Author: LFN

ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේ දී ඊට විරෝධය පළකර බාධාකිරීමේ චෝදනා මත ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. අලුත්කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (22) පැවති අදාළ නඩු විභාගය සඳහා පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු සැකකරුවන් සහභාගී වී තිබුණි. එහිදී ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසුවේය.

Read More

රටම කම්පා කරමින් ඊයේ (21) දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුරින් කුඩා දැරියක් ඇතුළු 7 දෙනෙකුට දිවි අහිමි වුණි. එහිදී ධාවන තරගයේ සහායකවරුන් සිව්දෙනෙකුට දිවි අහිමි වූ අතර, සෙසු සියලුදෙනා තරගය නැරඹීම සඳහා පැමිණ සිටි අයයි. 8 හැවිරිදි වැලිමඩ පදිංචිව සිටි ශිව කුමාර් දිනුෂිකා, 55 හැවිරිදි වැලිමඩ පදිංචිව සිටි මුත්තුසාමි උදයකුමාර්, සීදුවේ පදිංචිව සිටි 19 හැවිරිදි චමත් නිරෝෂන්, අරුණ ශාන්ත උපාලිගමගේ නැමති 62 හැවිරිදි මාතර පදිංචිව සිටි අයෙක්, 20 හැවිරිදි අකුරැස්සේ පදිංචි අසේන් හීනටිගල, රසික අබේනායක සහ 60 හැවිරිදි මාතර පදිංචිව සිටි ගනේෂ් ජයවර්ධන අයට මෙහිදී දිවි අහිමි වුණි. මේ අතර අනතුරින් දිවි අහිමි වූ 32 හැවිරිදි…

Read More

පන්නිපිටිය, ලියනගොඩ ප්‍රදේශයේ ලී මෝලක ඇති වූ ගින්නකින් ලී මෝල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. අද (22) අලුයම 2.30 පමණ ගින්න හට ගෙන ඇති අතර ප්‍රදේශවාසීන් සහ කෝට්ටේ මහ නගර සභාවේ ගිනිනිවන රථ තුනක් සහ දෙහිවල මහ නගර සභාවේ ජල බහුසර යොදාගෙන මේ වනවිට ගින්න පාලනය කර ඇත. විදුලි කාන්දුවක් ගින්නට හේතුවී ඇති බවට සැක කෙරේ. ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති අතර දේපළවලට දැඩි හානි සිදුව තිබේ.

Read More

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා එලෙස මියගොස් ඇත. මියයන විට චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 63 වන වියේ පසුවුණි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ උතුරු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා…

Read More

යුක්තිය මෙහෙයුමෙන් පොලීසිය භාරයට ගත් මත්ද්‍රව්‍ය ඉදිරි මාසය තුළ විනාශ කිරීමට පියවර ගන්නා බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. පොලිස්පතිවරයා පෙන්වාදෙන්නේ ඒ සඳහා විශේෂ ස්ථානයක් පුත්තලම දිස්ත්‍රික්කය ආශ්‍රිතව මේ වනවිටත් නිර්මාණය කර ඇති බවය. නුවරඑළිය ප්‍රදේශයේ පැවැති උත්සවයට එක්වෙමින් පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා මේ බව සඳහන් කළේය. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ අපරාධකරුවන් හා සම්බන්ධතා ඇති පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එහිදී සඳහන් කළේය.

Read More

යුද ගැටුම්වල බලපෑම හේතුවෙන් ගාසා තීරයේ සෑම මිනිත්තු 10කටම වරක් දරුවෙකු මියයන බව පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය අනාවරණය කර තිබේ. දෛනිකව විවිධ තුවාලවලට ලක්වන සහ සෞඛ්‍යමය ගැටලු ඇතිවන දරුවන්ගේ සංඛ්‍යාව ද සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එම ඒජන්සිය පෙන්වාදෙයි. ජාත්‍යන්තර අධිකරණයේ තීන්දු නොසලකා හරිමින්, ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් දරුවන්ගේ ජීවිත දැඩි අනාරක්ෂිත තත්වයකට පත්ව ඇති බව ඔවුන් වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වාදී තිබේ. පලස්තීන සෞඛ්‍ය බලධාරීන්ට අනුව යුද්ධය හේතුවෙන් මේ වනවිට පලස්තීනුවන් 34,049 මියගොස් තවත් පුද්ගලයින් 76,901 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Read More

දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකුට ජීවිත අහිමි විය. අනතුරින් තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය. 2024 ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය ඊයේ පෙරවරුවේ දියතලාව නරියාකන්ද ධාවන පථයේ දී ආරම්භ විය. මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ වසර 5කට පසුවය. අවසන් වරට 2019 වර්ෂයේ අප්‍රේල් 21 වන දින මෙම ධාවන තරගාවලිය පවත්වා ඇති අතර පාස්කු ප්‍රහාරය හේතුවෙන් එම තරගය අතරමග නතර කිරීමට සිදුවිය. ඒ අනුව වසර 5ක කාලයක් එම තරගාවලිය නොපැවැත්වුණු අතර මෙවර එම තරගාවලිය සඳහා විශාල ජනසහභාගීත්වයක් ද පැවැති බව වාර්තා විය. ඊයේ (21) පෙරවරුවේ ආරම්භ…

Read More

ඉන්දීය මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි අවස්ථාවේ දකුණු ඉන්දීය සුපිරි නළු විජෙයි අකරතැබ්බයකට මුහුණ දී තිබේ. චෙන්නායි හි පිහිටි ඔහුට අදාළ ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි අවස්ථාවේ ඔහුව දැකබලාගැනීමට විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව ඇත. එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් අනතුරුව පොලීසිය පැමිණ තත්ත්වය පාලනය කර පෝලිමේ නොසිට විජෙයි හට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවත් වාර්තා වෙයි. මෙම සිදුවීමත් සමග චෙන්නායි පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇත්තේ විජෙයි නීතිවිරෝධී ලෙස ඡන්දය ප්‍රකාශ කර ඇති බවටය. ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනාව වන්නේ විශාල පිරිසක් පිරිවරාගෙන ජනතාවට හිරිහැර වන අයුරින් ඡන්ද මධ්‍යස්ථානය වෙත පිවිසීමයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන්…

Read More

රට ගොඩනැගීමේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට සූදානම් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේ ඊයේ (21) පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “අද මේ රටේ ජනතාව සතුටින් සිංහල හා දෙමළ අලුත් අවුරද්ද සමරනවා. පසුගිය වසර දෙක තුළ මේ පිළිබඳව සිතන්නටවත් නොහැකි තත්ත්වයකයි රට තිබුණේ. පසුගිය කාලයේ අපට අවශ්‍ය ඉන්ධන, ගෑස්, පොහොර සපයා ගත නොහැකිව ඉතා අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණා. 2022 සිංහල අලුත් අවුරුද්ද මම ගත කළේ කඹුරුගමුව ප්‍රදේශයේදී බව සිහිපත් කරන්න කැමතියි. එහි ඉන්ධන පිරවුම් සැල්…

Read More