Author: LFN

විදෙස්ගතව සිටින තම බිරිඳ ව ආපසු ගෙන්වා ගැනීමේ අරමුණෙන් සිය කුඩා දියණිය ට හිරිහැර කරමින් එය වීඩියෝ කර සමාජ මාධ්‍යට මුදාහළ පුද්ගලයෙක්ව බලන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා බලන්ගොඩ පෙටිටිගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පියෙකි. මීට මාස නවයකට පමණ ඉහතදී මෙම දියණියගේ මව විදෙස්ගතව තිබුණේ දියණිය රැකබලාගැනීමේ වගකීම සැමියාට සහ ඔහුගේ මව්පියන් වෙත භාරකරමිනි. එම දැරිය මේ වනවිට බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින්නීය. සැකකරුව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔහුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සුව වූ පසු දැරිය ව ඇයගේ මවට භාරදීමට නියමිතය. මව පැමිණෙන තෙක් ඇය ව පරිවාස භාරයට…

Read More

ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවසා තිබේ. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අද (03) ඊට අදාළ රෙගුලාසියකට අත්සන් තැබූ බව ක්‍රීඩා අමාත්‍යාංශය පැවසීය. මෙරට ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.

Read More

අමෙරිකාවේ සුප්‍රකට ඇපල් සමාගම වසරකට වැඩි කාලයක් තුළදී සිදුවූ විශාලතම අලෙවි පහත වැටීම වාර්තා කර ඇත. මෙම වසරේ පළමු මාස 03 තුළ එහි අලෙවිය සියයට 4කින් එනම් අමෙරිකානු ඩොලර් බිලියන 91ක් දක්වා පහත වැටී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. අයිෆෝන් අලෙවිය සියයට 10කින් පහත වැටී ඇති අතර එය සමාගමේ සමස්ත අලෙවිය පහත වැටීමට බලපා තිබේ. අයිෆෝන් අලෙවිය පහත වැටී ඇත්තේ මෙම වසරේ පළමු මාස 03 තුළ ගෝලීය ස්මාර්ට්ෆෝන් අලෙවිය ඉහළ ගොස් ඇති පසුබිමක වීම විශේෂත්වයකි. කෙසේ වුවද, නව නිෂ්පාදන සහ කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ ආයෝජන ඉහළ දැමීමෙන් විකුණුම් ඉහළ යනු ඇතැයි යන්න ඇපල් සමාගමේ අපේක්ෂාවයි.

Read More

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව මේ වන විට රුපියල් 4,115ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,940කි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,582 කි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 32 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 740කි.

Read More

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන ලෙස විත්තියේ නීතිඥවරුන් විසින් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය මැයි මස 31 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය අද (03) දැනුම්දුනි. 2012 වසරේ ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8 කට අධික පාඩුවක් සිදු කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ලවී තිබේ. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙම මූලික විරෝධතා මතු කර තිබුණි.

Read More

බියගම දෙල්ගොඩ නව නුවර පාරේ වඩුවේගම ප්‍රදේශයේදී සියඹලාපේ දෙස සිට දෙල්ගොඩ දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී ඊයේ (02) අනතුරක් සිදුවී තිබුණි. එහිදී මගියා මාර්ගයේ ඇදවැටී තිබූ අතර දෙල්ගොඩ දෙස සිට සියඹලාපේ දෙසට ධාවනය වූ වෑන් රථයක රෝදයත් එහි ඉදිරිපස කොටසත් අතර සිරවී ඇති මගියා වෑන් රථය සමග ඉදිරියට ඇදී ගොස් තිබේ. එම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ මගියා බියගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි ලස්සේගම දැරණියගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් අදාළ රථ දෙකේ රියදුරන් අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර තවත් ප්‍රදේශ…

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් ලෙස සුප්‍රසිද්ධ කාන්තාවක් වන නිරෝෂණී ප්‍රදීපිකා නමැත්තිය අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි. ඒ, ත්‍රීරෝද රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී ය. පොලීසිය සඳහන් කළේ ඇයව “බූරු නිරෝෂා” නම් අන්වර්ථ නාමයෙන් ද හඳුන්වන බවය. ඇය සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 810ක් සොයාගෙන ඇත. එසේම ඇය පදිංචිව සිටි මාළඹේ පිහිටි නිවසක තිබී හෙ‍රොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 430ක් ද සොයාගෙන තිබේ. සැකකාරියට සහාය දැක්වූ පුද්ගලයෙකුවද එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදා ගත් සැකකාරියගේ ත්‍රිරෝද රථයද පොලිස් භාරයට ‍ගෙන ඇත. මෙම සැකකාරිය මීට ‍‍පෙරද මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට…

Read More

හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටින බව කියන කටුනායක සීදුව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු, රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය සමග දිවුලපිටියේදී බඩල්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සැකකරු කටුනායක සීදුව නගර සභාවේ හිටපු උප නගරාධිපතිවරයෙකු බවය.

Read More

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව අදාළ තරුණයාගේ පෙම්වතිය සහ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි. මේ අතර අදාළ සිදුවීමෙන් පසුව මේ වන විට අතුරුදන්ව සිටින ප්‍රධාන සැකකරුගේ පවුලේ ඡායාරූපයක් ඊයේ (02) පොලීසිය මාධ්‍ය වෙත නිකුත් කළේ ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පැතීම සඳහාය. කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සුසිත ජයවංශ අතුරුදන්වූයේ මින් දින 10කට පෙරදීය. ඔහු අවසන්වරට සිය පෙම්වතියගේ පියාගෙන් ලද දුරකථන ඇමතුමකට අනුව ඇයගේ නිවසට ගොස් තිබුණි. එහිදී ඔහුට පෙම්වතියගේ පියා, පෙදරේරුවන් දෙදෙනෙකු සමග එක් වී පහරදී ඇතැයි අනාවරණ වූ බව පොලීසිය පැවසීය. ඒ අනුව අත්අඩංගුවට ගත් පෙදරේරුවන් දෙදෙනා පොලීසියට පාපෝච්චාරණය කර ඇත්තේ,…

Read More

හෝමාගම ප්‍රදේශයේ හෝටලයකට අලාභ හානි සිදුකර එහි සේවකයින්ට ද පහරදී පළාගිය පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් 11දෙනෙක් සහ සිසුවියක් හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ගැටුම හටගෙන ඇත්තේ අදාළ සිසුන් විසින් හෝටලයේ සංවිධානය කර තිබූ සාදයක් අතරතුරය. ගැටුමෙන් තුවාල ලැබූ හෝටල් සේවකයෙක් මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් ඉකුත් 30 වනදා රාත්‍රියේ ප්‍රිය සම්භාෂණයක් පවත්වා තිබුණේ හෝමාගම ප්‍රදේශයේ පිහිටි හෝටලයකදීය. එහිදී ඔවුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුණි. ගැටුම උත්සන්න වීම හේතුවෙන් හෝටල් සේවකයින් එය නැවැත්වීමට උත්සාහ කළත් ඉන් පළක් වී නොමැත. අනතුරුව 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ සිදුවීම පොලීසියට දැනුම්දීමට හෝටල් කළමනාකාරීත්වය පියවර ගැනීමත් සමග හෝටලයේ බිල්පත් සඳහා…

Read More