ගම හරහා දිවීමේ තරගයට සහභාගී වන බැවින් ඔහුගේ ආරක්ෂාවට සහ සහාය වීම පිණිස මියගොස් ඇති පියාද ඔහු සමග ගොස් තිබේ. එහිදී එක්වරම 60 හැවිරිදි වියේ පසුවූ පියා ක්ලාන්ත වී ඇදවැටීමෙන් අනතුරුව පැල්මඩුල්ල රෝහලට ඇතුළත් කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු මියගොස් ඇති බවටය. සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ලන්ඩන් නුවර පැවති සාකච්ඡාවලදී කරුණු 4ක් සම්බන්ධයෙන් ගැටලුකාරීත්වයක් පැනනැඟුණු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි. ණය ප්‍රතිව්‍යුගතකරණයේ ප්‍රගතිය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය. එම සාකච්ඡාව ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා සඳහන් කර ඇත්තේ පසුගිය මාර්තු මස අවසානයේ දී ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ලන්ඩන් නුවර පැවති සාකච්ඡාවලදී කරුණු 4ක් සම්බන්ධයෙන් ගැටලුකාරීත්වයක් පැනනැඟුණු බවය. කෙසේ වෙතත් ඉන් කරුණු දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට මේ වනවිට…

Read More