Author: LFN

කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 800ක් සමග කටාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (19) බ්ලුමැන්ඩල් පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම පොලිස් කොස්තාපල්වරයා පසුගිය අප්‍රේල් මස 10 වනදා සිට කටාන පොලිස් ස්ථානයේ සිට සීදුව පොලිස් ස්ථානයට වෙත ස්ථාන මාරුවීම් ලබා ඇති නමුත් සේවයට වාර්තා කර නොමැති බවටද තොරතුරු අනාවරණය වී තිබේ. පොලීසිය විසින් සැකකරු ගමන්ගත් යතුරුපැදිය නවත්වන ලෙසට සංඥා කර තිබිය දී නොනවත්වා ඉදිරියට ගමන් කර ඇති අතර, එහිදී ලුහුබැඳ ගොස් සැකකාර පොලිස් කොස්තාපල්වරයා පරීක්ෂා කර ඇත. එහිදී අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර, ඔහු කලක සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක්…

Read More

බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියා, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය තහවුරු කිරීම සඳහා සියලු ණයහිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකිවනු ඇතැයි රජය දැඩි විශ්වාසයෙන් පසුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමෙරිකාවේ, වොෂින්ටන් හී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැසිවරායකට සමගාමීව පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා, “අපි ලොව අඩුවෙන්ම බඳු අයකරන රටවලින් එක රටක් ලෙස නම් කෙරෙනවා. නමුත් මේ වැඩසටහන දියත්කිරීමත් සමගින් අප විසින් ක්‍රමයෙන් බදු ආදායම ඉහළ නංවා තිබෙනවා. අපි මේ වන විට බඳු ගෙවීමෙන් නිදහස් කිරීම ඉවත් කර තිබෙනවා. බදු අනුකූලතාවයන් ශක්තිමත් කර තිබෙනවා. 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 11%ක් දක්වා රජයේ අදායම…

Read More

කැනඩාවේ සිදුවූ විශාලතම රන් කොල්ලය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට එයාර් කැනඩා ගුවන් සේවාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් ද අයත්ය. 2023 වසරේ අප්‍රේල් මාසයේදී ඔවුන් සොරකම් කර තිබුණේ එරට ටොරොන්ටෝ හි පියර්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ විශේෂ භාණ්ඩ තොගයක්. කැනේඩියානු වාර්තාවලට අනුව එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 16කි. ඒ අතරට සම්පූර්ණ බර කිලෝ 400ක් වන රන් කුට්ටි 6,600ක් සහ විදෙස් මුදල් තොගයක් අයත්ය.

Read More

කුරුණෑගල, රිදීගම ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී ව්‍යාපාරිකයෙකුව ඝාතනය කර තිබේ. මෙම ඝාතනය ඊයේ රාත්‍රියේ සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි. ඝාතනයට ලක්ව ඇති අදාළ පුද්ගලයාගේ මළ සිරුර පෞද්ගලික ඉඩමක තිබී ඊයේ උදෑසන සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 49 හැවිරිදි කුකුළු මස් ව්‍යාපාරියෙකු බවට අනාවරණය වී ඇත . ඝාතනය සිදුකළ සැකකරුවන් පිළිබඳව අනාවරණය වී නොමැති අතර රිදීගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවාස දෙකකින් මුදල් සහ ජංගම දුරකථන සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පාසල් සිසුවෙකු ඊයේ අධිකරණය විසින් පරිවාස භාරයට පත්කර තිබේ. සැකකාර පාසල් සිසුවා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බළපිටිය මහේස්ත්‍රාත් ආර් ඩී ජනක මහතා ඊයේ (18) මෙම නියෝගය ලබාදී තිබේ. මෙලෙස පරිවාස භාරයට පත්කර ඇත්තේ අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 15ක දරුවෙකි. එම දරුවාගේ පියා විදේශගතව සිටින බවත් දරුවා මවට අවනත නොවන බවත් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. නිවාස දෙකකින් ලැබුණු පැමිණිල්ලක් විභාග කළ පොලිස් නිලධාරීන් විසින් මෙම දරුවා සිය භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. එහිදී දරුවා සන්තකයේ තිබී සොරකම් කරන ලද…

Read More

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දර්ශන පෙළක් මාධ්‍ය ඊයේ රට හමුවේ අනාවරණය කළේය. ඒ අනුව ඊයේ දිනයේ මොරගල්ල සංචාරක පොලීසිය වෙත විද්‍යුත් පණිවුඩයක් මගින් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 60 හැවිරිදි වියේ පසුවන කළුතර පළාතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සැකකරු එම වෙළෙඳසැල අවට සිටින අයෙකු බවය. ඔහු නිරන්තරයෙන් මෙලෙස එම වෙළඳසැල වෙත පැමිණෙන විදේශිකයින් රවටා මුදල් ලබාගන්නා බවට අනාවරණය වී ඇති බව පොලීසිය…

Read More

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) සවස 2න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. එහි තවදුරටත් දැක්වෙන්නේ, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බවය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තද වැසි ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින්…

Read More

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තරුණ දේශපාලන නියෝජිතයන් සමඟ ඊයේ (18) නුවරඑළිය ජනාධිපති මන්දිරයේ පැවති හම්වුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. බොහෝ දෙනා අසීරු බව පැවසූ බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ අභියෝගය භාරගත් තමා වසර දෙකක් තුළදි රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ආ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යාමට අවශ්‍යව ඇත්තේ සාමුහිකත්වය පමණක් බවද කියා සිටියේය. නුවරඑළිය දිස්ත්‍රික්කය ඉහළ සංචාරක ආකර්ශනයක් දිනාගත් ප්‍රදේශයක් ලෙස සංවර්ධනය…

Read More

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින සාමාජිකයින් හට නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් වීමට අප්‍රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇත. එම ප්‍රකාශිත පොදු සමා කාලය තුළ තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථාන සමග සම්බන්ධතාවයෙන් ඔවුන්ට නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් වීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 2024 අප්‍රේල් මස 02 දින සහ ඊට පෙර සිට…

Read More