Author: LFN

හිටපු යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකු සහ හිටපු යුද හමුදාවේ සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ඔවුන් කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවය. රුසියාවේ සහ යුක්‍රේනයේ කුලී හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා සාමාජිකයින් යොමු කිරීමේ ජාවාරමට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඒ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළව ඒ මහතා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදුන්නේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් එම දේපොළ තහනම් කර ඇත. මෙලෙස තහනමට ලක්කර ඇති දේපොළවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 120ක් පමණ වන බව පොලීසිය පවසයි. පොලීසිය පවසන්නේ එම දේපොළ අතර ගාල්ල දඩල්ල ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැගිල්ලක් සහ අක්මීමන ප්‍රදේශයේ අක්කර එකහමාරක තේ සහ ගම්මිරිස් ඉඩමක් අයත් බව සඳහන්. පොලීසිය පවසන්නේ ඉදිරියේදී මෙම දේපොළ සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවය.

Read More

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුවේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන ඉංජිනේරුවන් වන පුණ්‍යා ශ්‍රී කුමාර ජයකොඩි සහ මයුර චන්දන නෙත්තිකුමාර පෙත්සම ඉදිරිපත් කර තිබුණි. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ද නම්කර තිබේ. පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පත තුළින් විෂයභාර අමාත්‍යවරයාට අසීමිත බලයක් පවරා දී තිබෙන බවයි. මේ නිසා විෂයභාර අමාත්‍යවරයාට අත්තනෝමතික තීන්දු තීරණ ගැනීමට අවස්ථාව සැලසෙන අතර එය විදුලිබල මණ්ඩලයේ පැවැත්මට යහපත් නොවන බවත් පෙත්සම්කරුවන් සඳහන් කළේය. එමෙන්ම යෝජිත පනත් කෙටුම්පත හරහා විදුලි ගාස්තු අත්තනෝමතික ආකාරයට…

Read More

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාගේ නම යෝජනා කර මැතිවරණ කොමිසමට යැවීමට නියමිත බව වාර්තා වේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ බව පැවසීය.

Read More

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් නමැත්තාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ යතුරුපැදියක් සොයාගැනීමට හැකිවූ බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පැවසීය. එම සැකකරුගේ අවිස්සාවේල්ල, යාලගම, නාපාවෙල නිවසේ සඟවා තිබියදී එම අත්බෝම්බය සහ යතුරුපැදිය හමුවී තිබිණි. අත් බෝම්බය නිවස තුළ වළ දමා තිබියදී සොයා ගෙන ඇති අතර යතුරුපැදිය සොයාගෙන ඇත්තේ නිවස පිටුපස සඟවා තිබියදීය. බස්නාහිර පළාත් දකුණ දිසාව, අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර මහතාගේ අත්සනින් යුතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් සැකකරුව අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සිදුකෙරෙයි. අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9/1 වගන්තිය…

Read More

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Read More

රඹුක්කන ,කඩිගමුව ,ලබුයගාල්වත්ත ප්‍රදේශයේ හෝටලයක සේවකයකු එහි නාන තටාකයට වැටී මියගොස් ඇතැයි පොලීසිය කියයි. අවුරුදු 37ක් පමණවන මෙම පුද්ගලයා පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රඹුක්කන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read More

විදුලිය නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් 2022 සිට 2024 දක්වා රතු බිල් තුන් කෝටියකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. විදුලිය බිල් කලට වේලාවට නොගෙවීම හේතුවෙන් දහතුන් ලක්ෂ අටදහස් අටසිය හැත්තෑ එක් දෙනකුගේ විදුලිය විසන්ධි කර ඇතැයිද ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පත් කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එක් ලක්ෂ විසි හය දහස් අට දෙනකුගේ ගිණුම් අවසන් කර ඇති බවත් දහනව ලක්ෂයක් නව විදුලි සබඳතා ලබාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. රටේ විදුලිය පාරිභෝගිකයන් හැත්තෑ දෙලක්ෂයක් සිටින බවද කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය.

Read More

අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 68 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ. තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළහ. ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තේය. චමරි අතපත්තු ලකුණු 102යි. පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 101ක් පමණයි. උදේෂිකා ප්‍රබෝධනී ලකුණු 13කට කඩුලු 3ක් දවා ගත්තාය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 68කින් තරගයේ…

Read More