Author: LFN

ගරු ජනපති තුමා විසින් සැලසුම් කරන ලද සංචාරක වයාපෘති යටතේ නුවරඑළිය නව නගර සංවර්ධන සැලැස්ම හේතුවෙන් ඉඩම් මිල සීග්‍රයෙන් ඉහල ගොස් ඇති අතර ඉදිරියේදී සින්නකර ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙල අනුව ඉහල ජනතා ප්‍රසාදයක් හිමිකරගැනීමට සමත්ව ඇත.වසර ගණනාවක් කිසිදු රජයක් විසින් ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම නිසා නුවරඑළිය බොහෝ සංචාරක ආකර්ශනීය ස්ථාන සංවර්ධනය නොවී පවතී . පසුගිය වසන්ත සැණකෙළිය අවස්ථාවේදී ගරු ජනාධිපතිවරයා ගේ මෙහෙයවීම මත විවිධ සංචාරක ක්‍රමෝපායන් දියුණු කිරීමද ආරම්භ කර ඇත.නුවරඑළිය පරිසරයට ආරක්ෂක කරගැනීමට වත්මන් හිමිකරුවන් වෙත සින්නකර ඔප්පු ලබාදීමේ මුලික කටයුතු නිමාවී ඇත. එහිදී නුවරඑළිය නගරය තුල පර්චසයක් ලක්ෂ 25 ත් 30 අතර ප්‍රමාණයට වඩා මිල ඉහල යනු ඇතිබව ප්‍රදේශවාසීන්…

Read More

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යවරයා අදහස් පළ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එම ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක දරුවන්ට අසාධාරණයක් සිදුනොවීමට වගබලා ගන්නා බවය. එමෙන්ම විද්‍යාව ප්‍රශ්නපත්‍රය සැකසු පිරිස රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට කටයුතු කරමින් සිටින බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේය. “විද්‍යාව ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් සහ බහුවරණ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්නය ඇති වූ වේලාවේ සිට ඒ ප්‍රශ්නපත්‍රය සකස් කළ අය රැස්වෙලා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. ඒ වගේම විභාග කොමසාරිස්වරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක්…

Read More

දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් සිදුකර තිබෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරි සති දෙක තුළ ගොනුකිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නීතිපතිවරයාට නියම කළේය. බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු පවරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සර්ව ආගමික නායකයින් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේ දී අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය.

Read More

කොළඹ බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් අද (13) පැවැත්වූ උද්ඝෝෂණයක් විසුරුහැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ. වසර 08ක් පුරා පවතින වැටුප් කප්පාදුව, මාසික හිලව් දීමනාව වැනි ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම උද්ඝෝෂණය පවත්වා තිබුණි. දවස් 12ට පෙර සිට සියලු විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කළේය. එම වැඩ වර්ජනයට සමගාමීව අද උදෑසන සිට මෙම විරෝධතාව පවත්වා ඇත.

Read More

කුලී ගමන් යන මුවාවෙන් ත්‍රීරෝද රථවලට නැඟ ගොස් රියදුරන් බිය ගන්වා කොල්ලකෑම් සිදුකළ පුද්ගලයෙකු අඟුලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලී‍සිය පැවසුවේය. සැකකරු ත්‍රීරෝද රථ 02ක්, ජංගම දුරකථන 02ක් සහ මුදල් කොල්ලකෑමේ සිද්ධි කිහිපයක් සිදුකර ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

කැරට් කැබැල්ලක් උගුරේ සිරවීමෙන් සිඟිත්තෙකුට දිවි අහිමි වූ පුවතක් සාලියවැව ප්‍රදේශයෙන් වාර්තා වේ. එලෙස මියගොස් ඇත්තේ, සාලියවැව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුද්දයි මාස 7ක් වූ සවීන් දුල්සඳ නැමති පිරිමි දරුවෙකි. මව ආහාර පිසමින් සිටින අවස්ථාවේ මියගිය දරුවාගේ සහෝදරිය වූ අවුරුදු 4ක් වූ පුංචි දියණිය විසින් මල්ලීට කැරට් කැබැල්ලක් ලබාදී ඇත. එම කැරට් කැබැල්ල දරුවාගේ උගුරේ සිරවී ඇති අතර, පසුව මව සහ පියා එක්ව කැරට් කැබැල්ල පිටතට ගැනීමට උත්සාහ දරා ඇති තිබේ. එය සාර්ථක නොවීම හේතුවෙන් 1990 ගිලන්රථයකින් වහාම දරුවාව නොච්චියාගම රෝහල වෙත රැගෙන ගොස් තිබිණි. පසුව දරුවාගේ තත්ත්වය බරපතළ බැවින් අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇත. අනුරාධපුර…

Read More

කල්පිටිය, ආලන්කුඩා ප්‍රදේශයේ නිවසක නීතිවිරෝධී ලෙස ළඟ තබාගෙන සිටි පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ‍ලැබුණු තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පුත්තලම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව පසුගිය 11 වනදා සිදුකළ සොදිසි මෙහෙයුමක දී රත්‍රං බවට සැකකෙරෙන මෙම පුරාවස්තුන් සොයාගෙන තිබුණි. පොලීසිය පැවසුවේ මෙම පුරාවස්තු නිවසේ සූක්ෂමව සඟවා තිබීය දී සොයා ගත් බවය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි කල්පිටිය ඒත්තාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සහ පුරාවස්තු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදී තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ පළාත්වල අද (12) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය…

Read More

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර භාවිත කර කටුනායක ගුවන් තොටුපොළින් කැනඩාව බලා යෑමට උත්සාහ කළ පුද්ගලයින් දෙනෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොළ නිලධාරීන් විසින් ය. සැකකරුවන්ට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකස් කර දුන් යාපනයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු ද මීගමුවේදී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

රුසියානු – යුක්‍රේන යුද්ධයේ කුලී හමුදාවන්ට එක්වී සිටි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ කොට්ඨාසය ඒ බව පවසයි. මේ අතර රුසියාවට ගිය තවත් විශ්‍රාමික සෙබළුන් දෙදෙනකු අතුරුදන්වී ඇති බවට ඊයේ (11) වාර්තා විය. ඥාතීන් පවසන්නේ, මාර්තු 29 වනදා සිට ඔවුන්ගෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවූ බවය. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වූ පදවිය ප්‍රදේශයේ පදිංචි අසංක චන්දන මහතාද පසුගිය පෙබරවාරි මස 12 වනදා රුසියාව වෙනුවෙන් යුද වැදීම සඳහා රුසියාවට ගොස් තිබුණි. ‍ඔහු සිය නිවැසියන්ට අවසන් දුරකථන ඇමතුම ලබාදී තිබුණේ පසුගිය මාර්තු මස 29 වනදාය. එදින සිට මේ…

Read More