Author: LFN

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත්මේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතෙත් අනුරාධපුර, වව්නියා සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත්මේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු…

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට පස්වසරක් සපිරේ. ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු සිහිකිරීම් වැඩසටහන් මාලාව ඊයේ (20) පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගයෙන් ආරම්භ කෙරුණි. ඒ අනුව, කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා යැදුම් පාගමන ඊයේ මධ්‍යම රාත්‍රිය පුරා පැවැත්වුණි. 2019 වසරේ අප්‍රේල් මස 21වන දින පාස්කු ඉරුදිනයේ අන්තවාදීන් කණ්ඩායමක් විසින් දිවයිනේ ස්ථාන 08ක දී මරාගෙන මැරෙන ප්‍රහාර 10ක් සිදුකළ අතර එහිදී පුද්ගලයින් 273 දෙනෙකු ජීවිතක්ෂයට පත් වු අතර තවත් 500කට අධික පිරිසක් බරපතළ තුවාල ලැබීය. මෙම ප්‍රහාරයට පස්වසරක් ගත වීම නිමිත්තෙන් සිහිකිරීම් වැඩසටහන් මාලාව සංවිධානය කර ඇත්තේ ත්‍රස්ත ප්‍රහාර මාලාවේ ඉලක්කය බවට පත් වු…

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් ලබාදුන්, මෙතෙක් හෙළිදරව් නොවූ තොරතුරු හා මූලාශ්‍ර පිළිබඳ සිරිල් ගාමිණි පියතුමන් අද (20) මාධ්‍යයට අනාවරණය කළේය. හිටපු පොලිස් නිලධාරියකු යුටියුබ් නාලිකාවකට ලබාදුන් බව කියන සම්මුඛ සාකච්ඡාවක්ද උපුටා දක්වමින් පියතුමන් මෙම කරුණු ප්‍රකාශ කර තිබුණි. පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා “ඥානාර්ථ ප්‍රදීපය“ කතෝලික පුවත්පතේ ප්‍රධාන කතෘ සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (19) කැඳවීය. එහිදී පැය 4කට ආසන්න කාලයක් සිරිල් ගාමිණි පියතුමන් ප්‍රකාශ ලබාදී පිටව ගියේය. ඒ අනුව අදාළ කරුණු 8 පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සිරිල් ගාමිණි පියතුමන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි. කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය…

Read More

නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ විදේශ ජාතික කාන්තාවක් සහ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් වෑන් රථයක් පරීක්ෂාවට ලක් කිරිමේදී එහි තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19කට ආසන්න ප්‍රමාණයක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ 35 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාවක් බව සඳහන් වේ. අත්අඩංගුවට ගත් සැකකරු වෑන්රථයේ රියදුරු බව වාර්තා විය.

Read More

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන් හට අද (20) සිට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. එම සාමාජිකයින්ට නීත්‍යානුකූලව යුද්ධ හමුදා සේවයෙන් ඉවත් වීමට ලබන මස 20 වනදා දක්වා මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක බව යුද්ධ හමුදාව පැවසුවේය. ඒ අනුව තමන් අයත් වන රෙජිමේන්තු මධ්‍යස්ථානය සමග සම්බන්ධ වී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට මෙම කාලය තුළ අවස්ථාව හිමි වේ. යුද්ධ හමුදා හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක්, වැටුප් හා දීමනා බැරකරන ලද බැංකු පොතේ ඡායාස්ථ පිටපතක් මෙහිදි ඉදිරිපත් කළ යුතු බව යුද්ධ හමුදාව නිවේදනය කළේය.

Read More

දිස්ත්‍රික්ක 4ක් හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයක් අද (20) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නුවරඑළිය, මහනුවර, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්ක හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේය.

Read More

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ගොනු කරනු ලැබූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව එම තරග විභාගය පැවැත්වීමට පෙර 2023 මාර්තු 23 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවන ලද අතුරු තහනම් නියෝගය හේතු කොටගෙන පැවැත්වීමට නියමිත ව තිබූ තරග විභාගය අත්හිටවනු ලැබීය. මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ එම පෙත්සම් විභාග වෙමින් පවතින හෙයින් ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන තීන්දුව අනුව සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

සිය ක්‍රිකට් සමුගැනීම ඉතා ළඟදීම සිදුවන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසූවාය. දකුණු අප්‍රිකාවට එරෙහිව ලද වාර්තාගත එක්දින ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇය පැවුසවේ ලබන වසරේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයේදී තම කණ්ඩායම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීම සිය ඉලක්කය බවය. දකුණු අප්‍රිකා තරග සංචාරයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල 20-20 තරගාවලිය 2ට 1ක් ලෙස ජයගත් අතර එක්දින තරගාවලිය 1ට1ක් ලෙස සම කිරීමට සමත්වුණි. අවසන් එක්දින තරගයේදී චමරි අතපත්තු නොදැවී ලකුණු 195 රැස්කළේ, ශ්‍රී ලංකා පිල වාර්තා අතරට ඔසවා තබමිනි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ, නායිකා, චමරි අතපත්තු, “ක්‍රිකට් ක්‍රීඩිකාවක් විදියට මේ ජයග්‍රහණය මට…

Read More

රුපියල් මිලියන 7.5ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට පත්වූ අය අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ද සිටින බවය. එම පිරිස මුල්ලේරියාව ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ, ග්‍රෑම් 510ක් වූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟින්ය.

Read More

නව විදුලිබල පනත් කෙටුම්පතින් පාරිභෝගික ආරක්ෂණයට සහ ජල විදුලි බලාගාර පිළිබඳ රජයට ඇති අයිතියට කිසිදු හානියක් නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරයි. නව කෙටුම්පතට එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා ඊ (19) පැවසුවේ එම පනතින් ගැටලු ඇතිවන්නේ විදුලිබල වෘත්තිය සමිති නායකයින්ට බවය. මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විධි විධාන සලසන විදුලි පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මඟින් අප්‍රේල් 17 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණි. එය මීළඟ සභාවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විදුලි වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසකින් විවිධ චෝදනා එල්ලවුණි. එල්ල වන මෙම චෝදනාවලට විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා අද ප්‍රතිචාර…

Read More