Author: LFN
අද (02) දින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල සිදුකළ වැටලීමකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි කපිල නැමැත්තාට අයත් බවට සැකකෙරෙන රුපියල් කෝටි 15ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලීසියෙන් තවත් තොරතුරු හෙළිදරව්කර තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අසල සිදුකළ මෙම වැටලීමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 13ක්, හෑෂ් කිලෝග්‍රෑම් 6ක්, කොකේන් ග්‍රෑම් 500ක් සහ රුපියල් ලක්ෂ 15ක මුදල් ද සොයා ගෙන ඇත. එම මුදල් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් හා සැකකාරියක් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට භාවිත කළ මෝටර් රථයක් ද සමග විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 51ක් වූ සැකකාරියක් සහ අවුරුදු 45ක් වූ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා වසර…
ඇල්ල කරඳගොල්ල නායයෑමේ අවදානම කෙටි කාලයක් තුළ පාලනය කළ හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ එම ප්‍රදේශයේ නායයෑමේ අවදානම නිරීක්ෂණයට ඊයේ (01) එක්වෙමිනි. ඇල්ල – කරඳගොල්ල, මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයෑමේ අවදානම නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් නිලධාරීන් පිරිසක් පසුගියදා එහි ගොස් තිබුණි. එහිදී තත්ත්වය පිරික්සූ ඔවුන් නායයෑමේ අවදානම අවම කිරීමට ජල ප්‍රවාහය වෙනත් දිශාවකට යොමු කිරීමටද පියවර ගෙන තිබුණි. එය තාවකාලික විසඳුමක් බවත් මෙම තත්ත්වය නිරීක්ෂණයට තවත් විශේෂඥයන් කණ්ඩායමක් එහි පැමිණෙන බවත් එහිදී සඳහන් කෙරුණි. ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තවත් භූ විද්‍යාඥයින් පිරිසක් ඊයේ එම…
ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. “ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් තියෙන්නේ රටටයි එක්සත් ජාතික පක්ෂයටයි. ඒකයි මේ වැටුණු රට අපිට උස්සන්න පුළුවන් වුණේ. රට වැටුණු වෙලාවේ විපක්ෂ නායක විතරක් නෙමෙයි… හැම පක්ෂයම දුවලා ලංකාව ගිනස් වාර්තාවක් තිබ්බා. අන්තිමට මට ගන්න වුණා. මං කවුද?.. තනි මන්ත්‍රීවරයෙක් ඉන්න පක්ෂයක නායකයෙක්. අපි අභියෝග හමුවේ දුවන්නේ නැහැ.”
විවාදය සඳහා මැයි 20ට පෙර දිනයක් ලබාදෙන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (01) මැයි රැලිය අමතමින් සමගි ජන බලවේගයට පැවසීය. ඔහු සඳහන් කළේ මෙම මැයි රැලිය දූෂිත පාලකයන් යටතේ ජාතික ජන බලවේගය පවත්වන අවසන් මැයි රැලිය බවය. “මේ රට විනාශයට පත්කරන ලද අපරාධකරුවන් යටතේ පවත්වනු ලබන අවසන් මැයි රැලිය තමයි ජාතික ජන බලවේගය අද මේ පවත්වන්නේ.” “අර සජබෙ ඇඬියාව…මළ කරදරයක් නේ. විවාදයකට එන්නලු. අපි දින 4ක් දුන්නා. දින 4ම එයාට වැඩ ලු. රෑත් වැඩ. ඊට පස්සේ අපි කිව්වා මැයි 20ට කලින් අපිට දිනයක් දෙන්න කියලා. ඒ ඕන දිනයකට අපි ලෑස්තියි. මොකද මේ ඇඬියාව ඉවර කරන්න…
අද (02) සහ හෙට (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ. ඒ, වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමිනි. ඊට සමගාමීව හෙට දිනයේ කොළඹ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වෙන බව එම සංගමය පවසයි. රජයේ දීපව්‍යාප්ත සේවාවලට සහ සමාන්තර දෙපාර්තමේන්තු ගත සේවාවලට අයත් 18,000ක් පමණ වන විධායක නිලධාරීන් හට බලපා ඇති වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා රජය මෙතෙක් කටයුතු කර නොමැති බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පෙන්වාදෙයි. මේ වන විටත් සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කටයුතුවලින් රජයේ විධායක නිලධාරීන් මේ වනවිට ඉවත් වී ඇති අතර…
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි දින සැමරුම් උත්සවයක් තලවාකැළේ ප්‍රදේශයේදී ඊයේ (01) පැවැත්වුණි. පසුගියදා රොෂාන් රණසිංහ මහතාගේ දූෂණ විරෝධී සභාගය හා එක්වුණු හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ඊයේ එහිදී සමගි ජන බලවේගයේ වේදිකාවට එක්වීමද විශේෂත්වයකි.
මෙම මැයි රැලිය ඉතා තීරණාත්මක එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලියට ඊයේ (01) එක්වෙමිනි. බොරැල්ල කැම්බල් පිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලියට එක්වීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනතාව පැමිණ තිබුණි. “රොඳ බඳිමු අපි එක සිතින් – එක්සත්ව හදවතින්” යන්න තේමා කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැලිය අද පස්වරු 3ට පමණ ආරම්භ වුණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, “ඔබව හැමදාම වීදි සටන්වල ඉත්තෝ විදියට තියාගන්න බලාගෙන කණ්ඩායමක් ඉන්නවා. මේ මැයි රැලිය තීරණාත්මකයි. මීළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රට ගමන් කරන්නේ කොහෙටද…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
වතු සේවකයින්ගේ වැටුප රුපියල් 1700කට වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොටගල පැවති කම්කරු දින සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. එම සමාගම් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දැමීමට තීරණය කර තිබේ. එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම නව මිල සංශෝධනය අනුව සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 වනු ඇති බවය.