Author: LFN
සුඛෝපභෝගී වර්ගයේ වාහන 1,728ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බරපතළ රේගු වංචාවක් සිදුවී ඇති ආකාරයක් පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබේ. ඒ, 2011 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ රජයේ නිලධාරින් වෙනුවෙන් නිකුත් කරන ලද තීරු බදු සහන බලපත්‍ර යටතේ ගෙන්වූ වාහන සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා රේගුව විසින් සිදු කරනු ලබන අදාළ විමර්ශනය අභියෝගයට ලක් කරමින් පුද්ගලික සමාගමක් විසින් ගොනු කළ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ එකඟත්වය සහිතව අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් මෙම තීන්දුව ලබාදුනි.
පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පිරිමි දරුවෙකු දින 4ක සිට අතුරුදන්වී ඇති බවට වාර්තා වෙයි. මෙලෙස අතුරුදන්වී ඇත්තේ පන්නිපිටිය ,ඇරැව්වල ,කොස්ගහහේන ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි කලණ මිහිරංග නම් පිරිමි දරුවෙකි. මීට වසරකට පෙර හටගත් හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් මව මියයෑමෙන් පසුව කලණ මෙම නිවසේ වාසය කර තිබුණේ සිය පියා සහ නැගණිය සමගය. කලණ ඔටිසම් රෝගයකින් පෙළුණු අතර කලණගේ පියාද රෝගී තත්ත්වයකින් කලක සිට පීඩා විඳිමින් සිටින අයෙකි. මෙවන් පසුබිමක, ඉකුත් 5 වනදා රාත්‍රියේ කලණගේ පියාගේ රෝග තත්ත්වය උත්සන්න වී තිබේ. එහිදී කලණගේ නැගණිය පියා රෝහල්ගත කිරීම සඳහා අසල්වාසී කාන්තාවක් සමග ගොස් ඇති අතර, නිවසේ සිට තිබුණේ කලණ පමණය. පියා…
ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක් දේශපාලන පක්ෂයක ලේකම්වරයෙක් ලෙස සිටිය හොත් නීතිමය තත්ත්වය කෙසේද ? යන ප්‍රශ්නයට මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කළේය. “දේශපාලන පක්ෂවල නිලධාරීන් ශ්‍රී ලාංකික පුරවැසියන් ද යන්න පරීක්ෂා කිරීමට අවශ්‍යතාවයක් මැතිවරණ කොමිසමට ඇතිවෙලා නැහැ. ඒක අවශ්‍යයි කියලා නීතිමය සඳහනකුත් නැහැ. ඔය තත්ත්වය යටතේ ඩයනා ගමගේ මහත්මිය ලේකම් ධුරය දැරීම සමගි ජන බලවේගය පක්ෂය පිළිගැනීමේ නිත්‍යානුකූල භාවයට කිසිම බාධාවක් වෙනවා කියලා මම හිතන්නේ නැහැ.”
මත්ද්‍රව්‍ය ආරවුලක් මුල්කරගෙන ගාල්ල තොටගොඩ කුරුන්දකන්ද ප්‍ර දේශයේ තිදරු පියෙකු නිවස තුල නිදාගෙන සිටියදි අද (09) කඩුවකින් පහරදි ඝාතනය කොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කොට ඇත්තේ අක්මිමන තොටගොඩ කුරුන්දකන්ද ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි වියේ පසුවන හික්කඩුව කෝරලගේ ප්‍රසන්න කුමාර නොහොත් හිච්චිමල්ලි නැමිත අනුවර්ත නාමයෙන් හදුන්වන අයෙකි. මෙකි ඝාතනයට සම්බන්ද සැකකාර පුද්ගලයා විසින් ඝාතනයට ලක්වු පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයාටද කඩුවෙන් පහරදි ඇති අතර ඔහු තුවාල ලබා ගාල්ල කාරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බව පොලිසිය පවසයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (09)නියෝග කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම අද (09) කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබීය. එහිදී නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ දිසා විනිසුරුවරයා නඩුව නැවත ලබන 29 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන, ජ්‍යේෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, උප සභාපති වූ ෆයිසර් මුස්තාපා ඇතුළු පිරිසක් නම්…
මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට 3%ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (09) උදෑසන හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා එහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව කියා සිටියේය. ආර්ථික වර්ධනය පිළිබඳව විවිධ දේශීය සහ විදේශීය ,මුල්‍ය ආයතන ද ඒ හා සමාන පුරෝකථන ඉදිරිපත්කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. මේ වන විට රටේ උද්ධමනය 1.5%ක අගයකට පහළ වැටී ඇති අතර වසර ගණනක් තිස්සේ හිඟයක් ලෙස පැවති ප්‍රාථමික ගිණුමේ ශේෂය, 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.6ක අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකිවී තිබෙන බවත්, දශක ගණනාවකට පසුව ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් 2023 වසරේ ඇතිව තිබෙන…
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසි කිරීමකදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් ඩුබායි සිට මෙම දුම්වැටි තොගය ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බවය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 5කට ආසන්න බව පොලීසිය පවසයි.
අහුංගල්ල ප්‍රදේශයේ නිවසකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ කීර්ති සේනා අබ්‍රේව් නැමති 56 හැවිරිදි පුද්ගලයෙකි. අහුංගල්ල බෝගහපිටිය ප්‍රදේශයේ සිය නිවසේ සිටියදී ඔහුට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණි. ඊයේ රාත්‍රි 7.45ට පමණ නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. වෙඩි ප්‍රහාරයෙන් හිසට සිදුවූ බරපතළ තුවාල සහිතව ඔහුව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
කොට්ටාව පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්ෂ 2ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය පවසන්නේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු බවය.