Author: LFN

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, “සේවක අර්ථසාධක අරමුදල අපේ රටේ තියෙන දැවැන්තම අරමුදල, ලක්ෂ 27ක් සාමාජිකයෝ ඉන්නවා. අපි සූදානම් 2023 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කරලා උපයාගත් මුදල්වලින් සියයට 9 ක් නොවෙයි සියයට 13ක් ගෙවන්න. 9 තමයි අපි අවම වශයෙන් දියයුතු මුදල හැටියට තිබුණේ. නමුත් සියයට 13ක් දෙන්න රජය දැන් කටයුතු කරගෙන යනවා. මේක රජයේත් ජයග්‍රහණයක්, ඊට එහා ගියාම මේක…

Read More

ව්‍යාජ රත්‍රන් කිලෝ 4ක් සමඟ සැකකරුවෙක් හා සැකකාරියන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. කිලිනොච්චිය යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කිලිනොච්චිය කන්දසාමී කෝවිල ඉදිරිපිට වැටලීමක් සිදු කෙරුණා. එහිදී බලපත්‍ර නොමැතිව කිලෝ ග්‍රෑම් 4යි ග්‍රෑම් 170ක බරින් යුතු ව්‍යාජ රත්‍රන් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුනා. ඔවුන් අවුරුදු 41 /30 හා 32 යන වයස්කාණ්ඩවල පසුවන වව්නියාව ප්‍ර දේශයේ පදිංචිකරුවන්. වැඩිදුර විමර්ශන සදහා සැකකරුවන් කිලිනොච්චිය පොලිසිය වෙත භාර දී තිබෙනවා.

Read More

පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාද වීම සම්බන්ධයෙන් විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පතිවරයා වෙත බාර දී තිබේ. විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත බාර දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. පොලිස් නිලධාරීන්ට එරෙහි විනය කාර්ය පටිපාටියට අදාළ පරීක්ෂණ සඳහා දීර්ඝ කාලයක් ගතවීම හේතුවෙන් නිලධාරීන්ගේ වැටුප් වර්ධක, දීමනා සහ උසස් වීම් ප්‍රමාද වීම වැනි පරිපාලන ගැටලු සම්බන්ධයෙන් සොයා බලා ඊට අදාළ විසදුම් යෝජනා කිරීම සඳහා නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර කෙරුණි.…

Read More

මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා තරුණ පරපුර ආකර්ෂණය කරගැනීම රජයේ කෘෂි නවීකරණ වැඩසටහනේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අමෙරිකා එක්සත් ජනපද විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම්වරිය පසුගිය (26) හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර සිටියේය.‍ අමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පෙරේදා පස්වරුවේ දී සිදු වුණි. ඒ ජනාධිපති කාර්යාලයේදීය. මෙහිදී අමෙරිකා එක්සත් ජනපදයේ සහාය ඇතිව මෙරට කිරි නිෂ්පාදනය නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කෙරුණි. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ එම වැඩසටහන මඟින් දිවයින පුරා…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් අද (28) ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුර සහ උතුරු-මැද පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරයි. සබරගමුව,…

Read More

මේ දිනවල ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ වැඩසටහනේදී විවිධ අක්‍රමිතා සහ දූෂණ සිදුවීම් කිහිපයක් වාර්තාවී තිබේ. අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් සඳහා සහල් බෙදාදීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ යටතේ මේ වනවිට දිවයින පුරා සහල් බෙදීම සිදුකෙරේ. තෝරාගත් ප්‍රතිලාභී පවුල් සඳහා සහල් කිලෝ 10 බැගින් බෙදාදීම සිදුවන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමිනි. මෙම සහල් නොමිලේ ජනතාවට ලබාදෙන නමුත් තංගල්ල, නෙටොල්පිටිය, වැලිපැන්න, ලාලිතපුර ගම්මානයේ ජනතාව චෝදනා කරන්නේ තමන්ට සහල් ලබාගැනීමට මුදල් ගෙවීමට සිදුවූ බවය. ඒ අනුව රුපියල් 20 සිට රුපියල් 150 දක්වා විවිධ ප්‍රමාණයෙන් මුදල් ගෙවීමට ඔවුන්ට සිදුව තිබේ. මේ සම්බන්ධයෙන් අප හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ ජනතාවට බෙදාදීමට තිබූ සහල්…

Read More

ඉන්දීය සුපිරි නළු සන්ජේ දත්, තමන්නා බාටියා ඇතුළු කලාකරුවන් පිරිසක් මහරාෂ්ට්‍ර සයිබර් අපරාධ අංශය වෙත කැඳවා තිබේ.‍ 2023 IPL තරඟාවලිය අනවසර යෙදවුමක් ඔස්සේ ප්‍රවර්ධනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් එසේ ඔවුන් අපරාධ අංශය වෙත කැඳවා ඇත. එලෙස කැඳවූ පිරිස අතර සුපිරි නිළි ජැකලීන් ද අයත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශ දෙකක් අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව මැයි මස 08 වනදා විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හා ඊජිප්තු තානාපති Maged Mosleh මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ, වෙළෙඳ අමාත්‍යාංශයේදී ය. මෙහිදී අමාත්‍යවරයා ඊජිප්තුවෙන් මෙරටට ලූනු ගෙන්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද තානාපතිවරයාගෙන් විමසා තිබේ.

Read More

ජාත්‍යන්තර කම්කරු දින සැමරුමෙන් පසු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීමට නියමිත බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. ඊයේ (27) පෙරවරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. GLOBAL MIND සංවිධානය විසින් පවත්වන ” රනිල්ට ඉඩ දෙමු ” යතුරුපැදි රැළිය ඊයේ පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානය ඉදිරිපිටින් ආරම්භ වුණා. ඒ, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ උපදේශකත්වයෙනි.

Read More