Author: LFN

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්දඝ? යන නියෝගය ප්‍රකාශ කිරීම මැයි මස 07 වන දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය. එම නියෝගය අද (30) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි. එහෙත් එය ප්‍රකාශ කිරීම මැයි මස 07 වන දා දක්වා කල්තබන බව අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා නිවේදනය කළේය.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලක් මත අදාළ සැකකරුවන්ව ඊයේ (29) සවස 3.30ට පමණ කොල්ලුපිටියේ දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. කොල්ලුපිටියේ පිහිටි නිවසක් පරීක්ෂාකර පැමිණිලිකරුට අයත් රුපියල් 12,000,000ක් හා ඩොලර් 3,500ක් අදාළ සැකකරුවන් විසින් රැගෙන ගොස් තිබිණි. ඒ පැමිණිලිකරුට විරුද්ධව විමර්ශනයක් පවතින බව සඳහන් කරමින්ය. පසුව අදාළ සැකකරුවන් පැමිණි එම නිවසේ සේවය කරමින් සිටි ඉන්දියානු ජාතිකයාගේ විදේශ ගමන් බලපත්‍රය රැගෙන ගොස් ඇත. ඉන් අනතුරුව පැමිණිකරුට දුරකථනයෙන් ඇමතුමක් ලබාදී ඔහුට විරුද්ධව විමර්ශනයට උදව් කිරීමට සහ…

Read More

අමෙරිකාවේ උතුරු කැරොලිනා හි චාර්ලට් හි වාසය කළ පුද්ගලයෙක්ට නොතීසියක් බාරදීමට ගිය ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක් එල්ලකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රහාරයෙන් නිලධාරීන් සිව් දෙනෙක් මියගොස් තවත් සිව් දෙනෙක් බරපතළ තුවාල ලැබූ බව වාර්තා වෙයි. පොලිස් නිලධාරීන් සහ ප්‍රහාරකයින් අතර පැය 3ක පමණ කාලයක් වෙඩි හුවමාරුව සිදුකර ගෙන ඇති අතර ඉන් එක් සැකකරුවෙක් වෙඩි වැදී මියගොස් තිබුණි. මෙම වෙඩි තැබීම සඳහා දෙදෙනෙක් සම්බන්ධ වී ඇති බව සඳහන් ය. මෙය වසර ගණනාවකින් අමෙරිකානු ආරක්ෂක අංශ ඉලක්ක කර එරටදී එල්ල කළ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල අද (30) ප.ව. 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට…

Read More

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. අපරාධකරුවන් මර්දනය සඳහා ගිනිඅවි භාවිත කිරීමට පසුබට නොවන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගියදා කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් නීතිඥ සංගමය මෙම ඉල්ලීම සිදුකර ඇත. නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (29) එම සංගමය සඳහන් කළේ ඊට අදාළව සිය සංගමයේ මහ සභාවේදී යෝජනාවක්ද සම්මත කරගත් බවය. අපරාධ කල්ලි මර්දනයට ගිනි අවි භාවිත කිරීමට පසුබට නොවන ලෙස පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස් නිලධාරීන් අමතමින් සදහන් කළේ ක්ෂණික විහිදුම් යතුරුපැදි බලකායේ නිලධාරීන් විසිර යාමේ උත්සවයේදීය. උක්ත ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි…

Read More

අවසරයකික් තොරව මැයි රැළි ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, එලෙස ඩ්‍රෝන යානා භාවිත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගතයුතු බවය. මෙම නීතිය දිවයින පුරා පැවැත්වෙන සියලුම මැයි රැළි සඳහා අදාළ වනු ඇත.

Read More

වැලිගම ප්‍රදේශයේ පෞද්ගලික කාන්තා විද්‍යාලයක ගින්නක් හටගෙන තිබේ. එම විද්‍යාලයේ නේවාසිකාගාරය පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක තෙවන මහලේ මෙම ගින්න හටගෙන ඇත. පසුගිය මාර්තු මස 03 වනදා ද මෙම පෞද්ගලික කාන්තා විද්‍යාලයේ ගින්නක් හටගෙන තිබීම විශේෂත්යකි. ආරංචි මාර්ග සඳහන් කරන්නේ මාතර ගිනි නිවීමේ ඒකකය, වැලිගම පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන ඇති බවය.

Read More

මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ජාතික අධ්‍යාපන ආයතනයේ නිල අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව ආරම්භ කිරීම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව මෙම තීරණය ගෙන ඇති බවය. මෙම අභියෝගාත්මක කාර්යය සිදුකිරීම සඳහා ගුරුභවතුන්ගේ ද දැඩි කැපවීමක් අවශ්‍ය බවද අමාත්‍යවරයා එහිදී පෙන්වාදුන්නේය. ඒ සඳහා මේ වන විටත් උසස් පෙළ විද්‍යා, ගණිත, තාක්ෂණවේදය හා…

Read More

හෙරොයින් ජාවාරමේ නිරතවූ පියා සහ පුත්‍රයා කොළඹ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම ඒකකය වෙත ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී බොරැල්ල ප්‍රදේශයේ ඔවුන්ගේ නිවසේදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ “මාළු සමන්ත” නොහොත් බෙන්ජමින් සමන් සහ ඔහුගේ පුත්‍රයා වන බෙන්ජමින් හර්ෂ නොහොත් “චෝලේ” නමැති ජාවාරම්කරුවන් දෙදෙනෙකි. පොලීසිය විසින් ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 630ක් මෙහිදී සොයාගෙන ඇත. සැකකරුවන් වැඩිදුරටත් පොලීසිය වෙත අනාවරණය කර ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන කවිෂ්ක මධුශාන් නොහොත් “චතූ මල්ලී” නැමැත්තා විසින් ඔවුන්ට මත්ද්‍රව්‍ය සපයන බවය. සැකකරුවන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව…

Read More

නීතිවිරෝධී ලෙස පිරිමි ළමයෙකු එංගලන්තය වෙත රැගෙන යාමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට කටුනායක ගුවන්තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් සමත්ව තිබේ. මෙම ජාවාරම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. දැනට එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික මවකගේ සහ ඇයගේ පුතුගේ තොරතුරු භාවිත කර ව්‍යාජ ලියකියවිලි සකස් කර වෙනත් කාන්තාවක යොදාගනිමින් එම පිරිමි දරුවා පසුගිය 26 වනදා මෙලෙස එංගලන්තය වෙත රැගෙන යාමට උත්සාහ ගෙන තිබේ. මෙම පිරිමි ළමයා 17 හැවිරිදි වියේ පසුවන අතර ඔහු ද්‍රවිඩ ජාතිකයෙකු බවය. මුලතිව් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙලෙස එම පිරිමි දරුවාද රැගෙන එදින දහවල් 1.30ට ශ්‍රීලන්කන් ගුවන් යානයකින් ලන්ඩන් බලා…

Read More