Author: LFN

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට උදව් කිරීමට සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. මේ අතර, ශ්‍රී ලංකාව විසින් ගෙවීම පැහැර හරිනු ලැබු අමෙරිකානු ඩොලර් බිලියන 12ක් පමණ වන ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එළැඹෙන මැයි මැද වන විට ආයෝජකයින් සමඟ ගිවිසුමකට එළඹෙනු ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි. ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් උපායමාර්ගික තොරතුරු උපුටා දක්වමින් බ්ලුම්බර්ග් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ නවතම දත්ත වාර්තා කර තිබිණි. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව විසින් පැහැර හරිනු ලැබු අමෙරිකානු ඩොලර් බිලියන 12ක් වන ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව මැයි මස මැද වන විට ආයෝජකයින් සමඟ ගිවිසුමකට එළඹෙනු…

Read More

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. පරිසරය විනාශ කිරීම් සම්බන්ධව වැටලීම් සිදුකිරීම සඳහා මහජනතාවගෙන් ලැබෙන තොරුතුරු ඉතා වැදගත් බැවින් පොලිස්පතිවරයා විසින් එම දුරකථන අංක හඳුන්වා දී තිබේ. ඒ අනුව ඛනිජ ද්‍රව්‍ය ලබාගැනීම සඳහා සිදුකරනු ලබන කැනීම්, ගං ඉවුරු ආශ්‍රිතව සිදුකරන නීතිවිරෝධී කැනීම්, කර්මාන්ත ශාලා මඟින් අනීතිකව සිදුකරනු ලබන පාරිසරික හානි හා ශබ්ද දුෂණය ආදිය මඟින් වන සතුන්ට සහ පරිසරයට ප්‍රබල බලපෑමක් සිදුකර ඇතැයි පොලීසිය පවසයි. මෙලෙස සිදුකරනු ලබන පාරිසරික හානි සම්බන්ධව වැටලීම් සිදුකිරීම සඳහා පොලිස් විශේෂ කාර්යාංශයේ 1997 දරණ හදිසි ඇමතුම් අංකය හා මධ්‍යම පරිසර…

Read More

දකුණු අප්‍රිකාව සමඟ පැවති අවසන් එක්දින තරගයේදී කාන්තා ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් සටහන් කරන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (17) සමත්වුණි. ඒ අවසන් එක්දින තරගයේ හිමිවූ ලකුණු 302ක ජයග්‍රාහි ඉලක්කය හඹාගොස් ජය ගැනීමත් සමගය. ඒ අතර එම තරගයේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලකුණු 195ක් වාර්තා කිරීමද විශේෂත්වයකි. දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවති අවසන් එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 301කි. එහිදි නායිකා ලෝරා වොල්වඩ් ලකුණු 184ක් රැස් කළාය. ලකුණු 302ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා…

Read More

කුරුවිට පොලිස් වසමේ කීරගල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට සිදුකළ පයින් පහරදීමක් හේතුවෙන් ඝාතනයක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (17) රාත්‍රී කාලයේ එම පුද්ගලයා බිමට වැටී සිහිසුන්ව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවය. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 59ක් වූ කීරගල, කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය පුද්ගලයාගේ නිවස ඉදිරිපිට ට පැමිණි බීමත් පුද්ගලයෙකු ගිනිපෙට්ටියක් ඉල්ලා ඇති අතර, එය ලබාදීමට ප්‍රමාදවීම හේතුවෙන් බීමත් පුද්ගලයා විසින් නිවැසියන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇත. එහිදී මියගිය පුද්ගලයා විසින් එසේ නොකරන ලෙසට පවසා තිබේ. එවිට බීමත් පුද්ගලයා විසින් නිවෙස්හිමියාට පයින් පහරදී ඇති අතර, ඔහු බිම වැටී…

Read More

කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ (17) රාත්‍රී කාලයේ දී නිවසක පදිංචි සිටි කාන්තාවන් දෙදෙනෙකු දින කිහිපයක සිට නොමැති බවත් එම නිවස ආසන්නයෙන් දැඩි දුර්ගන්ධයක් හමන බවටත් 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් කළුතර දකුණ පොලිස් ස්ථානයට පණිවුඩයක් ලැබී තිබිණි. ඒ අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ දොරගුළු දමා තිබී ඇත. පසුව ජනේලයකින් බැලීමේ දී කාන්තාවන් දෙදෙනෙකු බිම වැටී මියගොස් සිටින බවට නිරීක්ෂණය වී ඇත. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 65ක් හා 79ක් වූ කාන්තාවන් දෙදෙනෙකු බවට ග්‍රාම නිලධාරිවරයාගෙන් ලබාගත් තොරතුරු මත…

Read More

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් බැඳුම්කරහිමියන් සමග එකඟතාවයකට පැමිණීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පවසන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා සඳහා හොඳ විශ්වාසයකින් එක්වන බවත් එහිදී සියල්ලටම සාධාරණ ලෙස කටයුතු කිරීමටත් මෙන්ම එවැනි සාකච්ඡාවලදී බලාපොරොත්තු වන උපරිම විනිවිදභාවය ඇති කිරීමටත් ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු කරන බවත් ය. ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන්ගේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් ඊයේ මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ එම සාකච්ඡා එකඟතාවයකින් තොර වූ බවය. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන්ගේ යෝජනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කර ඔවුන්ගේ උපදෙස් අනුව ඉදිරි සාකච්ඡා සිදුකරන බව ද…

Read More

රාජ්‍ය වැවිලි ව්‍යවසායන් යටතේ සේවය කරනු ලබන සේවකයන්ගේ නොගෙවූ ව්‍යවස්ථාපිත ගෙවීම් (EPF/ETF) සිදු කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය. රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ අධිභාරයන් සමග රුපියල් කෝටි 500කට අධික මුදලක් ගෙවීමට නියමිත බවය. වසරේ පළමු රාජකාරිය ලෙස තමන් ඊට අවශ්‍ය උපදෙස් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලබාදීමට කටයුතු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ වැවිල ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඇරැඹිය යුත්තේ කම්කරු ජනතාවගේ නීත්‍යානුකූල අයිතීන් ආරක්ෂා කරමින් බවය. මේ සම්බන්ධයෙන් දැනට සේවක…

Read More

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරු වෙත ලබාදීමට රැගෙන ආ දන්තාලේප තුළ මත්ද්‍රව්‍ය තිබී සොයාගෙන ඇති බව වාර්තා වෙයි. ඊයේ (17) දින පස්වරු 01.40ට පමණ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකු බැලීම සඳහා පුද්ගලයෙකු පැමිණ තිබුණි. එහිදී සැකකරු වෙත ලබාදීමට ගෙනඑන ලද දන්තාලේප ටියුබයක් තුළ සූක්ෂම ලෙස හෙරොයින් යැයි සැක කළ හැකි පැකට් 01 හා අයිස් මත්ද්‍රව්‍ය යැයි සැක කළ හැකි පැකට් 01ක් සඟවා තිබී සොයාගෙන ඇත. අමුත්තන් සෝදිසි කිරීම් රාජකාරී නියුතු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකා නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා සැකකරුගේ මිතුරෙකු වන අතර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read More

ඕමාන් බොක්ක ආසන්න මුහුදේ ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල‍ සාමාජිකයන් 21 දෙනෙක් ඉරානය විසින් බේරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ අදාළ නෞකාව කුක් දූපත් ධජය යටතේ යාත්‍රා කළ නැවක බවය.

Read More

මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබේ. ඒ, ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සම්බන්ධයෙනි.

Read More