Author: LFN
දරුවන් වෙනුවෙන් තම ජීවිතයම කැපකරන උත්තම පියවරුන් අතර තාත්තා යන නමටත් නිගා දෙන ඇතැම් පියවරුන්ද සිටී. මත්කුඩු මිලදී ගැනීමට මුදල් ඉල්ලා බිරිඳ සමග ඇතිකරගත් ආරවුලක් අතරතුර වයස අවුරුදු හතක් වූ තම දරුවා පොළොවේ ගසා බරපතළ තුවාල සිදුකිරීමට තරම් සැහැසි වූ එවන් පියෙකු පිළිබඳව අපට වාර්තා විය. සිය සැමියා විසින් තම හත් හැවිරිදි දරුවා පොළොවේ ගැසූ බවට මීට දින කිහිපයකට ඉහතදී ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වෙත පැමිණි කාන්තාවක් මෙම පැමිණිල්ල සිදුකර තිබුණි. එමගින් ඇය සඳහන් කර තිබුණේ තම සැමියා ඉතා තදින් මත්කුඩුවලට ඇබ්බැහිවූවෙකු වන අතර, මත්කුඩු මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලමින් නිරන්තරයෙන් තමන්ට සහ තම දරුවාට හිරිහැර කරන බවය. සිද්ධිය සිදුවූ දිනයේ ද…
නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටි හමුදා සාමාජිකයින් 9,000කට අධික පිරිසක් සති දෙකක් තුළ පොදු සමාව යටතේ සේවයෙන් ඉවත්කළ බව යුද හමුදා මූලස්ථානය පවසයි. අප්‍රේල් මස 20 වනදා සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින නිලධාරීන් හා සෙසු නිලයන් හට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ අනුව එම පොදු සමා කාලය තුළ මේ වනවිට යුද හමුදා සාමාජිකයින් 9,770 දෙනෙකු සේවයෙන් ඉවත් වී ඇති බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි. යුද හමුදා සාමාජිකයින් 9,735 දෙනෙකු ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානවලින් තාවකාලිව ඉවත් කිරීම සිදුකර ඇති බවද වාර්තාවෙයි. ඊට අමතරව නිවාඩු ලබා…
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබේ. නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 49,312 දෙනෙකු අයදුම් කර ඇති අතර පිළිතුරුපත්‍ර 250,311ක් නැවත සමීක්ෂණයට ලක්කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිය හරහා එම ප්‍රතිඵල ලබා ගත හැකිය. මේ අතර 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ආරම්භ වේ. අයදුම්කරුවන් 452, 979 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඊට පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ 87, 648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත්. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී…
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (05) දිනයේදී “වැඩි අවධානය” යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකයේ, එනම් මිනිස් සිරුරට දැනෙන උණුුසුම “වැඩි අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බවය. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. මේ අතර බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
වැලිගම මුහුදේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙක් මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. ඊයේ (04) දහවල් වැලිගම, ගන්දූව ආසන්නයේ මුහුදේ දිය නැමට ගිය තරුණයින් තිදෙනා මෙලෙස අනතුරට ලක්වී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය. ඉන් තරුණයින් දෙදෙනෙකුගේ ජීවිත බේරාගැනීමට හැකිවී තිබේ. කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරණ ඒකකය විසින් මේ මස 6වන දින තෙක් මුහුදේ දිය නැමෙන් වළකින ලෙස අනතුරු අඟවා තිබියදී මෙම තරුණයින් දිය නෑමට ගොස් තිබේ. එලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වැලිගම කොලේදණ්ඩ, ප්‍රදේශයේ පදිංචිව සිටි අබ්දුල් භාෂිත් නමැති 20 හැවිරිදි තරුණයෙකි. ජීවිතක්ෂයට පත්වූ තරුණයාගේ සිරුර මේ වනවිට හමුවී ඇති අතර වැලිගම පොලීසිය සිද්ධිය…
2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ කසක්ස්තානය කණ්ඩායම ලකුණු 45ට 7ක් ලෙස පරාජයට පත්කරමිනි. එම තරගය ඊයේ (04) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වුණි.
මාතලේ, විල්ගමුව නගරයේ ගොවිජන සේවා කාර්යාලය අසල දින කිහිපයක් තිස්සේ සැක කටයුතු ලෙස නවතා තිබෙන වෑන් රථයක් පොලිසිය පරීක්ෂාවට ලක්කර තිබේ. එම වෑන් රථය පසුගියදා කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේදී අතුරුදන්වූ 31 හැවිරිදි තරුණයා පැහැරගෙන ගිය වෑන්රථය බවට පොලීසිය සැක පළ කරයි.
උපකාරක පන්තිය නොපැවැත්වීම නිසා වැලිගම ප්‍රදේශයේ විහාරස්ථානයකට ගිය පාසල් සිසුවෙකුට සහ සිසුවියකට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමි විසින් අමානුෂික ලෙස පහරදී ඇති බව අදාළ සිසුවාගේ දෙමව්පියන් චෝදනා කරයි. ඒ හේතුවෙන් එම සිසුවාට මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පවා පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද පැවසෙයි. මේ අතර සිද්ධියට සම්බන්ධ භික්ෂුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සූදානමින් සිටි වැලිගම ප්‍රදේශයේ පිහිටි පාසලක අධ්‍යාපනය ලබන සිසුවෙක් පසුගිය 25 වනදා විභාග අයදුම් පත්‍ර සඳහා අත්සන් තැබීමට යැයි පවසා නිවසින් පිටව ගොස් තිබුණි. පසුව සිසුවා උපකාරක පන්තියකට සහභාගීවන බව…
මෙරටට පැමිණෙන සංචාරකයින්ට වීසා පහසුකම් සැලසීමට පෞද්ගලික සමාගමකට අවස්ථාව ලබාදීමෙන් මෙරට සංචාරක ව්‍යාපාරයට බලපෑමක් එල්ල වන බවට සංචාරක නියෝජිත ආයතන සම්මේලනය ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබේ. ලිපියක් යොමු කරමින් ඔවුන් අවධාරණය කරන්නේ නව ක්‍රමවේදය යටතේ වීසා ගාස්තු ඉහළ දැමීම නිසා ශ්‍රී ලංකාව දැන් ආසියාවේ ඉහළම වීසා ගාස්තු රට බවට පත්වී ඇති බවය. 1949දී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සංචාරකයින්ට වීසා පහසුකම් ලබාදීම සිදුකෙරුණේ සාමාන්‍ය පරිදි ලිපි ලේඛන පරීක්ෂා කිරීමෙනි. 1949 සිට 2012 වසර දක්වා රටවල් කිහිපයකට හැරුණු විට ලංකා රජය සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය කළේ නැත. නමුත් 2012 දී ETA හෙවත් ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය නම් ක්‍රමවේදය හඳුන්වා…
උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. පසුගිය දිනවල එම ප්‍රදේශවලට බලපෑ අධික වර්ෂාපතනය හේතුවෙන් එම තත්ත්වය හට ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය. ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ මේ වනවිට නායයෑම් තත්ත්වයක් සක්‍රීය වෙමින් පවතින අතර පවතින තත්ත්වය හමුවේ එම ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පිරිසක් අදාළ ප්‍රදේශයේ සංචාරයක ද නිරත විය. එහිදී නායයෑමේ තත්ත්වය සක්‍රීය වී ඇති බව ද ඔවුන් ප්‍රකාශ කළ අතර එසේවීමට බලපෑ කරුණු සම්බන්ධයෙන්…