Author: LFN
ජාතික ජන බලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා සමග විවාදය සඳහා තම පාර්ශ්වය සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහන යටතේ වීරකැටිය, ඕකන්දයාය විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රෙමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අතර පැවැත්වීමට යෝජිත විවාදය වෙනුවෙන් ජාතික ජන බලවේගය පාර්ශවයෙන් ලිපියක් යොමුකරමින් දින කිහිපයක් යෝජනා කර තිබුණි. ඒ අනුව අදාළ විවාදය සඳහා ලබන මැයි මාසයේ 07, 09, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම් බව එම ලිපියේ සඳහන් කර තිබුණි.
අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ප්‍රතිසංස්කරණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කුරුණෑගල දිස්ත්‍රික් දේශපාලන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. අරගල සමයේදී ගිනි තබා විනාශ කෙරුණු මෙම කාර්යාලය විවෘත කිරීම ඊයේ සිදුකෙරුණේ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී දහස් දැක්වූ දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, “මගේ සීයාගේ සොහොන කඩලා බිඳලා දැම්මා, අපි ජීවත් වෙච්ච නිවාස ගිනි තියන්න ගත්තා, මේ දරුවන්ට වෛර කරලා වැඩක් වෙන්නේ නෑ. යම් කණ්ඩායමක් විසින්…
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත්, එබැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය මෙම වසර දෙක තුන තුළදී තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ ඊයේ (23) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 10 වැනි දෙවාර්ෂික සම්මේලනය අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමබන්ධව කටයුතු කිරීම අධ්‍යාපන විශේෂඥයන්ට පමණක් සීමා නොකර පාසල් ගුරුවරුන්, ආර්ථික ක්ෂේත්‍රයේ කටයුතු කරන පිරිස් මෙන්ම සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය වැනි සංගම්…
හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී ධීවරයන් පිරිසක් අතර හටගත් ගැටුමක් දුරදිග ගොස් සිදුවූ පිහි ඇනුමක් හේතුවෙන් ධීවරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවූ එම ප්‍රදේශයේම පදිංචි ධීවරයෙකි. මෙම සිදුවීමත් සමඟ ඝාතන සැකකරුගේ නිවසට කිසියම් පිරිසක් පහරදී අලාභහානි සිදුකර ඇති අතර එහි ආරක්ෂාව සඳහා පොලිසිය කැඳවා තිබුණි.
ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව ධාවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව සුපර්ක්‍රොස් ධාවකයින්ගේ සංගමය පවසයි. ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී ඊයේ පුද්ගලයන් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුර සම්බන්ධයෙන් අදාළ මෝටර් රථ දෙකේ රියදුරන් දෙදෙනා ඊයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඔවුන් දෙදෙනාව අප්‍රෙල් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. ඒ සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සුපර්ක්‍රොස් ධාවකයින් කැඳවා තිබූ හමුවකින් අනතුරුව ඔවුන් මෙම අදහස් පළකළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුපර්ක්‍රොස් ධාවකයින්ගේ සංගමයේ අනුශාසක සජාජ් ජුහේර්, “ධාවන පථය ආරක්ෂාකාරීව සෑදීම සහ නරඹන්නන් කළමණාකරණය කිරීම සංවිධායකයින්…
බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික…
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා හෙට උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ඒ අනුව අද පස්වරුවේ කොළඹ මාර්ග කිහිපයක් ද අවස්ථා කිහිපයකදී වසා තැබෙන බවය. මේ අනුව අද (24) පස්වරු 2 සිට 3 දක්වා කාලය තුළ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය වසා තැබෙන බව පොලීසිය පවසයි. එහිදී මාර්ගය දෙපසටම වාහන ගමනාගමනය සඳහා අවස්ථාව හිමි නොවන බව පොලීසිය පවසයි. එසේම අධිවේගී මාර්ගයේ සිට පෑලියගොඩ, ඔරුගොඩවත්ත මංසන්ධිය, දෙමටගොඩ, බොරැල්ල, ඩී එස් සේනානායක මංසන්ධිය, හෝටන් පෙදෙස, හෝටන් වටරවුම, ග්‍රීන් පාත්,…
දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සත්පුද්ගල කමිටුවක් පත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබේ. මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම කමිටුව පත්කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර මහතා පැවසුවේය. අනතුර සම්බන්ධයෙන් දැනට පවතින වීඩියෝ පට සහ ඡායාරූප උපයෝගී කරගනිමින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය. විශේෂ විමර්ශන කමිටුව විසින් අනතුරට හේතු පාදක වූ කරුණු මොනවාද ? වගකිව යුතු අයවළුන් කවුරුන්ද ? තරගාවලිය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් ආරක්ෂාව තහවුරුකොට තිබුණේද ? ධාවන පථයේ ප්‍රමිතිය සැබැඳිව වගකිවයුතු පාර්ශව / ආයතන නිසි පරිදි ක්‍රියා කර තිබුණේද ? සහ ඉදිරියේදී එවැනි…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතන තිබේ. හෙට (24) දිනයේ දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය. අනිද්දා දිනයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යාධාර අරමුදල කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. ලබන සිකුරාදා දිනයේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තා වේ. මේ අතර අලුත් අවුරුද්දෙන් පසුව පළමු වරට හෙට දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක්…
අද (23) අලුයම මීගොඩ පොලිස් වසමේ බෙරුකැටිය මංසන්ධිය අසල මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අණ නොතැකූ ත්‍රීරෝද රථයකට වෙඩි තැබීමක් සිදුකර තිබිණී. දොම්පේ දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක් නැවැත්වීම සඳහා සංඥා කර ඇති අතර, ඔවුන් පොලිස් අණ නොතකා ඉදිරියට ධාවනය කර ඇති අතර පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තැබීමක් සිදුකර මොරගහහේන දෙසට ගමන් කර ඇත. අනතුරුව ඒ සම්බන්ධයෙන් අවට පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කටයුතු යොදා තිබේ. එහිදී මොරගහහේන පොලිස් වසමේ මෙහෙයුම් රාජකාරි යෙදී සිටි බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හට මෙම පණිවුඩය ලැබීමෙන් පසු පළා යමින් සිටි ත්‍රීරෝද රථය මොවුන් විසින් නැවැත්වීමට සංඥා කර තිබේ. එම අවස්ථාවේ දී…