Author: LFN
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද (26) සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම කාලගුණ නිවේදනය මගින් ඒ බව පෙන්වා දෙයි. ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
මූල්‍ය වංචා චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගත් උපකාරක පංති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගලට ඇප ලැබි තිබෙනවා. ඔහු රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළවයි අත්අඩංගුවට ගනු ලැබුවේ. ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ කඳාන පොලිසිය විසින්.
හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතාව කඳාන පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඒ මහතා මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නැවත අරගලයකට යොමුනොවී රට ගොඩනැගීමට සියලුදෙනා එක්වන්නයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. අද කොළඹදී ‘ITC Ratnadipa’ අතිසුඛෝපභෝගී හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. “අවුරුදු දෙකකට කලින් මෙතෙන තිබුණේ විශාල උද්ඝෝෂණයක්. මෙතෙන තිබුණේ අරගලයක්. වටේ වට කරලා තිබුණා. අද ඒ වෙනුවට තියෙන්නේ, විශාල හෝලයක්. ITC සමාගමේ, හෝටලය මෙතැන තියෙන Ratnadipa. අවුරුදු දෙකකින් ස්ථාවරභාවය ඇති කළා. අවුරුදු දෙකකින් ආර්ථිකයට පණ දුන්නා. අපි එතැනින් ඉදිරියට යන්නේ. මෙතැන තියෙන අවුල පහුකරලා, අපි ඒ වෙනුවට අලුත් ආර්ථිකයක් හදන්න ක්‍රියාකරගෙන යනවා. කිසි දවසක ආපහු අරගලයට යන්න එපා. තමන්ගේ ආර්ථිකය ආපහු කඩා වැටිලා වැඩක් නෑ. අස්ථාවරභාවයක් ඇති කරලා වැඩක් නෑ. අපි…
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මේ මස 30 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුවේ තීන්දුව අද (25) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි. එහෙත් මහාධිකරණ විනිසුරු නවරත්න මහරසිංහ මහතා සඳහන් කළේ, එහි තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 30 වන දා සිදුකරන බවය. මෙම චෝදනාව සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව…
විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කීය. එසේම විද්‍යාපීඨ පුහුණුව නිමකළ 4,160ක් විද්‍යාපීඨ වලින් පිටවීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය. ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ගුරු පුරප්පාඩු සඳහා 23,005 දෙනෙක් බඳවා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින බවද ඔහු පැවසීය.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන කටයුතු අත්හිටවනු ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. එම නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතය. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06 සිට 15 වන දින දක්වා පැවැත්විමට සැලසුම් කර තිබේ. මේ අතර පසුගියදා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස අග නිකුත් කිරීමට කටයුතු කරන බව ද…
ඉරානය ශ්‍රී ලංකාව සමඟ සිය දැනුම, විශේෂඥතාවය හා අත්දැකීම් බෙදා ගැනීමට සුදානම් බව ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පවසයි. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනසතු කිරීමෙන් අනතුරුව උත්සව සභාව අමතමින් ඉරාන ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, දැවැන්ත ව්‍යාපෘතිවල හවුල්කාරීත්වය ඇතුළුව මෙරට ප්‍රගතිය උදෙසා ඉරානය ඕනෑම මොහොතක පෙනී සිටින බවය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුව ඇත. වැඩිදුරටත් වාර්තාවන්නේ පසුගිය (23) පස්වරුවේ පැවති එම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් කරුණු 3ක් පිළිබඳව අවධානය යොමුකර ඇති බවය. එහිදී එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කර ඇති අතර දෙපාර්ශ්වය එකඟතාව පළකර ඇත්තේ ව්‍යවස්ථානුකූලව ඡන්ද විමසීමක් කැඳවනතුරු ජනාධිපති ධුර අපේක්ෂකත්වය ගැන විසංවාදයන්ගෙන් තොරව පවතින පොදු අභියෝග ජයගැනීමේ අරමුණු ප්‍රමුඛ කරගනිමින් ඉදිරියට යායුතු බවටය. එසේම හිටපු පළාත් පාලන නියෝජිතයන්ට ආණ්ඩුවේ පොදු කටයුතු සදහා නිල වශයෙන් සහභාගී විය හැකි වන පරිදි අවස්ථාවක් නිර්මාණය කරදීම පිළිබඳවද එහිදී සාකච්ඡා වී ඇත. මේ අතර එහිදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගෙන ඇති…
අද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 250ත් 300ත් අතර මිලකින් පහළ දැමෙනු ඇති බවය. එසේම ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100ත් 130ත් අතර මිලකින් පහළ දමනු ඇති බවද එම සංගමය වැඩිදුරටත් පවසයි.