Author: LFN

සිය ඉල්ලීම් ලබාදීම ප්‍රමාද කිරීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. එහි සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා පවසුවේ, විශ්වවිද්‍යාල තුළ ස්වේච්ඡාවෙන් කටයුතු කරන සියලුම සේවාවලින් ඉවත් වීමේ ඒකමතික තීරණයකට එළඹී ඇති බවය. “විශේෂයෙන්ම ජලය හා විදුලිය සැපයීම අපි සම්පූර්ණයෙන්ම නතර කරනවා. ඒ වගේම අන්තර්ජාල පහසුකම් සැපයීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. මේ බිඳ වැටීම් එක්ක විශ්වවිද්‍යාල පද්ධතියේ බොහෝ දේවල් නතර වේවි. ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ රසායනාගාර මට්ටමේ පවත්වාගෙන යන සාම්පල විනාශ වීම සම්බන්ධයෙන් වගකීම සම්පුර්ණයෙන්ම රජයේ බලධාරීන් දැරිය යුතුයි. මෙවැනි අපරාධයක් විශ්වවිද්‍යාල පද්ධතියට සිදුවන්නේ, මේ රජයේ ක්‍රියාකලාපය නිසයි. තවදුරටත් පාලනාධිකාරීය මඟහරිනවා…

Read More

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වී පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

මුල්ලවයික්කාල් සැමරුමට දමිළ දේශපාලඥයින් සහ දෙමළ ඩයස්පෝරාව සම්බන්ධ වෙමින් වාණිජමය තත්වයන් සදහා සහ වෙනත් වාසි සහගත තත්වයන් නිර්මාණය කර ගැනීමට කටයුතු කිරීම පිළිබදව උතුරු නැගෙනහිර දමිළ ජනතාවගෙන් මේ වන විට දැඩි විරෝධයක් මතුවෙමින් පවතින බවට වාර්තාවේ. දේශපාලකයන්ගේ උවමනාවට හා දෙමළ ඩයස්පොරාවේ මුදල් වලට සුළු පිරිසක් විසින් මෙම ව්‍යාජ සැමරුම සිදු කරන බවත් එයින් සැබෑ ඥාතීන් සිහි ගැන්වීමක් සිදු නොවන බවටත් සදහන් කරමින් දෙමළ ජනතාව මෙම සැමරුම ප්‍රතික්ෂේප කරමින් නැගෙනහිර පළාතේ ත්‍රීකුණාමලය ප්‍රදේශයේ මූතූර්,නිලාවේලි ප්‍රදේශයන්හි පෝස්ටර් ව්‍යාපාරයක් සිදු කර කර ඇත. එහි දි “දමිල ජනයාගේ කදුළු මතින් සැමරුම් කර ගොඩයන්න මාන බලන දේශපාලුවෝ පන්නා දමවු.” “ඩයස්පෝරාවේ න්‍යාය පත්‍රයට. දමිල ජනජීවිතය බිලි…

Read More

කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර දුම්රියේ වැටී තිබූ නවසීලන්ත ජාතකයකුට අයත් රුපියල් ලක්ෂයකට අධික මුදල්, බැංකු කාඩ් පත් රියදුරු බලපත් ඇතුළු අත්‍යවශ්‍ය ලියකියවිලි තිබූ මුදල් පසුම්බියක් අහුලාගත් දුම්රිය සේවකයෙකු නැවත එම විදේශිකයාට භාරදීමේ සිද්ධියක් මහනුවර දුම්රිය ස්ථානයේදී වාර්තා විය . කොළඹින් පිටත්වූ නගරාන්තර දුම්රියේ වැටී තිබූ එම මුදල් පසුම්බිය දුම්රිය සහාය තාක්ෂණ ශිල්පී වයි.එම්.ජී.එස්. සේනාරත්න මහතා විසින් අහුලා ගැනීමෙන් පසු එය දුම්රිය ආරක්ෂක නිලධාරීන්වන ඒ.ඩී. බණ්ඩාර සහ ඩී.එන්.ජී. මෙන්ඩිස් යන මහත්වරුන් මගින් මහනුවර දුම්රිය ස්ථානයේ දුම්රිය ආරක්ෂක අංශය කාර්යභාර නිලධාරී ඒ.ඒ.එස්. අමරකෝන් මහතා වෙත භාරදී තිබේ . නවසීලන්ත ජාතිකයාට අයත් එම මුදල් පසුම්බිය ඔහුට නැවත ලබාදීම මහනුවර…

Read More

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ පළාත්වලට අද (14) ප.ව. 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. දකුණ, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩිතද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

මහඔය, සමගිපුර ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ. ඊයේ (13) දහවල් කලායේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, සමගිපුර, මහඔය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි. ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 18ක් හා 23ක් වන සමගිපුර, මහඔය ප්‍රදේශයේ පදිංචි සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දැමීම සඳහා නව පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් අදාළ පනත් කෙටුම්පත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් වී ඇති අතර එමඟින් සෑම පිළිගත් දේශපාලන පක්ෂයකම කාන්තා නියෝජනය සියයට 30කට නොඅඩු ප්‍රතිශතයක් ඇතුළත් කිරීම සඳහා යෝජනා කර තිබේ. ඊට අමතරව විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා නම් කරනු ලබන ජාතික ලැයිස්තුවට සියයට 50කට නොඅඩු කාන්තා සාමාජිකයින් සංඛ්‍යාවක් ඇතුළත් කළ යුතු බවට වූ යෝජනාවක් පනත් කෙටුම්පතක්…

Read More

ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යාමේදී විදුලි සැර වැදීමෙන් පෙර පාසල් සිසුවියක මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු පහක පෙර පාසල් දැරියකි. මෘතදේහය බේරුවල රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුතර ශික්ෂණ රෝහලට යොමුකිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පයාගල පොලීසිය විසින් සිදුකරයි.

Read More

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ. ඩොනල්ඩ් ලූ මහතා ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එලෙස ඊයේ (13) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාව හමුවිය. මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල වෙනුවෙන් ජනාධිපතිවරයාගේ කැපවීම ඇගැයීමට ලක්විය.

Read More

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් තමා විසින් ඉල්ලූ කණ්ඩායම ලැබුණු බව ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග පවසයි. ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය. “නායකයා විදියට ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලපු කණ්ඩායම මට ඒ විදිහට ලැබුණා. ඇත්තටම ඒ අයටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ මට ඒ කණ්ඩායම ලබාදුන්න එකට. නායකයා නිදිහට මම මේ කණ්ඩායමත් එක්ක ගොඩක් සතුටින් මේ ලෝක කුසලාන යන්න ලෑස්ති. දවස් 10 කලින් අපි අමෙරිකාවට ගිහිල්ලා ඒ තණතීරුවලට හැට ගැහෙන්න තමයි අපි ඒ දවස් 10ය කලින් යන්න තීරණය කළේ ඉතින් අපි ඒ ගිහිල්ලා බලනවා තණතීරු USA ලීග් එකක් පැවැත්වුණා.…

Read More