Author: LFN
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් ‘මන්නා රමේෂ්’ දිවයිනට රැගෙනවිත් තිබේ. අද (07) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු ඩුබායිහි සිටි දිවයිනට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර තිබූ මන්නා රමේෂ් නැමැත්තාව පසුගියදා ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට මන්නා රමේෂ්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. අවිස්සාවේල්ල ප්‍රදේශය මුලික කරගෙන ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීමේ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර පසුගිය කාලයේ සිදුවූ…
ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා එළැඹෙන මැයි මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. ඊට අදාළ නඩුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුන්නේය. මේ අතර ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරතකර සිටි එක් සැකකරුවෙකු ඊයේ ඇප මත මුදාහැර තිබුණි. මෙලෙස ඇප මත නිදහස් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතාය.
විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට ඊයේ (06) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී තීරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එමෙන්ම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයූ වීසා සේවාව එසේම ක්‍රියාත්මක වෙයි. මෙරටට විදේශිකයෙකු ඇතුල්වීමේදී අදාළ වීසා නිකුත්කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු බව ද රජය අවධාරණය කර ඇත. සංචාරක කර්මාන්තයේ සාර්ථක ප්‍රගතියක් මේ වනවිට රට තුළ ඇති වී තිබෙන බැවින්, විදේශිකයෙකු මෙරටට පැමිණිමේදී නිකුත් කරන වීසා බලපත්‍රයක උපරිම ගාස්තුව ඩොලර් 50ක…
තෙඹුවන බේගමුව ප්‍රදේශයේදී හිටපු යුද හමුදා සාමාජිකයෙකු පැහැරගෙන ගොස් පොලුවලින් පහර දී ඝාතනය කර ඇත. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 51 හැවිරිදි වියේ පසුවූ හිටපු යුද හමුදා සැරයන්වරයෙකි. පුද්ගලයින් දෙදෙනෙකු විදෙස්ගතකරන බවට පොරොන්දුවී රුපියල් ලක්ෂ 8ක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට සැකපළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට එක් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ වංචාවට හසුවූ බව කියන පුද්ගලයින් දෙදෙනා තවත් අයෙක් හා එක්ව මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකපළ කරයි.
ඊජිප්තුව සහ කටාර් රාජ්‍යයෙන් ඉදිරිපත් කරන ලද සටන් විරාම යෝජනාව පිළිගත් බව හමාස් සංවිධානය ප්‍රකාශයට පත්කර තිබේ. එම සංවිධානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇත. හමාස් නායක ඉස්මයිල් හනියේ, මෙම යෝජනාව පිළිගත් බවට කටාර් අග්‍රාමාත්‍යවරයා සහ ඊජිප්තු බුද්ධි අංශ ප්‍රධානියා වෙත දැනුම්දී ඇති බවද එම වාර්තා සඳහන් කරයි.
ඉදිරි දිනවලදී හෙටින් (08) පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාරත්මේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (07) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 පමණ තරමක…
ආශිර්වාද ලබාගැනීම සඳහා දේවාලයක් වෙත ගිය බළන්ගොඩ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකු එක්වරම ඇදවැටී මියගොස් ඇති බවට වාර්තා වෙයි. මෙලෙස මියගොස් ඇත්තේ අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි පාසල් ශිෂ්‍යයෙකි. හරනාත් රංජිත් කුමාර නමැති එම පාසල් සිසුවා බළන්ගොඩ මාරතැන්න ප්‍රදේශයේ පිහිටි දේවාලයක් වෙත අද උදෑසන ගොස් තිබුණි. එහිදී ක්ලාන්ත වී ඇදවැටුණු දරුවා මාරතැන්න වතු රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් පාසල් සිසුවා මියගොස් ඇති බවට වාර්තාවෙයි. පශ්චාත් මරණ පරීක්ෂණය බළන්ගොඩ රෝහලේදී සිදුකිරීමට නියමිත අතර බළන්ගොඩ පින්නවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබේ. ග්‍රාම නිලධාරි 3 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත ත්‍රෛමාසික පුහුණුව සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 1,942 දෙදෙනෙකුගේ නාම ලේඛනය එලෙස ප්‍රසිද්ධ කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කරයි. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ www.moha.gov.lk නිල වෙබ් අඩවියේ එම නාම ලේඛනය පළ කර තිබේ. ග්‍රාම නිලධාරී නව පත්වීම් නාම ලේඛනයේ සිටින සියලුදෙනාට මැයි මස 08 වන බදාදා උදෑසන 10.30ට අරලියගහ මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ්…
ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අනාවරණය කරයි. අද (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම අනාවරණය කරමින් ඔහු කියා සිටියේ, මෙම කරුණු සඟවමින් වැටුප් වැඩි කරගත් මහබැංකු අධිපතිවරයා සහ පාලනාධිකාරිය ඉල්ලා අස්විය යුතු බවය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ගම්මන්පිල මහතා, “ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 වසරේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 114ක්. 2022 වසරේ ශුද්ධ අලාභය බිලියන 374ක්. යම් ආයතනයක් දිගින් දිගටම පාඩු ලබනවා නම් ඒ ආයතනයේ සේවකයින්ගේ වරප්‍රසාද කප්පාදු කරනවා. ප්‍රසාද දීමනා නවත්වනවා. වැටුප් වැඩි කිරීම් අත්හිටුවනවා. ඒත් මහ බැංකුව ලංකා…
රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරත විය. එහිදී ඇතිවූ නොසන්සුන්තාව අතරතුර විරෝධතාකරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.