Author: LFN

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු-මැද පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩිතරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවති. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය…

Read More

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් රහස් ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ (26) මුල්වරට හෙළි කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මෙරට පුරවැසියෙකු ගැන හෝ මෙරට පුරවැසියකුගේ සම්බන්ධතාවක් පිළිබඳ එම ප්‍රකාශයෙහි සඳහන් නොමැති බවය.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී පළායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව මැයි මස 15 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය. එදින මෙම නඩුවේ අධිකරණය මඟහැර සිටින විත්තිකරුවකුට අදාළව එම විත්තිකරුව නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාම පිළිබඳ සාක්ෂි විභාගය පවත්වන බවත් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය.

Read More

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවෙනි සතියේ ආරම්භවීමට නියමිතව බවය. “සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවෙනි සතියේ ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඊට පෙර සියලු නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන බවට විභාග කොමසාරිස්තුමා දැනුම්දුන්නා.”

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබේ. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී රැස්වුණේ පක්ෂ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

Read More

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. අයවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.1ක් බව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව පසුගිය (24) සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්තාවේ දී අනාවරණය වී ඇත. බදු නොගෙවන මත්පැන් නිෂ්පාදකයින්ගෙන් බලපත්‍ර බදු ගෙවන තෙක් තාවකාලිකව අත්හිටුවීමට ගෙන තිබූ කාරක සභා නියෝගය නොසලකා හැර කටයුතු කිරීම පිළිබඳව මෙහිදී සභාපතිවරයා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කර තිබේ. බලපත්‍ර අහෝසි නොකොට අදාළ හිඟ බදු මුදල් වාරික වශයෙන් අයකරගැනීමේ…

Read More

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය. ඒ ලකුණු 67කින් තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කරමිනි. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 122ක් රැස්කරගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 55ක් පමණි. පන්දුයැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 14කට කඩුලු 3ක් දවාගත් අතර උදේශිකා ප්‍රබෝධනී ලකුණු 10කට කඩුලු 2ක් දවාගත්තේය.

Read More

හොරණ වීදියගොඩ ප්‍රදේශයේ නිවසක තනිව සිටි කාන්තාවකගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. එහිදී තුවාල ලබා ඇත්තේ 63 හැවිරිදි කාන්තාවකි. එම කාන්තාවගේ අසල්වැසි පුද්ගලයෙකු විසින් මෙම අපරාධය සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි. අදාළ සැකකරු එම නිවසට ඇතුළුවන ආකාරයත් ඉන් පිටව යන ආකාරයත් නිවසේ සවිකර තිබූ CCTV කැමරාවේ පටිගතව ඇත. ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව සැකකාර පුද්ගලයා මෙම ගිනිතැබීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පළකරයි. මොරගහහේන පොලිසිය පවසන පරිදි, කලකට පෙර රුපියල් ලක්ෂ 60කට විකිණීමට තීරණය කර තිබූ සැකකරු සතු ඉඩමක් පසුව රුපියල් ලක්ෂ 80කට විකිණීම සඳහා ගැණුම්කරුවෙකු සොයාගැනීමට ඔහුට හැකිවී තිබේ. ඒ අනුව අදාළ ගැණුම්කරු රුපියල්…

Read More

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් දැනුම්දී ඇත්තේ මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන ලෙසටය. ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ http://www.srilankaevisa.lk වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි වෙත පිවිස මුදල් ගෙවීමේ අවස්ථාවන් පවතින බවට තොරතුරු වාර්තා වී ඇති බවය. එම දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අප්‍රේල් මස 17 වනදා සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බවය.

Read More

පළාත් පාලන ආයතනවල සිටින සේවකයින් සඳහා ස්ථීර පත්වීම් ලබාදීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ. පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව පැවසීය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. ඒ අනුව පළාත් පාලන ආයතනවල සිටින 8400ක පමණ වූ සේවකයින් ප්‍රමාණය සඳහා කඩිනමින් ස්ථිර පත්වීම් ලබාදීමට එහිදී අවධානය යොමුවූ බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙම විශේෂ සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැවතුණි.

Read More