Author: LFN

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වු පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය ඊයේ (17) රාත්‍රියේ මතුගම පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ආවේය. විදුලිසැර වැදීමකින් ඔහු පෙරේදා (16) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණි. තෙවරප්පෙරුම මහතාගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 19 වන සිකුරාදා සිදුකරන බවය. පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය සැලවූ මොහොතේ සිට ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයට සහ ඔහුගේ නිවසට රැස්වී තිබුණි. ඔහු ජීවත්ව සිටියදීම සිය සුසානය නිර්මාණය කර තිබීමත් රට තුළ කතාබහට ලක්වුණු තවත් මාතෘකාවක් වුණි. අභාවප්‍රාප්ත තෙවරප්පෙරුම මහතාගේ දේහය ඔහු ජීවත් වු මතුගම යටදොළවත්ත පිහිටි නිවස වෙත මෙලෙස රැගෙනවිත් තිබේ.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මේ මස 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය නිකුත් කළේය.

Read More

ලෝකයේ කිසිදු රටක මේ වනවිට වමේ දේශපාලනයක් නොමැති බවත් එය හුදෙක් බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වී ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 108 වන ජන්ම දින සංවත්සර උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. “කිරි හට්ටියට දෙන මුදල්වලට සංවිධායකකම දුන්නේ නෑ. ශක්තිමත් සංවිධායකයෝ හෙව්වා, පාරේ ගියපු රස්තියාදුකාරයෝ අරගෙන සංවිධායකකම දුන්නේ නෑ. එහෙමයි එතුමිය පක්ෂය ආරක්ෂා කළේ. එතුමිය ගැහැණියකට වඩා පිරිමියෙක් වගේ. අන්න ඒ වගේ පිරිමි නායකත්වයක් අපිට අවශ්‍යයි මේ පක්ෂය ඉදිරියට ගෙනියන්න. එතුමිය එක්ක වැඩකටයුතු කරන්නට අපිට ඉතාම ආසයි. අපිට විශ්වාසයක් තියෙනවා. උදේ නැගිටිනකොට…

Read More

කන්දේනුවර හුනුගල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිය ස්වාමි පුරුෂයා විසින් සිය බිරිඳ මෙලෙස ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය. මියගොස් ඇත්තේ 35 හැවිදිරි හුනුගල ඇල්කඩුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කන්දේනුවර පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

මුල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මියව අද (17) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

Read More

සංචාරකයින් සඳහා පමණක් අද (17) සිට “ඊ වීසා” ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. එහි පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ, ආරම්භයේදී භාෂා පහකින් “ඊ වීසා” අයදුම් කිරීමේ හැකියාව පවතින බවය. “නව තාක්ෂණයෙන් වැඩි දියුණූ කරලා, ඊ වීසා ක්‍රමවේදය අද ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඕනෑම රටක ඉඳලා ලංකාවට පැමිණෙන සංචාරකයින්ට විතරක් නෙමෙයි. පළමුව සංචාරකයින්ගෙන් පටන් ගන්නවා. ඊට පස්සේ අපි සියලුම වීසා වර්ගවලට ඔන්ලයින් තාක්ෂණය පාවිච්චි කරලා අයදුම් කිරීමේ හැකියාව මේ මඟින් සැලසෙනවා. රටේ ජාතික ආරක්ෂාව ගැන සැලකීමේ දී වඩාත් වැඩි ලේඛන ප්‍රමාණයක් ගැනීම ආදිය සලකා බලලා අපි භාෂා 5කින් මේක පවත්වාගෙන යනවා.” සති 03ක් වැනි කාලයක්…

Read More

වතු සේවකයින්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් තමා සොයා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් සමාගම් සහ වෘත්තීය සමිතිවල අදහස් සොයා බලන බවද ජනපතිවරයා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරතවූ අවස්ථාවේදී හමුවූ ජනතාව සිදුකළ විමසීමකට පිළිතුරු දෙමිනි. “මම අහන්න යනවා යුනියන්ස් වලින් මොකක්ද කරන්නේ කියලා. මම හිතන්නේ දැනට පොරොන්දු වෙලා තියෙන දේ ගන්න එක හොඳයි. පස්සේ ඉඩම් ගැන…අක්කර 2-3 ඔයගොල්ලන්ට දෙන එකයි තියෙන්නේ. යුනියන්ස් වලින් ඉල්ලුවා 1500ක්. මම හිතන්නේ එකෙන් 1000ක් දෙන්න ඒගොල්ලෝ ලෑස්තියි. අනිත් එක ඉන්සේන්ටිව් එකට ගන්න පුළුවන්. මම අහන්නම් මොකද වුණේ කියලා.”

Read More

තරුණයෙකුට වෘෂණ කෝෂයක් අහිමි කිරීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ (16) මැදවච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීය. එහිදී මැදවච්චිය මහෙස්ත්‍රාත් ඉමේෂා මධුභානි ධර්මදාස නියෝග කළේ, මෙම මස 24 වනදා මෙම නඩුව නැවත කැඳවන ලෙසටත් එම දිනය දක්වා සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටය. මෙම සිද්ධියට සම්බන්ධ සියලුම පරීක්ෂණ සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසත් පොලිස්පතිවරයාට නියෝග කෙරුණි. පසුගිය 07 වෙනිදා මැදවච්චිය පොලිස්බල ප්‍රදේශයේදී මැදවච්චිය පොලීසියේ රථවාන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුගේ පහරකෑමට ලක්වී බරපතල තුවාල ලැබූ තරුණයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයක් මගින් එක් වෘෂණ කෝෂයක් ඉවත් කර ඇති බව පැවසුනි. පහරදීමට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් දෙදෙනා ඊයේ (16)…

Read More

කොළඹ Street Food අලෙවි සැලකදී රුපියල් 1,900කට කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙක් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

Read More