Author: LFN

කිලිනොච්චි කොකාවිල් යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටි යුද හමුදා සෙබලෙකු අද (29) උදෑසන ධර්මපුරම් වෙලඳ සංකීර්ණය පිටුපස ගෙලවැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්ථාවේ. මොහු යුනිට් 10, ධර්මපුරම්හි පදිංචි පී වින්තුජන් නැමති වයස අවුරුදු 32 ක පුද්ලයෙකි. මොහු පවුල් ආරවුලක් හේතුවෙන් කම්පාවී සිට ඇති අතර, සිය බිරිඳ හා දියණිය මෙම සෙබලා ඇතහැර වසරක පමණ කාලයක් ගතවී ඇති අතර, මේ හේතුවෙන් මොහු දැඩි කල කිරීමකින් සිට ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පවසා ඇති බවට වාර්තාවේ. ඔහුගේ බිරිඳ දියණිය හා ඔහු අතහැර දමා ගොස් මේ වන විට කිලිනොච්චි ප්‍රදේශයේ වෙනත් පුද්ගලයෙකු සමඟ ජීවත්වන අතර, මේ පිලිබඳව දික්කසාද නඩුවක්ද කිලිනොච්චි අධිකරණයේ විභාග වෙමින්…

Read More

මීට වසර 22කට පමණ පෙර කොළඹ ගෑස්පහ හන්දිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දණ්ඩනය නියමකර තිබේ. එම ඝාතනය 2002 වසරේ අගෝස්තු මස 08 වනදා සිදුකර තිබුණි. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් එම නියෝගය නිකුත් කළේය. එම විත්තිකරුවන් දෙදෙනාට පැමිණිල්ල විසින් ගොනුකළ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බවට නිගමනය කරමින් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර තිබුණි. එම නඩුවේ දෙවන සහ හතරවන විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර ති‌බේ. සින්නයියා නඩේෂන් නැමැත්තාව තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන් ට එරෙහිව මෙම…

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් ඉකුත් දා කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය. අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Read More

මීට වසර 26කට පෙර කන්තලේ භාරතී පුරම් ගම්මානයේ පදිංචි නිරායුධ දෙමළ වැසියන් අට දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව එම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පස් දෙනෙකු වරදකරු බවට අධිකරණය විසින් තීන්දු කර තිබේ. උතුරු මැද පළාත් බද හිටපු මහාධිකරණ විනිසුරු සහ වර්තමාන කුලියාපිටිය මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා එම විත්තිකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනාට බරපතළ වැඩසහිතව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. මෙලෙස සිරදඬුවම් නියම වූයේ, කන්තලේ පොලිස් කොට්ඨාශයේ භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂක ආර්. එම්. රණරාජා බංඩාර, උප පොලිස් පරික්ෂක ජී.එල්. සෝමරත්න, පොලිස් සැරයන්වරු වන චන්ද්‍රරත්න බංඩාර, කේ. එම්. නිහාල් ප්‍රේමතිලක සහ ආර්.…

Read More

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබේ. අප්‍රේල් මස 20 වනදා සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකරන සිටින නිලධාරීන් හා සෙසු නිලයන් හට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ අනුව එම පොදු සමා කාලය තුළ මේ වනවිට යුද හමුදා සාමාජිකයින් 7,156 දෙනෙකු සේවයෙන් ඉවත් වී ඇති බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි. යුද හමුදා සාමාජිකයින් 7,143 දෙනෙකු ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානවලින් තාවකාලිව ඉවත් කිරීම සිදුකර ඇති බවද වාර්තාවෙයි. ඊට අමතරව නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර…

Read More

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් විදේශගතවීමට තැත්කළ ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයෙකු ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ගුවන්තොටුපොළේ මෑතකදී සවිකළ ස්වයංක්‍රීය හඳුනාගැනීමේ යන්ත්‍රය මගින් මෙම සැකකරුව හඳුනාගෙන ඇති බවය.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර තිබේ. ඊයේ පැවති මාධ්‍ය හමුවක දී එම සම්මේලනයේ සභාපති අනුරාධ සෙනෙවිරත්න මහතා කියා සිටියේ දිවයින පුරා 14,000කට අධික ආර්ථික සංවර්ධන නිලධාරීන් මෙම ක්‍රියාමාර්ගයට එක්වන බවය. සිය ඉල්ලිම් සඳහා විසදුමක් ලබා නොදෙන්නේ නම් ආර්ථික සංවර්ධන නිලධාරින් මැයි මස 06 වැනිදා දින සිට සියලුම සේවාවන්වලින් ඉවත් වන බව ද අනුරාධ සෙනෙවිරත්න මහතා පැවසීය.

Read More

උමා ඔය ව්‍යාපෘතියට කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරින් පිහිටි කරඳගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වූ නායයාමේ අවදානම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥයින් පිරිසක් හෙට දිනයේ විශේෂ නිරීක්ෂණයකට එක්වීමට සැලසුම් කර ඇත. බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, නාය අවදානම අවම කිරීම සඳහා කඳුකර භූමියේ ඉහළ රැඳී ඇති ජලය කෙටි කාලීන ක්‍රම ඔස්සේ පහළට ගෙන ඒමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවය. ඇල්ල – කරඳගොල්ල ප්‍රදේශයේ අක්කර දෙකක පමණ භූමි ප්‍රමාණයක මලිත්තගොල්ල නම් වූ බෑවුම් සහිත කොටසෙහි දින කිහිපයකට පෙර සක්‍රීය වූ නාය අවදානම සම්බන්ධයෙන් මේ වනවිට බලධාරීන් දැඩි නිරීක්ෂණයක පසුවෙයි. නායයාමක ලක්ෂණ පෙන්නුම් කරමින් ජලය ගලායන ආකාරය සහ රොන්මඩ පවතින ආකාරය…

Read More

පුද්ගලයෙකුගේ වකුගඩු දෙකෙහිම ඇති ගල් එකවර ඉවත් කිරීමේ සුවිශේෂී සැත්කමක් මෙරට පළමුවරට කළුතර ශික්ෂණ රෝහලේදී සිදුකර තිබුණි. Disposable flexible yuritroscope නම් උපකරණය යොදා ගනිමින් කුඩා සිදුරක් ඔස්සේ මෙම සැත්කම සිදුකර තිබේ. මේ වනවිට රෝගියා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුව බව සැත්කම් සිදුකළ වෛද්‍යවරු පවසයි.

Read More

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව , දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන පස්වරු 1න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ. නැගෙනහිර සහ දකුණු පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග…

Read More