Author: LFN
කෘත්‍රීම බුද්ධිය සහ බෞද්ධ දර්ශනය අතර පවතින සම්බන්ධතාවය පිළිබඳ පර්යේෂණ කිරීමට රුපියල් බිලියනයක මුදලක් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා බෞද්ධ සමිතියට සිය වසරක් සපිරීම නිමිත්තෙන් ඊයේ (11) පැවති සැමරුම් උලෙළට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ කෘතිම බුද්ධිය ආශ්‍රිත ක්‍රියාකාරකම් පාලනය කිරීමට නව නීති ගෙනඑන බවය. එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “ඉරාන්ගේ ඉල්ලීමටයි මම අද ආවේ. අපිට දැන් අනාගතය ගැන සිතන්න වෙනවා. බුද්ධ දේශනයට අනුව අනාගතය දිහා බලද්දි ප්‍රධාන කරුණු දෙකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දේශගුණික විපර්යාසවලට මුහුණ දෙන්න සිදුවෙනවා. මේ මාසයේ උණුසුම පෙර නොතිබුණ තත්ත්වයක්. කොහොමද ඒකට මුහුණ දෙන්නේ. මේ ප්‍රශ්නය ඇතිවුණේ ශිෂ්ඨාචාරයේ…
කුලියාපිටියේ සුසිත් ජයවංශ නමැති තිස් හැවිරිදි තරුණයාව ඝාතනය කර ඇත්තේ, ඔහුගේ පෙම්වතිය බව කියන 17 හැවිරිදි තරුණිය ගැබ් ගැනීමෙන් අනතුරුව ඔහු එය ප්‍රතික්ෂේප කිරීම නිසා බව මේ වනවිට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පොලීසියට පවසා තිබේ. එමෙන්ම ඝාතනය කිරීමට පෙර දින රාත්‍රියේදී ද අදාළ තරුණියගේ පියා විසින් ඔහුව නිවසට කැඳවා ඇති බවත් එහිදී ඝාතනය කිරීමට නොහැකි වී ඇත්තේ, ඔහු තවත් තරුණයන් දෙදෙනෙකු සමග පැමිණීම හේතුවෙන් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මේ වනවිට අත්අඩංගුවේ පසුව සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ, අදාළ තරුණාව, පෙම්වතියගේ නිවසේදී ඝාතනය කිරීමෙන් පසුව මළසිරුර හලාවත, මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිත වනාන්තරය අසලට ගෙනවිත් ලීයක ආධාරයෙන් කර තබාගෙන කැලය…
විභාග අක්‍රමිකතා කිහිපයක් වාර්තා වුවත් ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි. විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. ප්‍රශ්න පත්‍රයක රහස්‍ය භාවය ලෙස සැලකෙන්නේ විභාගය ආරම්භ වී පළමු පැය භාගය තුළ බව ද සඳහන් කළ විභාග කොමසාරිස් ජනරාල්වරයා තමාට ලැබී ඇති කරුණු මත විභාගයට පෙර සංසරණය වීමක් පිළිබඳ වාර්තා නොවන බව සඳහන් කළේය. “දැනට තියෙන කරුණු අනුව කිසිදු තැනක විභාග ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවීමක් හෝ සංසරණය වීමක් වාර්තා වෙන්නේ නෑ. මේ සිදුවීම් සිද්ධවෙන අවස්ථාවේ දී මේ අපේක්ෂකයින් සියලුදෙනා විභාගය ලියමින් සිට ඇති අතර, ඒ වනවිට පැයකට වැඩි කාලයක් ගතවූවාට පසුව…
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක. දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත. මේ අතර, අද (11) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.…
ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වර්ෂයකට බිලියන 80ක් පමණ මුදලක් අවශ්‍ය වන බවත් මීට පෙර එසේ ලබාදුන් මුදල් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 105ක් ණයක් ගෙවීමට ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් හා සංවේදීව කටයුතු කරන බවත්, විවිධ වයස් තලයන්ගේ පොලි ප්‍රතිශතයන් පිළිබඳව ලැබෙන විවිධ ඉල්ලීම් සියල්ලම සලකා බලා මේ ගැන විශ්ලේෂණයක් සිදුකරන බව ද රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. රට තුළ මේ මොහොතේ පවතින මුදල් ප්‍රවාහ පිළිබඳවද සැලකිලිමත් වෙමින් ඒ අනුව පැහැදිලි වාර්තාවක්…
පාතාල කල්ලි නායක හැරල්ඩ් රෝහණ ද සිල්වා නොහොත් ගොනාකෝවිලේ රොහා නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදුන් පොලිස් පරීක්ෂකවරයා, රොහාගේ ප්‍රතිවාදියෙකු වන කුඩු අංජු නැමැත්තාගෙන් රුපියල් ලක්ෂ 350ක මුදලක් ලබාගෙන ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟිනි. 2020 වසරේ සැප්තැම්බර් මස 24 වනදා පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකදී පාතාල කල්ලි නායක හැරල්ඩ් රෝහණ ද සිල්වා නොහොත් ගොනාකෝවිලේ රොහා ජීවිතක්ෂයට පත්වුණි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය එම ස්ථානයට ගොස් තිබුණේ පද්මලාල් නමැති පොලිස් පරීක්ෂකවරයාගෙන් ලද තොරතුරකට අනුවය. එවන් පසුබිමක එම පද්මලාල් නමැති පොලිස් පරීක්ෂකවරයා සහ මියගිය රොහාගේ ප්‍රධානතම ප්‍රතිවාදියෙකු වන ඇල්ටෝ ධර්මේ නමැත්තා අතර…
වෙඩිවැදීමෙන් බලපිටිය රෝහලට ඇතුළත් කළ පුද්ගලයා මියගිය ගොස් තිබේ. අහුංගල්ල, මරදාන ප්‍රදේශයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩිතැබීමෙන් 54 හැවිරිදි අයෙක් තුවාල ලබා බරපතළ තත්ත්වයෙන් මේ වනවිට බලපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. මිදුලේ දී තුවාලකරු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර, උණ්ඩ කිහිපයක් ඔහුගේ උදරයට එල්ල වී ඇතැයි පොලීසිය පැවසීය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමි පුරුෂයා වන, අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපති සේනක ද සිල්වා මහතා ඊයේ (10) කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි. එහිදි ඔහු පැවසුවේ සමගි ජන බලවේගය පක්ෂයේ බලය ඔවුන් ලබා ගන්නා බවයි. කිසිදුවිටක දී සමගි ජන බලවේග පක්ෂයේ ලකුණින් සජිත් ප්‍රේමදාස ට මැතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ නොදෙන බවත් ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු ඉදිරියේ දී සිදුකරන බවත් ඒ මහතා පැවසීය. “මේ පක්ෂයේ නායකයා හැටියට මම හිටියා. මම කිව්වා මම ඉල්ලා අස්වෙන්නම් කියලා. මම ඔබට නායකත්වය දෙන්නම් කියලා සජිත්ට කිව්වා. සභාපති ලෙස මම අත්සන් කරලා තියෙනවා. ලේකම් හැටියට ඩයනා මහත්මිය අත්සන් කරලා තියෙනවා. ඊට යටින්…
පාර්ලිමේන්තු අසුන අහිමි වූ ඩයනා ගමගේ මහත්මිය ඊයේ (09) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි. රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය (08) තීන්දු කළේය. මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි. එවන් පසුබිමක මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළේ, “මගේ දේශපාලනය මෙතැනින් නවතින්නේ නැහැ. වැඩිකල් යන්න කලින් මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ඉදිරි දේශපාලනයට මම අනිවාර්යයෙන්ම එනවා.” “ජනාධිපතිතුමාගේ සහයෝගයට මම හැමදාම ඉන්නවා. කොටලුවෝ හැංගෙච්ච වෙලාවේ රනිල් වික්‍රමසිංහ තමයි මේ රට භාර ගත්තේ.” “මේ තීරණය…
අද (10) දිනයේ දිවයිනේ බොහෝ පළාත්වල සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පෙන්වා දෙයි. මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, මන්නාරම, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි ඇති වෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.