Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පාතාල රොහාගේ මරණයට පොලීසියේ සම්බන්ධයක් ?
    Local News

    පාතාල රොහාගේ මරණයට පොලීසියේ සම්බන්ධයක් ?

    By LFNMay 11, 2024No Comments2 Mins Read167 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාතාල කල්ලි නායක හැරල්ඩ් රෝහණ ද සිල්වා නොහොත් ගොනාකෝවිලේ රොහා නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදුන් පොලිස් පරීක්ෂකවරයා, රොහාගේ ප්‍රතිවාදියෙකු වන කුඩු අංජු නැමැත්තාගෙන් රුපියල් ලක්ෂ 350ක මුදලක් ලබාගෙන ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟිනි.

    2020 වසරේ සැප්තැම්බර් මස 24 වනදා පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකදී පාතාල කල්ලි නායක හැරල්ඩ් රෝහණ ද සිල්වා නොහොත් ගොනාකෝවිලේ රොහා ජීවිතක්ෂයට පත්වුණි.

    සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය එම ස්ථානයට ගොස් තිබුණේ පද්මලාල් නමැති පොලිස් පරීක්ෂකවරයාගෙන් ලද තොරතුරකට අනුවය.

    එවන් පසුබිමක එම පද්මලාල් නමැති පොලිස් පරීක්ෂකවරයා සහ මියගිය රොහාගේ ප්‍රධානතම ප්‍රතිවාදියෙකු වන ඇල්ටෝ ධර්මේ නමැත්තා අතර සිදු වූ බව කියන දුරකථ න සංවාදයක් “මාධ්‍ය” වෙත ලැබුණි.

    රොහා අත්අඩංගුවට ගැනීමට පෙර ගිනිඅවි දෙකක් පද්මලාල් නමැති පොලිස් නිලධාරියාගේ සමීපතමයෙකු වෙත ඇල්ටෝ ධර්මේ නමැත්තා ලබාදී ඇතැයි යන කරුණක් සම්බන්ධයෙන් මෙහි තොරතුරු හුවමාරු වී තිබේ.

    මේ අතර, ගොනාකෝවිලේ රොහා පොලිස් වෙඩි පහරින් මියයාමෙන් පසු පොලිස් පරීක්ෂක පද්මලාල් බවට පැවසෙන පුද්ගලයා, ඇල්ටෝ ධර්මේගෙන් රුපියල් ලක්ෂ 350ක් ලබාගත් බවට පැවසෙන දුරකථන සංවාදයක් ද අපට හමුවුණි.

    පොලිස් පරීක්ෂක පද්මලාල් නැමැත්තා හා රොහාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ කුඩු අංජු නැමැත්තා අතර ද සිදුවූ බව කියන දුරකථන සංවාදයක් අතරතුර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම ද කියැවෙන අයුරු තවත් හඬ පටයකින් හමුවුණි.

    කුඩු අංජු – “සර් මම අංජු. හෙලෝ”

    පොලිස් පරීක්ෂක පද්මලාල් බව පවසන පුද්ගලයා – “ඔව් අංජු මල්ලි. ඔව් මල්ලි කියපන් ඇහෙනවා. මේ මල්ලි දැන්. බස්නාහිර පළාත් SDIG මගේ ඥාතී හරිද. දේශබන්දු තෙන්නකෝන් මහත්තයා. උඹට මම කෙලින්ම සම්බන්ධ කරලා දෙන්නම් මහත්තයාව. උඹලගේ ඔය ගෙනියලා ඉන්න අනිත් එවුන්වත් මිරිහානේ අරහේ මෙහෙ මම කතා කරලා මම ඒක දෙනවා.”

    මෙම දුරකථන සංවාදවලදී තමන්ගේ නම භාවිත කරමින් පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් මුදල් ලබාගන්නා පද්මලාල් නැමැති පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලිඛිතව පැමිණිලි කර තිබේ.

    ඒ අනුව සිදුකළ විමර්ශන සඳහා අදාළ පොලිස් පරීක්ෂකවරයාට අවස්ථා දෙකකදී කට හඬ පරීක්ෂා කිරීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැමිණෙන ලෙස අධිකරණය මඟින් දැනුම් දුන්නද ඔහු ඒ සඳහා ගොස් නැහැ.

    එවන් පසුබිමක ඔහු අද ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා මාර්ගයෙන් අපේක්ෂිත ඇප අයදුම්පතක් කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත යොමු කළේය.

    එහිදී අධිකරණය නියෝග කළේ පොලිස් පරීක්ෂක පද්මලාල් එළැඹෙන 16 වනදා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් හඬ පරීක්ෂාව සඳහා ඉදිරිපත් විය යුතු බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.